Monday, July 17, 2017

සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය ~ මේ ආදරයයි ~ 54

සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය


මේ ආදරයයි



54.

විනාඩි පහකට විතර පස්සේ ගිහාන් ආයෙත් ආවා.

කාවින්ද... උඹ කියනවද නැද්ද දිලිනි ඉන්න තැන?”

මට ආයෙත් කියන්න දෙයක් නෑ... මම දන්නේ නෑ. බොරුවට මාව තියාගෙන ඉන්නේ නැතුව මට යන්න දීපං.”

උඹට යන්න දුන්නොත් මම ආයෙත් පරදිනවා. බෑ... බෑ .... ඒක කරන්න බෑ.”

උඹ පැරදිලා කියලා කව්ද කිව්වේ ගිහාන්..... උඹ ආදරේ කරපු කෙල්ල උඹට ආදරේ නෑ.... ඒකට උඹට කරන්න දෙයක් නෑ. දෙන්නෙක් ආදරේ කරනවා කියන්නේ දෙන්නාම දෙන්නට ආදරේ කරන්න ඕනේ... එහෙම නැතුව ඒ කෙල්ලව බලෙන් තියාගෙන උඹට ආදරේ ගන්න බෑ....”

මට හොඳින් හරි නරකින් හරි මේ කෙල්ලව ඕනේ. උඹට ඒකිව අයිති වෙන්න දෙන්න බෑ....”

මට තවත් කතා කරන්න දෙයක් තිබුණේ නෑ.... මේ වගේ මොඩයෙකුට කතා කරලා වැඩක් නෑ.

ඒත් එක්කම කාමරේ දොර ආයෙත් ඇරුණා. දිලිනිගේ තාත්ත‍ගේම වයසේ වගේ වැඩිහිටි පිරිමි කෙනෙක් කාමරේට ආවා.

ඒ මනුස්සයා ගිහාන්ට කතා කළා.

ගිහාන්... මොනවද මනුස්සයෝ මේ කරන පිස්සු වැඩ. යන්න දෙනවා මේ කොල්ලට...... තමුසෙට ඔළුව හොඳ නැද්ද මේ කොල්ලව උස්සන්න. ඒ ගෙදර මිනිස්සු පොලිසි ගියොත් තමුසෙට කූඩුවේ තමයි ඉන්න වෙන්නේ. ඉක්මන් තීරණ අරන් ජීවිතේ නාස්ති කර ගන්න එපා. යනවා එළියට... මම මේක බලාගන්නම්.”

ඒ ආපු කෙනා එහෙම කියලා මට කතා කළා.

මේක පාඩි වැරදීමක් පුතා. අයි ඈම් සොරි.... ඔයාට කරදරයක් වුනේ නෑ නේද මේ අපේ බූරුවාගෙන්?”

නෑ.... මිස්ටර්..... ප්‍රශ්ණයක් නෑ. දැන්වත් මට යන්න දෙනවද?”

හරි.... මම ගිහින් දාන්නම්....”

නෑ මට යන්න පුළුවන්.”

බය වෙන්න එපා... මම දිලිනිගේ මාමා... ඔයාට කරදරයක් කරන්න මගේ අදහසක් නෑ.”

මම ගිහිල්ලා වාහනේ ඉඳ ගත්තා.

දිලිනිගේ මාමා ඩ්‍රයිව් කරන්න පටන් ගත්තා.

මට සමාවෙන්න පුතා. ඔයා දිලිනි එක්ක සම්බන්ධයක් තියෙන බව අපි දන්නවා වුනත් මේ විදිහට ඒ ප්‍රශ්න විසඳන්න අපි හිතන්නෙවත් නෑ. ගිහාන්ටත් මං වෙනුවෙන් සමාව දෙන්න... ඌ පිස්සු වැටිලා ඉන්නේ....”

මම දැනටමත් ගිහාන්ට කියලා තියෙන්නේ මේක මම දුර ගෙනියන්නේ නෑ කියලා. ඌට කියන්න බය වෙන්න එපා කියලා.. මම පොලිසි යන්නේ නෑ. මම කැමති නෑ පොලිසි ගිහිල්ලා අර පැත්තක ඉන්න දිලිනිගේ නමත් මේකට ගාවලා කැත කරන්න.”

තෑන්ක්යූ පුතා.... අපිටත් තියෙන ප්‍රශ්ණේ ඒක... කෙල්ලෙක්ගේ නම කැත වෙන්න යන්නේ පොඩි වෙලාවයි.”

මම මැරුණත් ඒ බලු වැඩේ කරන්නේ නෑ අංකල්... බය වෙන්න එපා.”

ඔයා දන්නවද කාවින්ද, මම හරියටම කව්ද කියලා?”

නෑ...”

දිලිනිගේ නැන්දා ඔයා දන්නවා නේද?”

කව්ද?”

ඔයා දවසක් දිලිනි එක්ක දිගන ගිහිල්ලා හම්බවුන කෙනා මතකද?”

ආ ඔව්... අර දිලිනි පොඩි කාලෙදි හදාගත්තා කිව්වේ, අම්මයි තාත්තයි පිටරට ඉන්න කාලේ.”

අන්න හරි.... එයා තමා. මමයි එයයි තමයි දිලිනිව ගවුමේ චූ කරගන්න තරම් පොඩි කාලේ ඉඳලා හදා ගත්තේ..... අපි දෙන්නාගේම දරුවෙක් වගේ දිලිනි. මම එයාට තාත්තා වුනා, නැන්දා එයාට අම්මා වුනා.”

එහෙම කියලා එයා වාහනේ නැවැත්තුවා. ඒ වෙනකොට අපි නුවරට ඇවිල්ලා. කින්ග්ස් රෙස්ටොරන්ට් එක ළඟ වාහනේ නැවැත්තුවා.

කාවින්ද, පුතා.... මට ඔයාට ටිකක් කතා කරන්න ඕනේ.... මම ඉන්නේ දිලිනිට හොඳක් කරන්න හිතන පැත්තේ... ඒ නිසා බය වෙන්න එපා. එන්න අපි ඩිනර් ගන්න අතරේ කතා කරමු.”

මම ටිකක් අදිමදි කළා.

බය වෙන්න එපා. මේ දෙනෝදාහක් මැද්දේ මම ඔයාට අනතුරක් කරන්නේ නෑ.”

මම අංකල් එක්ක ඇතුලට ආවා.

ඉඳගන්න කාවින්ද... මොනවද කන්නේ...?”

කැමති දෙයක් අංකල්...”

මටත් බඩගිනී... අපි ඩිනර් ම ගමු.”

එහෙම කියලා අංකල් මෙනු එක අරන් ආයෙත් කතා කළා.

කාවින්ද බීෆ් පෝක් කනවා නේද?”

ඔව් අංකල්.”

හොඳයි... අපි කිංග්ස් ‍ස්පෙෂල් රයිස් ඕඩර් කරමු.”

ඕකේ...”


3 comments:

  1. Replies
    1. මතකද නුවර තිබුණා කිංගස් කියලා රෙස්ටොරන්ට් එකක්. ඉස්සර සෙලාන් බෑන්ක් එක තිබු‍ණ වීදිය. ඒක ඉස්සරහ තමයි චන්ද්‍රසේකර බුක් ‍ෂොප් එක තිබුනේ.

      Delete
    2. මට මතක එතැන ඔප්ටිශියන් මොකක් හරි එකක් තිබ්බ වගේ. මතක නැහැ දැන්. චන්ද්‍රසේකරේ නම් අම්ම.. හොඳට මතකයි හි හි හි

      දැන් කිංග්ස් නැද්ද?

      Delete