Monday, July 17, 2017

සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය ~ මේ ආදරයයි ~ 52



සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය

මේ ආදරයයි



52.

මම තලවකැලේ ඉඳලා ආවේ ලොකු බරක් හිතේ තියාගෙන.

දැන් කොහොමද දිලිනිගේ අවශ්‍යතා කරගන්නේ. එයා ආවේ ඇඳගෙන හිටපු ඇඳුම පිටින්. හෂිනි අක්කා පොරොන්දු වුනා දවස් දෙක තුනක් පහුවෙලා දිලිනිව නුවරඑළියේ ටවුන් එකට එක්ක ගිහිල්ලා අවශ්‍ය කරන දේවල් අරන් දෙනවා කියලා.

ඒත් මම හිතුවේ නුවරඑළියේ දිලිනිගේ තාත්ත‍ගේ හොටෙල් දෙකක්ම තියෙන නිසා ඒක පරිස්සම් මදි කියලයි. ඒ නිසා අරුණ අයියා පොරොන්දු වුනා කාටවත් නොපෙනෙන්න වැඩේ කරන්නම් කියලා.

දිලිනිව දාලා මම කෙලින්ම ගියේ ගෙදර.

මම යනකොටත් අම්මා සාලේ ඉන්නවා.

කාවින්ද, දැන් රෑ ගමන් වැඩියි. ඊයේ කොහෙද හිටියේ?”

මම.. සචිත්‍ර එක්ක ඒ ගෙදර හිටියේ... ඇයි?”

දැන් ටිකක් ඔය ගමන් අඩු කරන්න වෙයි.”

හරි අම්මා.”

මම කාමරේට ගිහිල්ලා නාගෙන ආයෙත් ගරාජ් එකට පිටත් වුනා.

එදා දවස කිසිම වෙනසක් නැතුව ගෙවුනා.

මම හෂිනි අක්කට කතා කරලා දිලිනිටත් කතා කළා.

දිලිනි මේ අතරේ අපි දෙන්නා සම්බන්ධ හැම දෙයක්ම හෂිනි අක්කට කියලා තිබුණා. හෂිනි අක්කත් දවස ගානේ කෝල් කර කර මට බැන්නා... මම කරලා තියෙන පිස්සු වැඩ මතක් කර කර බැන්නා.

දිලිනි බලන්න යන්න ඕනේකම තදින්ම තිබුණත් කවුරු හරි මාව ෆලෝ කළොත් දිලිනි ඉන්න තැන දැනගන්න පුළුවන් නිසා මම ඉවසගෙන හිටියා.

පහුවෙනිදා මම ගෙදර යනකොට ම තාත්තා කතා කළා.

සාමාන්‍යයෙන් තාත්තා කතා කරන්නේ හොඳකට නෙවෙයි.

ඇයි තාත්තා?”

ඇයි.... තමුසේ මේ මොනවද කරන්නේ...?”

ඇයි මොනවද මම කළේ?”

මොනවද කළේ.. අහන හැටි බබා වගේ. තමුසේ කොහෙද අයිසේ අපිට බොරු කියලා යන්නේ. අපිට යනවා කියන තැන නෙවෙයි තමුසේ ඉන්නේ. තාම මට බැරි වුනා අල්ලගන්න.”

මම බොරු කිව්වේ නෑ තාත්තා..... මම කියපු තැන්වලම තමයි මම හිටියේ.”

හරි... මට කියනවා තමුසේ මිස්ටර් විජේසුන්දරව දන්නවද?”

කව්ද... දිලිනි මිස්ගේ තාත්තද?”

මම මොකුත් නොදන්නවා වගෙ ඇහුවා. ඒ කියන්නේ වැඩේ අපේ ගෙදරටත් පත්තු වෙලාද?

ඔව් අයිසේ...”

... මම විශේෂයෙන් දන්නේ නැහැ.. දවසක් පාරෙදි හම්බවෙලා කතා කළා.”

තමුසේ දිලිනිත් එක්ක මොකක්ද තියෙන සම්භන්දේ?”

ඒ කියන්නේ හරි වගේ....

මොනවද කල්පනා කරන්නේ? මොකක්ද තමුසෙගේ තියෙන සම්බන්ධය?”

මොකුත් නෑ තාත්තා..... අපි අඳුරනවා.. එච්චරයි.”

එතකොට දිලිනි දැන් කෝ?”

ඇයි... ගෙදර ඇති. නැත්නම් ඉස්කෝලේ ඇති.”

ඒ කියන්නේ තමුසේ මොනවත්ම දන්නේ නෑ දිලිනිට වෙලා තියෙන දේ...”

නෑ තාත්තා... ඇත්තමයි.”

මම බොහොම අමාරුවෙන් බොරුවක් කියා ගත්තා.

දන්නවද තමුසේ. දිලිනි ආගිය අතක් නෑ. ඉස්කෝලෙට ඇවිල්ලත් නෑ දැන් දවස් හතරකින්, ගෙදරත් නෑ.”

මොකක්...”

ඔව්... ඒකට සැක කරලා තියෙන්නේ තමුසෙව. අන්න උදේ කටඋත්තරයක් ගන්න පොලිසියෙන් ආවා. වීරරත්න අංකල් නිසා ගොඩින් බේරගන්න පුළුවන් වුනා... මට කියනවා ඇයි ඒ මිනිස්සු මේකට තමුසෙව සැක කරන්නේ කියලා?”

මං කොහොමද දන්නේ තාත්තා... මම දිලිනි මිස් කොහේ ගියාද කියල දන්නේ නෑ.”

කොහොම වුනත් කමක් නෑ.. එනව යන්න පොලිසියට කටඋත්තරයක් දීල එන්න. නැත්තං කේස් එක උසාවි යයි.”

දැන් මොකද කරන්නේ. මුන් කෙලින්ම ගෙඩි පිටින්ම සැක කරල තියෙන්නේ මාව.

සචියට පනිවිඩයක් වත් දී ගන්න විදිහක් නැහැ. තාත්තා මාවත් ඇදගෙන  පොලිසියට ඇවිල්ලා කට උත්තරය දුන්නා. ඇත්තටම තාත්තයි, වීරරත්න අංකලුයි කියන දේවලට මම ඔව් කිව්වා විතරයි.

කාවින්ද තමුසේ රෑ ගමන් නවත්තනවා ටික කාලෙකට. පරිස්සම් වෙනවා තනියම ගමන් බිමන් වලදි. මිස්ටර් විජේසුන්දර කෙලින්ම තමුසෙට චෝදනා කරනවා. උන් ලේසි පාසු මිනිස්සු නෙවෙයි.”

වීරරත්න අංකල් කිව්වා.

මම වැරැද්දක් කරලා නෑ අංකල්,  ඒ නිසා මම උන්ට බය නෑ.”

අනේ තියාගන්නවා තමුසෙගේ චන්ඩිකම... කියන දේ අහනවා පන්ඩිතයා වෙන්නේ නැතුව. මම මේක කීපදෙනෙකුට කියලා තියෙන්නේ තමුසේ යන එන තැන් බලන්න කියලා.”

තාත්තා කිව්වා.

තාත්තා ප්ලීස් මට මොනවත් වෙන්නෑ. හැබැයි ඔය ඩැනී අංකල් මගේ පස්සෙන් එවන එක නවත්තන්න. මම යන යන තැන කවුරු හරි මගේ පස්සෙන් එනවට මම කැමති නෑ.”

තමුසේ කියනවනම් මම ඒක කරන්නම්.. හැබැයි මොනවා හරි වුනාට පස්සේ කණුකුණු ගාන්න බෑ. මම දැන්ම නවත්තන්න කියන්නම්.”

වෙලාව දැන් හයයි. මට ගෙදර ඉන්න කම්මැලි නිසා, ටවුන් එකට යන්න පිටත් වුනා. යන්න කලින් අමිලටත්, සචිත්‍රටයි එන්න කිව්වා.

මම නුවර ටවුම පහු කරලා ලේක් සයිඩ් එක පැත්තට වාහනේ දානවත් එක්කම සුදුපාට මොන්ටෙරෝ එකක් මගේ ඉස්සරහින් ඇවිත් හෝන් කරලා නැවැත්තුව.

වාහනේ වීදුරුව පාත දානකොට මම දැක්කේ ඒ ඉන්නේ දිලිනිගේ තාත්තා කියලා.

මොන ප්‍රශ්ණ තිබුණතත් මේ කාවා කියන්නේ බයේ පැනලා යන ‍කොල්ලෙක් නෙවෙයි.

ඇයි මිස්ටර් විජේසුන්දර?”

කාවින්ද තමුසේ කොහේද මගේ දුවව හංගගෙන ඉන්නේ? මට දෙපාරක් කියන්න තියන්න එපා, වහාම කෙල්ලව එවනවා.”

මම මේ කිසි දෙයක් දන්නෑ මිස්ටර් විජේසුන්දර. මේක මට කරන බොරු චෝදනාවක්. මම දිලිනිව හංගගෙන නෑ.”

තමුසේ කියන්නේ බොරු..... දිලිනිව හංගගෙන යන්න මේ ලෝකේ ඉන්න එකම එකා තමුසේ.”

කරුණාකරලා මාව නිකරුණේ සැක කරන්න එපා. මම අද උදේ පොලිසියටත් ගිහිල්ලා මිස්ටර් විජේසුන්දරගේ පැමිණිල්ලට කට උතතරයක් දුන්නා. ඒ නිසා ඒක පොලිසියත් එක්ක විසඳගන්න. තැන තැන බොරුවට මට චෝදනා කරන්න එපා. එහෙම වුනොත් මමත් ගිහිල්ලා ඇන්ට්‍රියක් දානවා.”

වීරරත්න අංකල් කියලා දුන්න විදිහටම මම උත්තර දුන්නා.

තමුසේට පොලිසියේ හයියත් තියෙනවා වගේ නේද කාවින්ද? හොඳයි මම බලාගන්නම්කෝ. පොලිසියත් තමුසෙගේ පැත්ත ගත්තොත් මම අයි ජී පී ළඟටම ගිහින් තමයි නවතින්නේ.”

ඕන දෙයක් කර ගන්න. හැබැයි මම කිව්වේ ඇත්ත. පොලි‍සියේ, උසාවියේ නෙවෙයි වෙන කොහේ ගියත් මට කියන්න තියෙන්නේ ඔය ටික විතරයි.”

මමත් බය නැතුව කියලා දැම්මා.

හොඳයි බලමු, මගේ කෙල්ලට මොනව හරි කරදරයක් වෙලා තිබුනොත් ඒකට තමුසේ වගකියන්න ඕනේ. කෙල්ල අම්මට කතා කරලා තිබ්බා, ඒත් ඉන්න තැනක් කියලා නෑ. ඇහුවට කිව්වෙත් නෑ.”

මම නොකරපු දේකට මට වගකියන්න බෑ මිස්ටර් විජේසුන්දර, හැබැයි මට බැරවෙලාවත් දිලිනි ඉන්න තැන ආරංචි වුනොත් කිසිම කරදරයක් වෙන්න නොදී බලාගන්නම්. එයා කැමතිනම් විතරක් මිස්ටර් විජේසුන්දරට බාර දෙන්නම්. මොකද එයාට වයස දහඅටට වැඩියිනේ. වැඩිහිටියෙකුට තනියම තීරණයක් ගන්න අයිතියක් තියෙනවානේ.”

තමුසේ ඕනවට වැඩී කාවින්ද, මම බලාගන්නම්කෝ....”

මම හිනාවෙලා බයික් එක ස්ටාර්ට් කරගත්තා.

දිලිනි එහෙනම් අම්මට කතා කරලා එයා කරදරයක් නැතුව ඉන්නවා කියල කියන්න ඇති. ඒ නිසා තමයි පොලිසියෙන් වුනත් වැඩේ තද කළේ නැත්තේ. දිලිනිගේ තාත්තත් දිලිනි හොඳින් ඉන්නවා කියල දැන ගත්ත නිසා කලබල වෙලා නැහැ. මොනව වුනත් දිලිනි කරලා තියෙන්නේ මොලේ තියෙන වැඩක්. නැත්නම් මේ වෙනකොට වැඩේ සී අයි ඩී එකටත් ගිහින් පොලිසයෙන් පිස්සු බල්ලෝ වගේ පන්නයි මගේ පස්සෙන්.

මම අයිනකට ගිහිල්ලා හෂිනි අක්කට කෝල් එකක් ගත්තා.

අක්කේ, කෝ දිලිනි..?”

කොල්ලා ලව් එකක් නෑ කිව්වට කතා කරන්න නැතුව දවසක්වත් ඉන්න බෑ නේ.”

නෑ අක්කේ.... මට දිලිනිගේ තාත්තා හම්බ වුනා.”

නෑ.... මොකද කියන්නේ...?”

මෑන් කෙලින්ම සැක කරලා තියෙන්නේ මාව. පලවෙනි දවසේම පොලිසියේ පැමිණිල්ලකුත් දාලා.. ඒත් අද දිලිනි අම්මට කෝල් කරලා.. ඒ නිසා වැඩේ ෂේප්. ඒත් තාම හිතන්නේ මම අරන් ගිහින් කියලා.”

මේ කෙල්ල මටවත් කිව්වේ නැහැනේ අම්මට කතා කරනවා කියලා.”

සමහර විට අක්කේ එයාගේ ෆෝන් එක ඔන් කරලා ඒකෙන් කතා කරන්න ඇති.”

හරි ඉන්න මල්ලි.”

එයා දිලිනිට ෆෝන් එක දුන්නා.

කාවින්ද කොහොමද ඔයාට. මම අහගෙන ඔයා කියපු දේ. ඔයා තාත්ත එක්ක ප්‍රශ්ණ දාගන්න එපා.”

ඔයා මොනවද අම්මට කිව්වේ?”

සොරි කාවින්ද මම ඔයාට කියලා හිටියේ නැති එකට. ඒත් මට හිතුනා මම ඉන්නවා කියලා ඒ අය දැනගත්තේ නැත්නම් කලබලය වැඩි වෙනව කියලා. ඉතින් මම අම්මට කෝල කළා.”

ඔයා මොනවද ‍කිව්වේ?”

මම කිව්වා මට ගිහාන්ව බඳින්න බෑ කියලා. මාව බලෙන් බන්දන්න හදන නිසා මම ගෙදරින් ආවා කියලා කිව්වා. මම හොඳින් ඉන්නවා ඒ නිසා මං ඉන්න තැන හොයන්න එපා කිව්වා. කවදාහරි එයාල මගේ කැමැත්තට ඉඩ දෙනවනම් මම එනවා කියලත් කිව්වා.”

ඉතින්?”

අම්මා ඇඬුවා. ඒත් තාමත් ඒ අය වෙනස් වෙලා නෑ කාවින්ද?”

ඔයා යනවද?”

මම ආවේ ආයෙත් යන්න නෙවෙයි. මේ ප්‍රශ්ණේ විසඳුනේ නැත්නම් මම කොහේට හරි යන්නම්. ඒ වෙනකම් මට මෙහේ ඉන්න දෙන්න.”

ඔයා කොහේ යන්නද? තනියම ඔයාට කොහේවත් යන්න මම දෙන්නේ නෑ. මම එදත් කිව්වා වගේ ඔයාව අතරමං කරලා දාලා මම යන්නේ නෑ. ඔයාව හරි පාරට දාලා තමයි මම යන්නේ.”

මේ විදිහට දවස් කීපයක්ම ගතවෙලා ගියා. දිලිනිගේ දෙමව්පියෝ මම හිතපු තරම් කලබලයක් කළේ නැහැ. ඒ ඇයි? තමන්‍‍ගේ දුව ගෙදරින් ගිහිල්ලා ඉන්න තැනක් දන්නේ නැතුව තියෙද්දී මේ දෙන්නා ඇයි සද්ද නැත්තේ. සමහර විට දිලිනි තදින්ම කියලා ඇති එයාව හොයන්න එපා කියලා. මොනවා හරි මම නොදන්න දෙයක් මෙතන වෙනවා කියන සැකය මට ඇති වුනා.

මගේ ඒ සැකයම සචියටත් තිබුණා.

කාවා, මුන් මාර දෙමව්පියෝ නේ බං. අපි කොල්ලෝ වෙලත් ම එහෙම ඔහොම ගෙදරන් තරහ වෙලා ගියොත් අපේ අම්මා මැරෙයි. ඒත් මුන්.... කෙල්ල එක කෝල් එකයි දුන්නේ, දැන් කෙල්ල උන්නද මලාද කියලා හොයන්නෑ. මොකක්ද බං සීන් එක. මට නම් සැකයි. යටින් මොකක් හරි අමුතු ගේම් එකක් යනවා වගේ.”

මටත් එහෙම හිතුනා බං.”

මට පේන්නේ උන් මේක පොලිසි ගිහිල්ලා වන කරගන්නේ නැතුව උඹත් එක්ක ඩිරෙක්ට් විසඳගන්න බලනවා වගේ.”

ඒකට යකෝ අඩු ගානේ මට කතා කරන්න එපැයි.”

මට බය කතා කරයිද වෙන මොනව හරි කරයිද කියලා.”

නෑ උන් මට මොනවත් කරන්නෑ. උන් හිතනවනම් දිලිනිව හංගගෙන ඉන්නේ මම කියලා, මගේ පස්සේ එයි, ඒත් මට කරදරයක් කරන්නෑ. මොකද මට මොනව හරි වුනොත් කෙල්ල ඉන්න තැන කොහොමටවත් දැනගන්න බෑ කියලා හිතයි.”

මොනව වුනත් පරිස්සමින් මචං. ජීවිතේට මොකක් හරි කරදරයක් වුනොත් අයේ වැඩක් නෑනේ බං.”

10 comments:

  1. Replies
    1. කතාව යනවා හෙමින් වැඩියි වගේ. ලියන්නකෝ තව ටිකක් වැඩියෙන්.

      Delete
    2. මේ හරියේ කතාව ටිකක් ගලපගන්න අමාරු වෙලා තියෙන්නේ. සිද්ධි මතක වුනාට හරි ඕඩර් එකට මතක නෑ. ඒ නිසා වැඩිපුර හිතමින්, කපලා කොටලා තමා ලියන්න වෙලා තියෙන්නේ. සචිත්‍රත් දැන් ලංකාවේ නැහැ. ඒ නිසා මිනිහට සමහර දේවල් වට්ස් ඇප් කරලා කන්ෆර්ම් කරගන්නත් වෙලා යනවාත

      Delete
    3. මම දැනට කොටස් හැත්තෑ එකක් ලියලා තියෙනවා. ඒත් හැට වෙනි කොටසේ ඉඳලා හැත්තෑවට එනකම් එක කොටසක් දහ දොලොස් වතාවක් වෙනස් කරන්න වුනා.
      ඔක්කොම කොටස් එකසිය විස්සක් විතර තියෙයි වගේ යන විදිහට

      Delete
    4. අම්මටසිරි! එකසිය ගානක්???? පික්සු හැදිලා ආයෙත් හැදෙනවනේ.. එහෙනම් බොලේ කොටස් දෙක දෙක වත් එකට දාන්න අප්පේ.. නැත්තම් මාව වයටස යයි ඔයාගේ මේ අවුරු හතර පහ ආදර මෙව්වා එක කියවන්න ගිහින්!

      හැත්තෑ එකක් ලියල නම්, දානවෝ හලෝ බස බස ගාලා

      Delete
    5. බෑ බෑ... හැම කොටසක්ම ඇත්තටම සචිත්‍රට යවලා වෙරිෆයි කරලා තමයි දාන්නේ. උෟ ඉන්නේ නිව්සීලන්ඩ් වල. තාමත් බෙස්ට් ෆ්‍රෙන්ඩ්.

      Delete
    6. ඉතින් ඔක්කොම යවහල්ලකෝ එකට. මොකද ගාස්තු යනවද, වෙලාව යනවද?

      නැත්තම් මෙන්න මේ මට එවන එකයි! මගේ වයස යනවා...

      Delete
  2. Yako mama al liyala iwarawei meeka kiyoona kota tak gala danna aiye

    ReplyDelete