Friday, April 21, 2017

නැවත පැමිණීම!

අවුරුදු කීපයක්ම අකර්මණ්‍යව පැවතුණ මුත් ඒ සම්පූර්ණ කාලයම මාගේ බ්ලොග් අඩවිය සමග රැඳී සිටි සියලුම ආදරණිය හිතවතුන්ට මගේ ප්‍රණාමය පුද කරමි.

මා මෙම අඩවිය ආරම්භ කිරීමට මූලික වූ ප්‍රධාණම කාරණාව වූයේ මා විසින් රචනා කරමින් පැවති මගේ තරුණ කාලය පිළිබඳ කතාවක් ඔබ හමුවේ තැබීමට අවශ්‍ය වීමයි. 

නමුත් කතාව අතරමග නොසිතූ ලෙස කාර්යයබහුල වීම සහ කීප වරක් විදේශගත වීමට සිදුවීම නිසා මෙය අඩපණ වූ අතර බොහෝ කලකට පසුව මා එම කතාව නැවත රචනා කිරීම ආරම්භ කළ අතර මේ වන විට 75% පමණ ලියා අවසන් වී ඇත.

මේ නිසා මා නැවතත් මුල සිට එම කතා මාලාව අද සිට ඔබ හමුවේ තැබීමට බලාපොරොත්තු වන අතර මෙවර බාධාවකින් තොරව කතාව සම්පූර්ණ කිරීමට හැකියාව ලැබෙනු ඇති බව මගේ විශ්වාසයයි

මා නැවත පල කරන කතාව මුල සිට රස විඳීමට ඔබ සැමට ආරාධනා කරන අතර අලුතින් ලිවීම අවසන් කළ කොටස්ද පිළිවෙලින් පල කීරීමට බලාපොරොත්තු වේ.

0 comments:

Post a Comment