Friday, May 25, 2018

සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය ~ මේ ආදරයයි ~ 135




සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය!
මේ ආදරයයි!



Would you dance if I asked you to dance?

Or would you run and never look back?
Would you cry if you saw me crying?
And would you save my soul tonight?
Would you tremble if I touched your lips?

Or would you laugh? Oh, please tell me this
Now would you die for the one you love?
Oh hold me in your arms tonight
I can be your hero baby

I can kiss away the pain
I will stand by you forever
You can take my breath away
Would you swear that you'll always be mine

Or would you lie? Would you run and hide?
Am I in too deep? Have I lost my mind?
I don't care, you're here tonight
I can be your hero baby

I can kiss away the pain
I will stand by you forever
You can take my breath away
-------------------------------------------------------------------------------------------------------------------------


135
තාත්තා ‍කොහොම කිව්වත් මම අබේකෝන් අංකල්ව හම්බවෙන්න ගියේ නෑ. අන්තිමට ඉරිදා හවස මම මාලිකාව හම්බ වෙන්න ගියා.

“කාවින්ද, ඔයා තාත්තා කියපු විදිහට අර අංකල්ට කතා කරන්න. තාත්තා කිව්ව එක ඇත්ත... මම තාම අළුත්, මේ වගේ ‍කේස් හැන්ඩ්ල් කරලා ලොකු එක්ස්පීරියන්ස් එකක් නෑ. විශ්ව කියපු විදිහට පොඩි හරි වරදක් වුනොත් කරදර වෙන්නේ ඔයාට.”

“මට ඔයාව විශ්වාසයි මාලිකා.”

“ඒක වෙන්න පුළුවන්. ඒත් මට බයයි. මම කියන්නද, අපි දෙන්නම යමු ඒ අංකල්ව හම්බවෙන්න.”

කොහොමත් වැඩෙන් ගොඩ යන්න ඕනේ නිසා මම ඒ වැඩේට කැමති වුනා.

අබේකෝන් අංකල්ට කෝල් එකක් දීලා අපි දෙන්නම එහේ ගියා.

“පුතා.... තවම ඔය කෙහෙල්මල අතෑරලා දාලා නෑ නේද? ඉස්කෝලෙ යන කාලේ වගේමයි තාම... නාහෙට අහන්නේ නෑ...”

මම හිනා වුනා.

“හිනා වෙන්න එපා... බලන්න තාත්තා කොච්චර කරදර වෙනවද? අම්මා අඬාගත්ත ගමන්... මොනවද ඔයා මේ කරන්නේ... ඔහොම ගිහින් නවතින්නේ පාතාලේ තමයි.”

මම කතා නැතුව හිටියා.

“කමක් නෑ... අපි බලමු මොනවද කරන්නේ කියලා. තාත්තා කිව්වා මේ දුව තමා ඔයාව එළියට ගත්තේ කියලා...”

“ඔව් අංකල්.... නඩුව එයාට කරගෙන යන්න කියලා මම කිව්වට බයයිලු.”

“බය වෙන්න ඕනේ තමා. මේකට ටිකක් ලොකු තැනකින් අත දාලා වෙන්න ඕනේ. කමක් නෑ... මේක මම බාරගන්නවා කියලා මම තාත්තට කිව්ව නිසා අපි ‍මෙහෙම කරමු...”

“මොක්කද අංකල්.”

“මේ දුව නඩුව කරගෙන යන්න... මමත් ඉන්නවා උදව්වට.”

“අනේ අංකල්... අංකල් එක්ක බලපුවාම මම ‍කව්ද? එහෙම නෙවෙයි, අංකල් කරන්න, මම පැත්තෙන් ඉන්නම්. අනික අංකල් ගේ ප්‍රෙසන්ස් එක එතෙන්ට ගොඩක් වටිනවා.”

“නෑ නෑ.. ඔයගොල්ලත් ඉගෙන ගන්න එපැයි. දුව වැඩේ කරන්න.. බය ‍වෙන්න එපා... මම ළඟම ඉන්නවා. මොනව හරි ප්‍රශ්ණයක් වුනොත් මම කියන විදිහට කරන්න.”

මාලිකා මගේ මූණ බැලුවා.

“මම කිව්වනේ මාලිකා.. ඔයාට පුළුවන් කියලා මට විශ්වාසයි.” මම කිව්වා.

***********************************************************

සඳුදා උදේම මම මාලිකා එක්ක උසාවියට ගියා. සචියයි අමිලයි මගේ තාත්තත් එක්ක ඇවිත් හිටියා. සෑහෙන කාලෙකට පස්සෙ ලංකාවට ඇවිත් හිටිය මගේ මල්ලිත් තාත්තා එක්ක ආවා.

පොලිසියේ පැමිණිල්ල ඉදිරිපත් කළාට පස්සේ මගෙන් ඇහුවා චෝදනා පිළිගන්නවද කියලා. මම නෑ කිව්ව බව මාලිකා දැනුම් දුන්නට පස්සේ පොලිසියෙන් ඉල්ලීමක් කළා මට ඇමරිකාවේ පී.ආර්. එක තියෙන නිසා මම නඩුව ඉවර වෙන්න කලින් ලංකාවෙන් නොයන්න පාස්පෝට් එක උසාවියේ භාරයට ගන්න කියලා.

මාලිකා ඒකට විරුද්ධ වුනා. මම තවම ඉගෙන ගන්න නිසා එහෙම වුනොත් ඒ කටයුතු අඩාල වෙයි කියලා කිව්වා. අවශ්‍ය ඕනෙම දවසක උසාවි එන්න මම පොරොන්දු වෙන නිසා පාස්පෝට් එක ගන්න එපා කිව්වා.

අබේකෝන් අංකලුත් ඒකට කතා කළා. ඒ මැදිහත් වීම නිසාම ද කොහෙදෝ උසාවිය පොලිසියේ ඉල්ලීම ඉවත දැම්මා. ඒත් මම අනිවාර්යයෙන්ම නඩු දවසට උසාවි එන එක අත්‍යවශ්‍යයි කියලා දැනුම් දුන්නා.

පොලිසිය ඇප දෙන්න අකමැති වුනේ නෑ. උසාවිය නියෝග කළේ සල්ලි වලින් ලක්ෂ දෙකකුයි ශරීර ඇපයකුයි.

තාත්තා ඇපේට ඉදිරිපත් වුනත් මම ඒකට කැමති වුනේ නෑ. තව දුරටත් අම්මලාට කරදර කරන්න මට හිතුනේ නෑ. සචියා දෙපාරක් නොහිතා ඒකට ඉදිරිපත් වුනා.

ඊළඟ නඩු දිනය තිබුණේ සති දෙකකින්.

පාස්පෝට් එක නොගත්තත් මට මැලේෂීයා යන්න විදිහක් තිබුණේ නෑ. සති දෙකකින් ගිහින් එන්න බෑ. වැරදිලාවත් ආවේ නැත්නම් සචියා අහුවෙනවා.

අපි ආපහු ගෙදර එන අතරේ මම දොඩංවල ගෙදර බැස්සා. සචියයි අමිලයි දෙන්නත් මාත් එක්ක නැවතුනා. මාලිකාට මාත් එක්ක කතා කරන්න ආසාවත් තිබුණත් මට හැමදේම එපා වෙලා තිබුණේ. ඒ නිසා එයාට යන්න ඇරලා මම නැවතුනා.

අපි ගේ ඇතුළට ආවා.

“සචියා උඹ ඇයි බං ඇප වුනේ?” මම ඇහුවා.

“යකෝ... ඒක උඹ අහන්න ඕනෙ ප්‍රශ්ණයක් නෙවෙයි. අපි ඉපදුන දවසේ ඉඳලා යාළුවෝ. උඹ වෙනුවෙන් මට ඒක කරන්න බැරි නම් අපේ යාළුකම වැඩක් නෑ.”

“ඒ වුනාට බං.. උඹලගේ අම්ම හරි තාත්ත හරි දැනගත්තොත් අවුලක් වෙයි.”

“නෑ... ඒ ගැන උඹ බය වෙන්න එපා. මම ඒක බලා ගන්නම්. ඒක නෙවෙයි කාවා, දැන් මොකක්ද කරන්න යන්නේ?”

“සති දෙකක් ඉන්න වෙනවා. ඊට පස්සේ ආයෙත් උසාවි.!”

“මම ඇහුවේ සති දෙකක් මොකද කරන්නේ...? මැලේෂියා යනවද?”

“බෑනේ බං.... සති දෙකෙන් ඕක කරන්න බෑ. අඩු ගාණේ මාසයක් වත් ඕනේ. ඊළඟ නඩු වාරේ ඉවර වෙලා තමයි කරන දෙයක් කරන්න වෙන්නේ.”

“ඒකත් ඇත්ත...”

“ඒක නෙවෙයි මචංලා දැන් උඹලා යන්නෙ නෑ නේද? තාම වෙලාව තුනයි...”

“දැන් ගිහින් මොනව කරන්නද? කොහොමත් අද අපි උඹත් එක්ක ඉන්නවා. උඹලා තාත්තා කිව්වා උඹල තනියම දාල යන්න එපා කියලා.”

“වරෙන් ටී.වී. එක වත් බලමු.” අමිල කිව්වා.

අපි ටිකක් වෙලා ටී.වී. එකේ ගිය මැච් එකක් බැලුවා. ඒකත් ටෙස්ට් මැච් එකක් නිසා කම්මැලියි.

“මචංලා... අපි හවසට මොනව හරි කරමුද?” මම ඇහුවා.

“කරමු කරමු. කරන්න වෙන වැඩකුත් නැති එකේ ටිකක් අනුමත වෙමු. උඹ ගාව සල්ලි තියෙනවද, මගේ ළඟ නම් සතයක් නෑ...” සචියා කිව්වා.

“මොකක්ද යකෝ... උඹල ජොබ් කරනවා... උඹල මගෙන්ම බීපං හැමදාම.”

“එහෙම තමා බං... මේ දවස් වල ටිකක් හිඳිලා. බියර් එකක් වගේ නම් ගේමු.” අමිල කිව්වා.

“ඕන්නෑ... මම ඇමරිකාවෙන් ගෙනාපුවා තව තියෙනවා. වොඩ්කා එකක් තියෙනවා.” මම කිව්වා.

“නෑ... සිරා නේ.”

“ඉඳා... මේකෙන් කන්න දෙයක් ගෙනෙං.. සොසේජර් ටිකකුයි, පාරාටා, බිත්තර රොටි ටිකකුයි, ඇපල් ගෙඩි පහකුයි ගෙනෙං.” මම අමිලට සල්ලි දුන්නා.

අපි හවස හයට විතර බැල්කනි එකේ පුටු තුනක් දාලා ඉඳගත්තා. හන්තානේ සීතල හුලඟ වදිනකොට ඇල්කොහොල් වල සැර දැනෙන්නේ නැහැ වගේ.

“කාවා, කරන දෙයක් ගාණට කරමු බං... මේ දවස් වල උඹට පොඩ්ඩ බැරිවෙනකොට අවුල්. මෙතන වැඩිවෙලා පිස්සු නටලා මොන හෙනයක් පාත් වෙයිද දන්නෑ ඊළඟට.” සචියා ටිකක් අවුලෙන් වගේ කිව්වා.

“පිස්සුද බං... අපි මෙහෙම ද මේව කරල තියෙන්නේ.... යකෝ මම නැෂ්විල් වල ඉන්න කාලේ හැමදාම රෑට අනුමත වෙලා තමා ඉන්නේ... හැමදාම කියන්නේ හැමදාම බං.... ඒ කාලෙ තමා බං ආතල්.... උදේට එසයින්මන්ට් එක කරනවා. දවල් වෙලා සුපර් මාකට් එකේ වැඩ. ඒ අතරේ බියර් දෙක තුනක් දාගන්නවා. ඊට පස්සේ ගෙදර ඇවිත් වොෂ් එකක් දාලා, කාලා, හතට යනවා පබ් එකට. එතන ඉතින් සිරාම තමා.”

“මතකයි මතකයි බං... අපිත් ආවනේ...” අමිල කිව්වා.

“උඹල යකෝ සති තුනයි හිටියේ... මම ගත්ත ආතල් උඹලා දන්නවද? බා ටෙන්ඩර් වැඩේ කරන කාලේ නම් නියමයි බං. මම හෙන ෆිට් වුන මියුසිෂන්ලා සෙට් එකක් හිටියා. උන් ආවහම අනිවා උන්ට දාන හැම ෂොට් එකකින්ම එකක් මටත් දෙනවා. කොහොමත් රෑ දහය එකොළහ වෙනකොට කික් එකේ තමා ඉන්නේ. ඊට පස්සේ සින්දුවක් කියලා, වැඩ ඉවර වෙලා යනකොට කෙල්ලෙකුත් ඇදගෙන තමා යන්නේ වැඩි හරියක් දවස් වල.”

“ඒ වුනාට උඹ එහේ හිටියනම් දිගටම, මේ වෙනකොට සිරෝසිස් හැදිලා.”

“මොන පිස්සුද බං... දිගටම ඉන්න තිබ්බේ බං... මගේ කරුමෙට මං ආවනේ ලංකාවට... මෙහේ මොනවද බං තියෙන්නේ දුක, වේදනාව ඇර... එහේ තමා බං ජීවිතේ, පැල් බැඳගෙන ලව් නෑ, ඕනවට වඩා බැඳීම් නෑ, හොයන්න බලන්න එකෙක් නෑ.. මං හම්බ කරා, කෑවා බිව්වා, ආතල් එකක් ගත්තා, නිදා ගත්තා... මෙහේ ආවහම තමා බං හැම මගුලක්ම...”

“කාවා.... උඹ අවුලෙන්ද?” මම කතා කරනවා වැඩී වගේ...

“ඔව් බං... මං හෙන අවුලෙන් ඉන්නේ.... මං මෙහෙට ඇවිත් ගොන් කමක් කර ගත්තේ.... දැන් මම හිරවෙලා යකෝ... මාලිකාට කැමැත්ත දීල බඳින්න පොරොන්දු වෙලා දැන් මම හිරවෙලා. මට ඒකිව ෆීල් වෙන්නෑ බං.... ඒකි විතරක් නෙවෙයි, කිසිම කෙල්ලෙක් මට ෆීල් වෙන්නෑ බං. මෙහේ ආවහම මට ඒ හැම මගුලක්ම මතක් වෙනවා.... හිතට නිදහසක් නෑ... මට ඕනේ ලංකාවෙන් ගිහින් මේ හැම දෙයකින්ම ඈත් වෙන්න... මෙහේ ඉන්න බෑ බං මට.”

“කාවා... උඹ දැන් මාර කතාවක්නේ කියන්නේ... මාලිකාට කැමැත්ත දුන්නේ උඹගේ කැමැත්තට, අපි කාවුරුවත් බල කරේ නැහැ.... උඹ දැන් කියනවා ඒක එපාලු.... එහෙනම් උඹට පොරොන්දු නොදී ඉන්න තිබුණා... දැන් උඹ වෙන විකාරයක් කියවනවා.”

සචියා කිව්වා.

“සචියා.. උඹ මගේ හොඳම යාළුවා තමා... ඒත් උඹටත් තේරුම් ගන්න බෑ මාව...”

“මං කොහේ තේරුම් ගන්නද බං.. උඹව තේරුම් ගන්න උඹටවත් බැරිකොට... බලපං උඹ ඉන්න විදිහ..... උඹ කොච්චර හොඳින් ඉන්නවා කියලා පෙන්නුවත්, අවුරුදු ගාණක් ලගින් හිටපු අපිට දැක්ක ගමන් කියන්න පුළුවන් උඹ අවුලෙන් කියලා.”

“මට මේ ජීවිතේ එපා වෙලා බං..... මට හැම දෙයක්ම එපා වෙලා.... අර කෙල්ල ලඟට වෙලා ඉන්න දවසකට මම මේ හැම දෙයක්ම වුනත් දෙන්න කැමතියි.”

“මොන කෙල්ලද?” සචියා ඇහුවා.

“දිලිනි....”

“උඹව නම් හදන්න බෑ කාවා... සිරාවටම හදන්න බෑ... බලපං කොච්චර කිව්වත් ඇහුවද ගිහාන් එක්ක පැටලෙන්න එපා කියලා... ඇහුවද?”

“සචියා මේ... උඹ නිකං මට පාට් දාන්න එන්න එපා හරිද. මේක මගේ ජීවිතේ බං... ඒක මට ඕනේ විදිහට.... මට ඕනේ දෙයක් කරනවා.... අරූ හිතන්න ඇති කකුලට වෙඩි තියලා මාව බය කරන්න... ඌ කෙලවගත්තා කියලා හිතා ගනින් පුතෝ... මම ඕකා තාරුකාට කරපු දේට දැන් හරි පස්සේ හරි, කවදා හරි ඕකව මරනවා... ඌ හිතන්න ඇති මගේ කෙල්ල ඌත් එක්ක නිදා ගන්න එයි කියලා...”

මම කිව්වා.

“කා‍වා... මේ... දැන් ඇති බං.... අපි ගිහින් කමු... උඹට ටිකක් වැඩී වගේ...”

“පිස්සුද බං... මට කොහෙද වැඩි...!”

“වරෙන් වරෙන්....” මට මතක අමිල මාව ඇදගෙන ගිහින් ඇඳට දැම්මා.

ඊළඟ දවසේ උදේ මම නැගිටින කොට මුන් දෙන්නගෙන් එකෙක්වත් නෑ. වෙලාව නවයයි. මුන් උදේම හොටෙල් එකට යන්න ඇති. මම නැති එකේ උන්වත් ඒක උනන්දුවෙන් කරගෙන යන එක හොඳයි.  ඒත් එරංග අයියට මම දුන්න ‍පොරොන්දුව... හොටෙල් එක බලාගන්නවා කියපු එක... ඒවා කරන්න මගේ හිත නිස්කලංක නෑ.

ටිකක් කම්මැලි ගතිය තිබුණත් මම එකොළහ හමාර වෙනකොට නාලා ඇඳ ගත්තා. මැලේෂියා යන්න බැරි වුන එකේ, හොටෙල් එකටවත් ගිහින් බලනවා මොනවා හරි කරන්න.

මම වාහනේට නගිනකොටම අම්මා කතා කළා.

“පුතා.... ඔයා අද ගෙදර එන්න....”

“දැන් බෑ අම්මා... මම හවසට එන්නම්.”

“ඔන්න වරද්දන්නෙ නැතුව එන්න... ඔය තැන තැන ඉඳලා හරියන්නේ නෑ.”

“හරි අම්මා... මම එනවා.”

හොටෙල් එකට ගියත් මට හිත එක තැනක තියාගෙන වැඩ කරන්න බැරි වුනා.

“සචියා මම ගෙදර යනවා!”

ඌ පුදුම වෙලා මගේ දිහා බලාගෙන ඉන්නවා.

“ඇයි බං දැන් නේද උඹ ආවේ....?”

“වැඩක් කරන්න බෑ බං... කම්මැලියි... මම ගෙදර යනවා. අද උඹලා එන්න එපා... මම රෑ වෙලා අපේ ගෙදර යනවා... අම්මා එන්න කිව්වා.”

“ඒක නම් හොඳයි... උඹ තනියම ඉන්නෙ නැතුව ගෙදර පලයං....”

*****************************************************

මම ගෙදර යනකොට තාත්තා හිටියෙ නෑ. අම්ම නම් සුපුරුදු විදිහට ආදරෙන් මාව පිළිගත්තා. දීප නැන්දට නම් අඬන්නේ නැතුව ඉන්න බැරි වුනා.

“අනේ අප්පේ.... බබාව දැක්ක කල්.... දැන් ඉතින් මේ නාකි අපිව අමතක වෙලා නේ.”

“එ‍හෙම එකක් නෑ දීප නැන්දේ... කොහේ ගියත් දීප නැන්දගේ කෑම අමතක වෙනවද?”

“අද මොනවද බබාට උයලා දෙන්නේ?”

“මොනව හරි බඩ පැලෙන්න කන්න පුළුවන් දෙයක්.”

“පුතා ගිහින් වොෂ් එකක් එහෙම දාගෙන එන්න. මට ටිකක් කතා කරන්න තියෙනවා.”

අම්මා කිව්වා.

“නෑ අම්මා.... මෙහෙම හොඳයි... කියන්න..”

“මට දැනගන්න ඕනේ දැන් ඔයා මොනවද කරන්න හිතාගෙන ඉන්නේ කියලා.

“වෙනසක් නෑ අම්මා.”

“මොකද වෙනසක් නැත්තේ... ඔයා මොකද හදිස්සියේ ම පිටරට යන්න ගියේ. අර කොල්ල එක්ක රණ්ඩු වෙලා රට පනින්නද හැදුවේ...”

“පිස්සුද අම්මා... ඒ දෙක දෙකක්.”

“දැන් මොකක්ද ඔය ගිහාන් එක්ක ඔච්චරටම තියෙන ප්‍රශ්ණේ... මිනී මරා ගන්න තරම්.”

“‍මොකුත් නෑ..”

“නැතිවෙන්න බෑනේ කාවින්ද.... ඔයා අර දිලිනි එක්ක සම්බන්ධ වෙලා ඉන්න කාලේ ඔය ප්‍රශ්නේ ඇදුනා කියලා මම දන්නවා. කෙල්ලව බෙදා ගන්න බැරුව රණ්ඩු වුනා නේ. දැන් මොකක්ද තියෙන ප්‍රශ්නේ... දැන් ඒ ළමයා නෑනේ..... දැන් ඔයා ඇයි රැකලා ඉඳලා ගිහාන්ට ගැහුවේ..?”

“එහෙම වුනේ නෑ අම්මා. අපි අහම්බෙන් හම්බ වුනා... කතාවක් ගියා... ඒක රණ්ඩුවක් වුනා.. එච්චරයි.”

“මට ඒක විශ්වාස නෑ... ටිකක් තේරුම් ගන්න කාවින්ද... ඔයා දැන් පොඩි ළමයෙක් නෙවෙයි. ඔයාගේ ජීවිතේ අරමුණක් තියෙන්න ඕනේ.... දැන් බලන්න අර මාලිකා දුවව බඳිනවා කියලා පොරොන්දු වුනා.... දැන් ඒකට මොකද වෙන්නේ?”

“ඇයි...?”

“ඇයි කියන්නේ මෝඩයෝ.... ඒ අම්මා කැමති නෑ දුවව ඔයාට දෙන්න... මොන අම්මද කැමති බිබී, පාරවල් ගාණේ රණ්ඩු කරන කොල්ලෙකුට මලක් වගේ හදපු කෙල්ලෙක් දෙන්න.”

“අම්මා ඇත්තටමද කියන්නේ....?”

“මට කෙලින්ම අකමැති බව කිව්වේ නෑ... ඒ වුනාට මට අද උදේ කතා කලා. කතාවෙන් තේරුණේ ඒ වගේ දෙයක්.”

නියමයි... ඒ වගේ දෙයක් වුනා නම්.. කියලවත් කරගන්න බැරි දෙයක්.. මම කල්පනා කළා.

“මොකද කල්පනා කරන්නේ... දුර දිග නොබලා කරගත්ත හරිය තේරෙනවද? ඔය වගේ හොඳ කෙල්ලෙක් ලේසියෙන් හොයාගන්න පුළුවන්ද දැන් කාලේ... ඒ අම්මා අකමැතියි කියලා කිව්වොත් දැන් මම මොනව කියන්නද?”

මම කතා නැතුව හිටියා. කට දාලා ඉල්ලන් කන්න ඕනේ නෑනේ. එහෙනම් ඒක තමා මාලිකා එදා මාව ගෙනත් ඇරලුවාට පස්සේ කෝල් එකක්වත් නොදුන්නේ...

මම කල්පනාවට වැටුන නිසා අම්මා ආයෙත් කතා කළා.

“කාවින්ද.... මට ඔයාගෙන් කෙලින් උත්තර ඕනේ... ඔයා දැන් මොකද කරන්න යන්නේ.. ලංකාවේ ඉන්නවද, ඇමරිකාවේ යනවද? අනිත් එක මාලිකා දුවව බඳිනව නම් ඊට පස්සේ දෙන්නා ම යනවද? මොකද කරන්න හිතාගෙන ඉන්නේ?”

“ඔය මොනවත් මම හිතලා නෑ අම්මා.”

“ඔයා නම් පුදුම දරුවෙක්. අනිත් ළමයින්ට නැති දේවල් කොච්චර ඔයාට තියෙනවද? ඔයාට මොනවයින්ද අඩුවක් තියෙන්නේ.... අනික ඔයා හොඳට ඉගෙන ගත්ත බුද්ධිමත් දරුවෙක්... හොඳ රස්සාවක් තියෙනවා... ඒත් තාම පොඩි එකෙක් වගේ රට වටේ උන් එක්ක රණ්ඩු වෙවී වැඩක් නොකර ඉන්නවා.”

“මට මේ ඒකාකාරී ජීවි‍තේ ඇති වෙලා අම්මා... මට ආපහු ඇමරිකාවට යන්න හිතෙනවා... ඒත් මේ කෙහෙල්මල් නඩුව ඉවර නොකර කොහෙවත් යන්න බෑනේ.”

“ඒක ඉතින අපි කරපු දෙයක් නෙවෙයිනේ. අනිත් එක ඔයා ආයෙත් මේ දේවල් දාලා යන්නේ ඇයි. ඔයා මතක තියා ගන්න කවුරු නැති වුනත් ඔයාට අම්මයි තාත්තයි ඉන්නවා. එදා ඔයා කටුනායක දි පොලිසියට ගත්තා කියලා දැනගත්ත වෙලාවේ ඉඳලා තාත්ත එක තැනක හිටියේ නෑ... ‘මගේ කොල්ලා පොලිසියක කූඩුවක තියන්න බෑ...’ කියලා දන්න කියන හැමෝටම කතා කළා. පහුවෙනිදා උදේ වුනත් ඔයාට ඇප දෙන්න බෑ, උසාවි වහලා, එහෙම තියෙද්දිත් මාලිකා දුව එක්කයි, අබේකෝන් එක්කයි එක්ක එකතු වෙලා කොහොම හරි ඔයාව එළියට ගත්තේ තාත්තා. මම හිතන්නේ දවස් දෙකකින් එක වේලක් කෑවේ ඔයාව එලියට ගත්තට පස්සේ... ඔයා හිතන්න එපා අපි ඔයාව අතෑරලා කියලා.”

“නෑ අම්මා. මේ දවස් වල මම ටිකක අවුල් වෙලා ඉන්නේ... ඒක ටික දවසකින් හරි යයි.”

“මේ... මට කියනවා බලන්න, ඔයා තාම අර කෙල්ල ගැන හිතනවද?”

“මොන?”

“දිලිනි!”

“නෑ....”

“නැති වෙන්න බෑ පුතා. ඔයා ගැන මට සැකයි. හරි දැන් ඒක වැඩක් නෑ.. ඔයා කියන්නෙ ඔයාට යන්න ඕනෙ කියලනේ... කමක් නෑ... ඒත් මාලිකාව බඳිනවද?”

“දැන් අම්ම කිව්වේ එයාලා කැමති නෑ වගේ කියලා...”

“අපි බලමුකෝ.... ටික දවසකින් ඕක හරියයි. ප්‍රශ්ණයක් නැති වුනොත් ඔයා මැරි කරලා යනවද?”

“බලමු අම්මා. මුලින්ම මේ නඩුව ඉවර කරගන්න එපැයි.”

“ඒක ගැන ඔයා බය වෙන්න එපා. නඩු වාර දෙක තුනකින් පස්සේ තාත්තා මොනව හරි කරලා ඕක ඉවර කරලා දායි.”

අම්මා කිව්ව එක මට ඇල්ලුවේ නෑ.... තාත්තා මොනවද කරන්න හිතාගෙන ඉන්නේ...?

“බලමු අම්මා. දැනට මම මොනවත් කරන්නෑ.. මට දැන් බඩගිනියි...., දීපා නැන්දේ.... කන්න මොනවද තියෙන්නේ?” මම හෙමිහිට එතනින් ෂේප් වුනා.

“අපෝ බබා.. තාම උයලා ඉවර නෑ. තේකක් හදලා දෙන්නද?”

“එපා මට බත් ඕනේ....”

“පැය බාගයක් දෙන්න බබා.. එතකං ගිහින් නාලා එන්න... මම කෑම ලෑස්ති කරලා තියන්නම්.”

දීප නැන්දා කෑම ලෑස්ති කරන අතරේ මම කාමරේට ආවා. කිසිම දෙයක් කරන්න හිතක් නෑ... මම හෙමිහිට උඩ තට්ටුවේ තිබුණ ෆ්‍රිජ් එක ඇරලා බැලුවා. ඒක සෑහෙන කාලයක් පාවිච්චි නොකර තිබුණ එකක්, මම ලංකාවට ආවට පස්සේ අරන් ආපු චොක්ලට් එහෙම දාන්න පාවිච්චි කළා.

පුදුමෙකට වගේ ඇතුලේ බියර් කෑන් දෙකක් තිබුණා. පිටරට එවා. ඒ කියන්නේ මම ගෙනාපු ඒවා වෙන්න ඕනේ.

කාමරේ ටීවී එක දාගෙන බලන ගමන් මම බියර් එක කඩා ගත්තා.

ටිකකින් තාත්තා එනවා ඇහුනා.

දීපා නැන්දා කෑම කන්න කතා කරනකොට මම බියර් කෑන් වලින් දෙවෙනි එකෙත් බාගයක් ඉවර කරලා.

මම ගිහින් කුස්සියේ පොඩි මේසේ ළඟ පුටුවක ඉඳ ගත්තා.

“අප්පා... මොකක්ද බබා ඒ ගඳ?”

දීපා නැන්දා වැඩේ කන්න වගේ යන්නේ....

“මොන... පිස්සුද....?”

“පිස්සු නෙවෙයි බබා... අරක්කු ගඳක් එනවා...”

“දීප නැන්ද ‍මේ.... පිස්සු කියවන්න එපා.... කව්ද දැන් බීල ඉන්නේ?”

මම එහෙම කියනකොට තාත්තා ආවා.

“කාවින්ද, පිස්සු අපිට නෙවෙයි තමුසෙට... තමුසේ දැන් ගෙදර ගෙනල්ලත් බොන්න පටන් ගත්තද?”

මම සද්ද නැතුව හිටියා. මොනව වුනත් තාත්තා එක්ක කතාවට යනවා කියන්නේ ඉල්ලගෙන කෑමක්.

මම සද්ද නැතුව දීප නැන්දා බෙදල දුන්න කෑම එක කන්න පටන් ගත්තා. දීප නැන්ද පුදුම ‍වෙලා වගේ මගේ දිහාම බලාගෙන ඉන්නවා.

“මොකද දීප නැන්දේ...?”

“අනේ කාවින්ද බබා... ඔයා දැන් නරක යාළුවෝ ආශ්‍රයට වැටිලා ‍නේද... කොහෙන්ද දෙයියනේ බොන්න පුරුදු වුනේ....”

“මම අළුත් යාළුවෝ ආශ්‍රය කරන්නේ නෑ... මගේ යාළුවෝ ඉන්නේ ඉස්කෝලෙ උන්ම තමා. ළඟින්ම ඉන්නේ සචියයි අමිලයි...”

“අපෝ ඒ දරුවෝ දෙන්නා බොන්නේ නෑ එය වගේ... වෙන කවුරු හරි පාප මිත්‍රයෙක් ඇති බබාව මේවට පුරුදු කරන...”

“ඉන්නවා...”

“අන්න දැක්කද.. මම කිව්වේ.... කව්ද බබා ඒ.... මම තාත්තට කියලා හොඳ වැඩක් කරන්නම්.”

“එකෙක්  නෙවෙයි දීප නැන්දේ... මේ මුළු ලෝකෙම... මම ආදරය කරන දේවල් මගෙන් ඈත් කරපු මේ මුළු ලෝකෙම තමයි ඒකට වග කියන්න ඕනේ...”

මම කිව්වා.

මහ දවල් හොල්මනක් දැක්කා වගේ දීප නැන්ද මගේ දිහා ගල් ගැහිලා බලාගෙන ඉන්නවා. මම දැක්කා අම්මා සාලෙ ඉඳලා කුස්සියට එන අතරේ මම කිව්ව එක ඇහිලා ආපහු හැරුනා. කමක් නෑ... අම්මටත් ඇහෙන එක හොඳයි... එතකොටවත් ‍දැනගනියි මගෙන් දිලිනි ව ඈත් කරලා කරපු දේවල් වල තරම. මම එහෙම කල්පනා කලා.

“අනේ බබා ඔන්න ඔය විගඩම් අමතක කරලා මේ කෑම ටික කන්න...”

“ඔව් දීප නැන්දේ..  ඔයාලට ඒව විගඩම් වෙන්න ඇති. මට ජීවිතේ එපා වෙලා ඉන්නවා... ඔයාලට ඒව විගඩම්....” මම ආයෙත් කිව්වා.

“පුතා... කාල ඉවර නම් ගිහින් නිදා ගන්නවා... බීල මෙතන විකාර කියවනවා...” අම්මා මම කියපු දේවල් අහගෙන ඉඳලා කිව්වා.

තවත් ප්‍රශ්ණ දාගන්න බැරි නිසා මම කාමරේට ආවා. ඇත්තටම මට ඇ‍ඬෙන්න තරමට දුකයි. කවදාවත් නැති තරම් මට දිලිනි නැති අඩුව දැනුනා. මාලිකා නෙවෙයි කවුරු ආවත් ඒ අඩුව නම් පුරවන්න බැරි වෙයි. හිතට ටිකක් හරි සැහැල්ලුවක් දැනුනේ සෑහෙන කාලයක් කියාගන්න බැරුව හිටපු දේවල් අම්මට ඇහෙන්න කියාගන්න පුළුවන් වුන නිසා.

තාම වෙලාව අට හමාරයි. නිදිමතක් නැති නිසා මම ඇ‍‍‍ඳේ පෙරලි පෙරලි ඉන්නකොට වාහනයක් එන සද්දයක් ඇහුනා. විනාඩි දෙක තුනකට පස්සේ අම්මා මගේ කාමරේ දොර ලඟට ඇවිත් කතා කළා.
“කාවින්ද... යාළුවෙක් ඇවිල්ලා, කාමරේට එවන්නද?”

“කව්ද අම්මා.. ඉස්කෝලෙ හිටපු එකෙක්ද?”

“නෑ... ගෑණු දරුවෙක්...”

8 comments:

  1. පායා ආ සඳ අඳුරු වළාවෙන්
    මා ඉදිරියෙදිම වැසුනා
    සෝකය තාපය පාළුව අතරේ
    ඉකිබිඳ හැඬුවා ඇසුණා
    පායා ආ සඳ අඳුරු වළාවෙන්
    මා ඉදිරියෙදිම වැසුනා
    හද විමනේ බිතු සිතුවම්
    කිලිටි කළේ ඔබෙ දෑතයි
    හද විමනේ බිතු සිතුවම්
    කිලිටි කළේ ඔබෙ දෑතයි
    නොපැතු වියෝගයෙ මහ වරුසාවෙන්
    දෑත දෙපය මගෙ සීතයි
    දෑත දෙපය මගෙ සීතයි
    පායා ආ සඳ අඳුරු වළාවෙන්
    මා ඉදිරියෙදිම වැසුනා
    ඔබ පැමිණි ඔබම ගියා නැවතුණ තැන මම ඉන්නම්
    ඔබ පැමිණි ඔබම ගියා නැවතුණ තැන මම ඉන්නම්
    මගෙ සහයෝගය පතන වෙලාවේ
    කොහි සිට හෝ යළි එන්නම්
    කොහි සිට හෝ යළි එන්නම්
    පායා ආ සඳ අඳුරු වළාවෙන්
    මා ඉදිරියෙදිම වැසුනා
    සෝකය තාපය පාළුව අතරේ
    ඉකිබිඳ හැඬුවා ඇසුණා
    පායා ආ සඳ අඳුරු වළාවෙන්
    මා ඉදිරියෙදිම වැසුනා

    ReplyDelete
  2. ඔබෙ නිල් නුවන්, තලාවේ
    සැලේ කඳුළු මිදිලා
    මට ඒ මැදින් පෙනෙන්නේ..
    අපේ මතක මැවිලා

    ඔය දෑත මාගේ දෑතේ
    සතපා ගෙවූ අතීතේ
    දෙදෙනා නොවේද දන්නේ
    සිත දැන් තමයි සිතන්නේ

    මුලදී උනේ මුලාවයි
    වැරදීම මා අතේමයි
    නොසැලී බලා එදාමෙන්
    හිඳිමි ඔබේම නාමෙන්

    ReplyDelete
  3. මනේ ගිම් නිවූ එදා
    සැනසුම් පවන් සලා...
    ඔබ මා දවයි දිවා රෑ
    හද සෝ සුසුම් හෙලා........

    මතකේ තිබේද ඒ යුගේ
    මාගෙ චේතනා...
    වැටහෙන්නෙ දැන්ද ආදරේ
    ශෝක වේදනා...
    ගණ අන්දකාරයේ පාලුවේ කිමිදුනා
    තනිවූවෙ ඔබ නොවේ...
    මා..පවා තනිවුනා....

    ගමනේ ගිම් නිවූ එදා............

    ඔබ මංමුලා වෙලා ගියා
    පෙම් පහන් නිවා....
    අහිතක් හිතන්නෙ නෑ ප්‍රියේ
    සිහිනෙකින් පවා...
    අද ඔබගෙ ජීවිතේ
    කතරකී වාලුකා...
    හිනැහෙන්න යලි දිලේ
    දෛවයේ තාරකා....

    ගමනේ ගිම් නිවූ එදා................

    ReplyDelete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. සෙවණ ලදිමි තුරු ගොමුවල එය නො වෙයි සුවේ
    ගිමන නිවන මහද අරණ තුරුල ඔබ පි‍්‍රයේ ...
    වෙහෙස නොම බලා සොයනෙමි සසර සැරි සරා
    සිහින ලොවක දී හෝ ඔබ එන්න මා කරා

    ReplyDelete