Saturday, August 12, 2017

සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය ~ මේ ආදරයයි ~ 71




සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය


මේ ආදරයයි



71.

සචිත්‍ර ගියාට පස්සේ මට ඕනේ වුනේ දිලිනිව දකින්න.

එයා අද රෝහලෙන් නොයන බව මම දන්නවා.

හත හමාරට විතර කෑම අරගෙන ඇටෙන්ඩන්ට් කෙනෙක් ආවා. චූටි අක්කා නිසා හැමෝම මාව දන්නවා.

මම කෑම එක දිහා බලන්නෙවත් නැතුව ඉන්නකොට ඇටෙන්ඩන්ට් කතා කළා.

මහත්තයා, මෙහේ කෑම හොඳ නැද්ද?”

නෑ... හොඳයි...”

කවන්න කෙනෙක් ඉන්නවද? මේ අතත් එක්ක කන්න බෑනේ?”

ඉන්න මම කවන්නම්...” එහෙම කියාගෙන එතකොටම දිලිනි ඇතුලට ආවා.

ඔන්න බබා හොඳ ළමයා වගේ ඔක්කොම කන්න ඕනේ.”

අනේ සුදූ මේ... ඔය ජරාව කන්න බෑ අප්පා. ලුනුත් නෑ මිරිසුත් නෑ... මෙලෝ රහක් නෑ.”

බෑ බෑ... ලෙඩ්ඩුන්ට දෙන්නේ මේවා.”

අනේ දැන් කන්න බෑ.”

කාවින්ද..... ඔන්න කෑවේ නැත්නම් මම තරහයි.”

අනේ සුදූ.... මම කියන්නද වැඩක්... සචියා තාම ටවුමේ ඇති. අපි ඌට කෝල් එකක් දීලා එරංග අයියගේ රෙස්ටොරන්ට් එකෙන් කෑම එකක් ගෙන්න ගමු.”

මේ ඔයාට පිස්සුද... ඔය තෙල් දාලා කෑම කාලා ‍ලෙඩ වැඩිවෙයි.”

මට ලෙඩක් නෑ සුදූ.... අත පය රිදෙනවා ගුටි කාලා.”

මම එහෙම කිව්වහම දිලිනි දුකෙන් මගේ දිහා බලාගෙන හිටියා.

මම නිසා ඔයාට මේ හැම දෙයක්ම වුනා.... මට දුකයි කාවින්ද?”

පිස්සුද... දැන්  මට මුළු ලෝකෙම තියෙනවනේ. ඒ නිසා ඒව අමතක කරන්න.”

දිලිනි මට ලංවුනා.

කාවින්ද මේව ඇත්තටම කන්න බැරිද?”

බෑ අප්පා. ඔයාගේ ‍ෆෝන් එක දෙන්‍නකෝ කොල් එකක් ගන්න.”

මම දිලිනිගේ ෆෝන් එක අරන් සචියට කතා කළා.

මචං.... මට කෑම එකක් ඕනේ....”

කොහෙන්ද....”

මචං... අයියට කියලා වැඩිය තෙල් නොදා, චිකන් එකක් එක්ක කෑම දෙකක් එවපං. ප්ලීස් බං.... ඊයේ ඉඳලා කාලා නෑ. මේ මල ජරාව කන්නත් බෑ.”

දෙකක් ඇයි....?”

දිලිනි ඉන්නවා. කෙල්ල බඩගින්නේ බං.”

මට ඇහුනා ඌ රහසින් වගේ බනිනවා.

උඹට නම් කෑම නෙවෙයි දෙන්න වටින්නේ, ගොන් හරකා, රට මී ගොන් වස්සා. කෙල්ලෙක් දැක්කහම ගුටි කාපුවත් අමතකයි. අපරාදේ බං අරුන් උඹට දෙන්න තිබ්බේ පැත්තක් පණ නැති වෙන්නම.”

උඹ බැන්නට කමක් නෑ හොඳ එකා වගේ අයියට කියපං.”

හරි හැබැයි වෙන ගෑණුන්ට කෑම අදින්න මට බෑ. උඹට එකයි.”

එහෙනම් මම බඩගින්නේ ඉඳලා ඒක දිලිනිට දෙන්නම්.”

තොට ඕනේ මගුලක් කරගනින්...”

ඌ ෆෝන් එක තිබ්බා.

 මොනව වුනත් සචියා කෑම එක එවන බං මම දන්නවා.

විනාඩි පහකට පස්සේ දිලිනිගේ නම්බර් එකට එරංග අයියා කතා කලා.

මල්ලි තරහ වෙන්න එපා. මට එන්න බැරිවුනා බලන්නවත්. මේක දාල එන්න බෑ බං.”

අපෝ අවුලක් නෑ අයියේ....”

හරි උඹට කෑම මොනවද ඕනේ....?”

හොඳ මොනව හරි. දෙකක්.”

හරි.... මම විනාඩි තිහෙන් එවන්නම්. රූම් නම්බර් ටූටූනයින් නේද?”

ඔව් අයියේ....”

ඒක නෙවෙයි අන්න අරූ උඹට අම්ම මතක් කරලා බනිනවා. උඹ ගුටි කාලත් පාඩමක් ඉගෙන ගෙන නෑලු. හොස්පිට්ල් එක ඇතුලෙත් ලව් කරනවලු.”

මම හිනා වුනා.

උඹ හිටපං.... මම ම කෑම අරගෙන එන්නම්. දැන් මට වැඩක් නෑ.”

අයියේ කරදර වෙන්න එපා. කව්රු හරි අතේ එවන්න.”

නෑ නෑ... මම එන්නම්. මට බලාගෙන්න ඕනේ ඔය උඹ ගුටි කකා ලව් කරන්න තරම් වටින සුරංගනාවි කව්ද කියලා. මම එනකම් යවන්න එපා.”

හරි අයියේ... අම්බානක බඩගිනියි.. ඉක්මනට බඩු ඕනේ.”

හරියටම පැය බාගයකින් එරංග අයියා ආවා.

දිලිනි මගෙන් ඈත් වුනා අයියට කතා කරන්න දීලා.

මචං... කෙල්ල ලස්සනයි බං. කියන්න වචන නෑ... ගුටි කාලා ලව් කරන්න වුනත් වටිනවා. අනිත් එක අහිංසක පාටයි. උඹට නියමෙට ගැලපෙනවා. සිරාවට මල්ලි. උඹට කෙල්ලෙක් හරියනවනම් ඒ මේ කෙල්ලම තමයි.”

එරංග අයියා ෆුල් කමෙන්ට්‍රි එකක්ම දෙනවා.

ඒක නෙවෙයි මල්ලි.... මොකද වුනේ. මල්ලි කිව්වා උඹට අම්බානක ගහලා කියලා. මේක අර උඹලගේ නිකං පොඩි පොඩි වගේ වලි නෙවෙයි නේද?“

හ්ම්... ටිකක් ලොකු සීන් එකක් තමයි අයියේ.... ඒත් දැන් අවුලක් නෑ. අනිත් එක කාටවත් මේ සීන් එක කියන්න එපා අයියේ. තාත්තගේ යාළුවෝ අම්බානක හොයනවා කව්ද මේක කළේ කියලා. මම කිසිම දෙයක් කිව්වේ නෑ.“

ඔව් මට ආරංචියි... අර ඩැනී අයියත් ගේමට බැහැලා කියලා. ඒත් උඹ දන්නවනම් ඇයි කිව්වේ නැත්තේ.“

ඒක මේ කෙල්ලට හොඳ නෑ අයියේ. ප්ලීස් කාටවත් මොනවත් කියන්න එපා.“

නෑ  මල්ලි... ඒ ගැන බය වෙන්න එපා.“

අපි ටිකක් වෙලා කතා කර කර හිටියා.

මල්ලි මම යන්නම්. ඒක නෙවෙයි උඹ ළඟ කවුරුවත් නෑ නේද රෑට. මම මල්ලිට එන්න කියන්නද?“

එපා අයියේ රෑට කව්රුවත් නෑ. අද චූටි අක්කත් ඔන් කෝල්... ඒ නිසා අවුලක් නෑ

කන්න බෑනේ... අත බැන්ඩේජ් කරලා.... මම කවන්නද?“

එපා අයියේ..... කෙල්ල ඉන්නවා.“

අප්පට සිරි... මට අමතක වුනා.... ගුටි කෑවට පස්සේ ලව් එක තවත් වැඩි වෙලා ඇති.“

මම හිනා වුනා.

මම යනවා... උඹට ඕනේ කමක් වුනොත් හිත හිත ඉන්න එපා, කෙලින්ම කෝල් කරපං.“

එරංග අයියා ගියා.

දිලිනි කාමරේට ඇවිත් කෑම එක දැකලා හිනා වෙන්න ගත්තා.

අනේ  අනේ... ලෙඩ වෙලාවත් ගුණ කෑම කන්න බෑ නේද? ෆ්‍රයිඩ් රයිස් තමයි කන්නේ... ඕව කාලා ලෙඩ වැඩි වෙයි.“

පිස්සුද සුදූ.... මට බඩගින්නේ ඉඳලා ඇති වෙලා. සේලයින් වලට බඩ පිරෙන්නේ නෑනේ.... නර්ස් කිව්වා කැමති දෙයක් කන්න කියලා.“

ඉන්නකෝ බබා... මම එහෙනම් කවන්න... ඒ වුනාට කෑම දෙකක් ගෙනත්... මට නම් වැඩී කාවින්ද....“

හරි හරි එකක් කවන්නකෝ...“

දිලිනි අත හෝදගෙන ඇවිල්ලා කෑම එක ඇරියා.

එරංග අයියා සුපිරියටම කෑම එක හදලා... වැඩිය තෙල් ගතියකුත් නෑ... එරංග අයියා චෙෆ් කෙනෙක්... මම හිතන්නේ මිනිහම හදලා... මගේ බඩගින්න තවත් වැඩි වුනා. ෆ්‍රයිඩ් රයිස් එකේ සුවඳට.

කෑම එකනම් සුවඳයි කාවින්ද... එරංග අයියා ගේ රෙස්ටොරන්ට් එකේ කෑම හොඳයි වගේ...“

දිලිනි එහෙම කියලා මට කවන්න පටන් ගත්තා.

පළවෙනි කට කවනකොට දිලිනිගේ ඇස් වල කඳුලු.

ඇයි සුදූ අඬන්නේ.....?“

මට දුකයි කාවින්ද.... මම නිසා ඔයාට වුන දේ... අපි දෙන්නගේ ආදරේ මේ විදිහට හොස්පිට්ල් එකක පටන් ගන්න වුන එකත් මගේ වැරැද්ද.“

පිස්සු.... ආදරේ පටන් ගන්න තැනක් නෑ... අනිත් එක ආදරේ කරනවා කියන්නේ ජිවිතේ එක දවසක් හරි ගුටි කාළා හොස්පිට්ල් එන්න වෙන දෙයක්නේ.... විශේෂයෙන් ඔයාට ආදරේ කරද්දි මෙහෙම වෙන බව දැනගෙන හිටියනේ...“

අනේ... කාවින්ද.... මට මැරෙණ තරමට දුකයි... ඔයා විහිලු කරනවා.“

සුදූ, මම කියන දේ අහගන්න... අපි දෙන්නා එකතු වෙනවා කියන්නේ ලේසි දෙයක් නෙවෙයි. හේතු ගොඩක් තියෙනවා. පලවෙනි එක අපි දෙන්නට කවදාවත් වෙන් වෙන්න බෑ. ඒ තරමට මම ඔයාට ආදරේ වැඩියි. ඔයා නැතුව මගේ ජීවිතේ ආදරේ කියන වචනේ නැහැ.“

මම එහෙම කිව්වහම දිලිනි මට ලං වෙලා කොඳුරන්න පටන් ගත්තා.

ඔව් කාවින්ද.... අපි දෙන්නට කවදාවත් වෙන් වෙන්න බෑ..... ඔයා වගේම තමයි මමත් මගේ ජීවිතේ ආදරේ කියන දේ මම සම්පූර්ණයෙන්ම ඔයාට දීලා තියෙන්නේ. මට වෙන කෙනෙක් ගැන ආදරයක් කවදාවත් ඇතිවෙන්නේ නෑ. ඒ නිසා අපි දෙන්නට වෙන් වෙන්න බෑ....“

දෙවෙනි එක සුදූ.... අපි දෙන්නගේ ආදරේ කියන්නේ අසම්මත ආදරයක්. ඔයා මගේ ටීචර්.... අවුරුදු තුනක් වයසින් වැඩියි....  තුන්වෙනි එක ඔයාගේ තාත්තගේ සල්ලි... අපිට හිතාගන්නවත් බැරි තරම් ඔයාගේ තාත්තට සල්ලි තියෙනවා.“

සල්ලි නම් මම කිසිම වෙලාවක ලොකුවට හිතපු දෙයක් නෙවෙයි කාවින්ද. අනිත් එක මගේ ළඟ ඇතිවෙන්න සල්ලි තියෙනවා. අපි දෙන්නට ලංකාවේ ඉන්න බැරි වුනොත් වෙන රටකට ගිහිල්ලා හරි ජීවත් වෙමු.“

එහෙම හිතුන වෙලාවටට රට යන්න බෑ. වීසා ගන්න පුළුවන්ද? ගියත් ජොබ් එකක්. කන්නේ බොන්නේ කොහොමද?”

අයියෝ... ඒ ගැන බය වෙන්න එපා. අපිට මැරනකම්ම වුනත් රස්සාවක් නොකර ඉන්න ඇති තරම් සල්ලි මගේ ළඟ තියෙනවා. මට ඕනේ හැමදාටම ඔයා ළඟට වෙලා ඉන්න විතරයි.”

මොකක්.... එච්චර සල්ලි කොහෙන්ද ඔයාට?”

ඒ ගැන වදවෙන්න එපා කාවින්ද. මගේ ළඟ සල්ලි තියෙනවා. අපි දෙන්නා කවදාවත්  වෙන් නොවී ඉන්න විතරයි මට ඕනේ.”

ඔයා මට කොච්චර ආදරේ වුනත් මට ඔයාගේ සල්ලි වලින් ජීවත් වෙන්න බෑ සුදූ... මට ඕනේ මම ම නැගිටින්න.”

ඉතින්  අපි එහෙම කරමු. ඔයාට රස්සාවක් හරි බිස්නස් එකක් හරි කරන්න මම උදව් කරන්නම්. අපි මගේ සල්ලි අමතක කරලා ඔයා කියන විදිහට අපේ උත්සහයෙන් නැගිටිමු.”

කතාවෙන්ම දිලිනි මට බත් එකම කැව්වා.

අම්මේ... දැන් නම් ඇති. ඔයත් කන්න සුදූ..”

බෑ... ඔයාට කවනකො‍ට මමත් කෑවා. දැන් පිරිලා.”

ඩෙසර්ට් එකට එරංග අයි‍යගේ කැරමල් පුඩින්. හොටෙල් එකකට ගිහින් කෑවා වගේ.

කාවින්ද... දැන් ඔයා නිදා ගන්න.”

එයා කොහොමද රෑ යන්නේ...?”

අනේ මාව යවන්න එපා. මට අද ඉන්න දෙන්න. මම ඔයා ළඟ ඉන්නම්. උදේම යන්නම්.”

මේකයි සුදූ... අපේ චූටි අක්කා මේ පැත්තේ ආවොත් ඔයා කව්ද කියලා සැක කරයි.”

මේ අතරේ නර්ස් කාමරේට ආවා.

නංගි... තරහ වෙන්න එපා... ෆැමිලි එකේ කෙනෙකුට ඇර වෙන කෙනෙකුට ඉන්න දෙන්න එපා කියලා පේෂන්ට්ගේ අම්මා කියලා තියෙනවා. ‍මෙයා ගැන බය ඇති... ආයෙත් කවුරු හරි එක්ක මරා ගනී කියලා.”

දිලිනි මගේ දිහා බැලුවා.

මිස්... මම කිව්වොත්...”

බෑ බෑ.... පේෂන්ට්ගේ බාරකාරයා කියන දේ අපි කරන්නේ.”

මිස් මේකයි... ඔයා කළින් කිව්වා වගේ මේ තමා මගේ ගර්ල්... අපි දෙන්න එකතු වෙනවට කවුරුත් කැමති නෑ. එයාගේ නමත් ඔයාගේ වගේම දිලිනි... අනේ මිස් අද විතරක්වත් අපි දෙන්නට ඉන්න දෙන්න.”

ඔයාට තේරෙන්නේ නැද්ද ළමයෝ.... මමත් කැමතියි එහෙම කරන්න පුළුවන් නම්. ඒත් ප්ලීස් තේරුම් ගන්න.”

කාවින්ද... මම යන්නම්... උදේම එන්නම් ඔයාව බලන්න. කමක් නෑ.”

ඔයා දැන් තනියම යන්න එපා.”.

ප්‍රශ්ණයක් නෑ... කාර් එක තියෙනවනේ.”

එහෙම කියලා දිලිනි මගේ කම්මුලට කිස් එකක් දීලා නර්ස් ගේ අතින් අල්ලගෙන එළියට ගියා. මේ කෙල්ල මේ ටිකට නර්ස් වත් අල්ලගෙන වගේ.

0 comments:

Post a Comment