Recent Post

Wednesday, August 02, 2017

සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය ~ මේ ආදරයයි ~ 67



සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය


මේ ආදරයයි



67.

මේ වගේ දවස් ගතවෙලා ගියා.

මගේ හිතට නම් කිසිම නිවනක් තිබුනේ නෑ. මම පන්ති ගියා, කෑවා බිව්වා. ගරාජ් එකේ වැඩටත් ගියා. ඒත් ඒ හැම දෙයක්ම යාන්ත්‍රිකව වගේ කරපු දේවල්.

කිසිම දෙයක් කිසිම හැඟීමකින් කරන්න බැරිවුනා. මොනව කරන්නද කියල හිතා ගන්න බෑ.

සමාධිව හම්බවුන හැම වෙලාවකම මට මතක් කළේ ඇමරිකාවට යන එක ගැන.

දිලිනිගෙන් කිසිම ආරංචියකුත් නැති නිසා මම හොඳටම අවුලා වෙලා හිටියේ.

මේ හැම සිද්ධියක්ම අතරේ මට ලොකු උවමනාවක් තිබුනා දිනිගේ පවුලම හදිසියේ රට දාල යන්න වුන හේතුව මොකක්ද කියලා හොයා ගන්න.

තවත් දෙයක් දිලිනිට වුනේ මොනවද කියලා දැනගන්න එක.

ඒත් එක්කම සමාධි මට රට යන්න කතා කරපු එකත් මගේ හිතේ හොල්මන් කරන්න පටන් ගත්තා‍
.
මේ හැද දේකටම වඩා මගේ හිත නොසන්සුන් කළේ දිලිනි. ජීවිතේ පළවෙනි වතාවට මම කෙල්ලෙකුට මේ තරම් ළං වුනේ දිලිනිට. කෙල්ලෙකුගේ ස්පර්ශය මේ තරම් මේ තරම් හැඟිම්බරයි කියලා මම දැනගත්තේ දිලිනි නිසා. මගේ මුළු ජීවිතේ පුරාවටම ඒ හැඟිම ඇති කරපු එකම කෙනා දිලිනි. ඒ නිසා මොන විදිහකින්වත් මට එයාව අමතක කරන්න බැරි වුනා. ඒත් මුළු ලෝකෙන්ම එයා අතුරුදහන් වුනා වගේ කිසිම හෝඩුවාවක් නෑ.

දිලිනි නැති වෙලා හරියටම මාස දෙකකට පස්සේ දිලිනිගේ යාළුවෙක් මාව හම්බවෙන්න ආවා.

ඇත්තටම මම එයාව අඳුරගත්තේ නෑ.

කාවින්ද.... මාව මතක නැතුව ඇති නේද?”

ම්හ්..... මතකයක් නම් නෑ...”

මම ශලිනි.... මතකද මිල්ටන් ගේ ෂෝ එකකදි අපි හම්බවුනා. ඔයා දිලිනි එක්ක ඇවිත් හිටියා.”

ඒක ඇහුනා විතරයි මම ආයෙත් අප්සෙට් ගියා. ඒ ලස්සන දවස් ආයෙත් කවදාවත් එන එකක් නෑ.

කාවින්ද... දිලිනි සෑහෙන කාලෙකින් ඔයාව කන්ටැක්ට් කළේ නැත්තේ ඔයාලෙම හොඳට කියලා එයා කිව්වා. මගේ අතේ තව පනිවිඩයක් එව්වා.”

කෝ දැන් දිලිනි.”

එයා ඉන්නවා කාවින්ද. සෝ සොරි... මට කියන්න පුළුවන් ඒ ටික විතරයි...”

ඒකත් ‍එහෙමද?”

ඔව් කාවින්ද.... මමත් පිට ඉඳලා ඔය දෙන්නා දිහා බලාගෙන හිටියා. මතකද එදා මම කිව්වා දිලිනිට ගැලපෙන්නේ ඔයාම විතරයි කියලා. මම අදත් ඒක කියනවා.”

මොකක්ද පනිවිඩේ?”

දිලිනි කිව්වා එයාට ඔයාව හම්බවෙන්න ඕනේ කියලා.”

කවදද?”

අද තුනට, ධනසිරි එකේ කාර් පාක් එකට එන්න.”

හරි....”

එහෙනම් කාවින්ද වරද්දන්න එපා. ඔන්න මම පනිවිඩේ කිව්වා.”

තෑන්ක්ස්.”

මම හරියටම වෙලාවට කාර් පාක් එකට ගියා.

දිලිනිත් හරියටම වෙලාවට ආවා.

එයාව දැක්ක ගමන් මට දැනුන හැඟීම විස්තර කරන්න බැහැ. ඉස්සර හිටපු කෙල්ලගෙන් බාගයයි. සුදුමැලි වෙලා, කෙට්ටු වෙලා. පුදුම විදිහට වෙනස් වෙලා.

මාව දැක්ක ගමන් දිලිනි මට කිව්වා එයාගේ කාර් එකට නගින්න කියලා. මමත් බයික් එක දාලා කාර් එකට ගොඩවුනා.

එයා කාර් එක දොඩංවල පාරට දාගත්තා. වෙනදා තොරතෝන්චියක් නැතිව කියවන කෙල්ල අද නිහඬයි. මට වාහනේට නගින්න කිව්ව වචන ටිකෙන් පස්සේ මේ වෙනකම් එක වචනයක්වත් කතා කළේ නෑ.

සුදූ ඇයි කතා කරන්නේ නැත්තේ? ඔයා මාත් එක්ක මොනවට හරි තරහ වෙලාද?”

එයා මගේ දිහා බලන්නෙවත් නැතුව, නැතුව පුදුම වේගයකින් වාහනේ අරන් ගියා.

සුදූ මොකද ‍මේ....? මම ආයෙත් ඇහුවා.

මට ඔයත් එක්ක සීරියස් දෙයක් කතා කරන්න ඕනේ කාවින්ද?”

ඊට කළින් කියන්න ඔයාට මොකද වුනේ?”

ඒක දැන් වැඩක් නෑ. මම කියන දේ අහන්න.”

ඕකේ. ඒත් අපි මේ කොහෙද යන්නේ?”

ඔයා මාව ගෙනියපු හැම තැනකම මම ආවා. ඇයි ඔයාට මම එක්කන් යන තැනකට එන්න බැරිද කාවින්ද?”

පුළුවන්. ඒත් මොනවද ඔයාට කියන්න තියෙන්නේ?”

මට මේ හැම දෙයක්ම එපා වෙලා තියෙන්නේ.”

එහෙම කියලා එයා වාහනේ වේගේ තවත් වැඩි කළා.

ඔය තරම් වේගෙන් යන්න එපා. පරිස්සමින්.”

මම මොනවා කිව්වත් වාහනේ වේගේ අඩු වුනේ නෑ.

දිලිනි ඇයි මේ?”

මට හිතෙනවා කාවින්ද මේ යන ගමන්ම හැප්පිලා මැරෙන්න පුළුවන් නම් කියලා.”

අයියෝ දිලිනි, මට නම් දැන්ම මැරෙන්න බෑ...”

මම ඒක නොහිතා කිව්වා වුනත්, ඒක ඇහුන ගමන් දිලිනි එක පාරටම බ්‍රේක් කලා. තව ටිකෙන් සීට් බෙල්ට් නොදා හිටපු මම වින්ඩ්ස්ක්‍රීන් එකත් කඩාගෙන පාරේ.

මේ කෙල්ලට පිස්සුද මන්දා ඇත්තටම මැරෙන්න යන්නේ.

දිලිනි ඔයාට පිස්සුද?”

දිලිනි මගේ දිහා බැලුවා.... එයාගේ මූණ තරහෙන් රතු වෙලා. එයාට ඒ වගේ තරහ ගිහින් තියෙනවා මම දැකලම නෑ.

කාවින්ද බහින්න.”

ඇයි?”

ප්‍රශ්ණ අහන්නේ නැතුව බහින්න.”

මම බැස්සා.

දිලිනි වාහනේ වීදුරුව පාත් කරලා කතා කළා.

මම හිතුවා මේ මුළු ලෝකෙන්ම මාව තේරුම් ගත්තේ ඔයා විතරයි කියලා. ඒත් දැන් බලාගෙන ගියාම ඔයත් හිතන්නේ ඔයා ගැන විතරයි.”

මොනවද ඔයා මේ කියවන්නේ.. පිස්සුද?”

ඔව් කාවින්ද, ජීවිතේටම නොලැබෙන ආදරයක් නිසා මම පිස්සු වැටිලා. ඒත් මගේ ළඟ ඉන්න එක මෝඩයෙකුටවත් ඒක තේරුම් ගන්න බැරිවෙලා.”

මොකක්ද? මොනවද ඔයා මේ කියවන්නේ?”

මම ඔයාට ආදරේ කළා කාවින්ද?”

ගිනි ගහන අව්වේ... මහ පාර මැද දිලිනි කිව්ව‍ දේ මගේ කන් අදහාගන්න බැරි වුනා මට.
ඔව් කාවින්ද... මම පිස්සුවෙන් වගේ ඔයාට ආදරේ කළා. අද ඊයේ නෙවෙයි.. ඔයාව දැනගත්ත මුල් කාළේ ඉඳළම. මේ මුළු ලෝකෙන්ම ‍කිසිම කෙල්ලෙක් කොල්ලෙකුට ඒ තරම් ආදරේ කරලා නැතුව ඇති. ඔයා මගේ ළඟ ඉන්නකොට මට මුළු ලෝකෙම තියෙනවා වගේ මට දැනුනා. ඒත් මට ඒක ඔයාට කියගන්න බැරිවුනා. ඇත්තටම මට ඒක කියන්න බැරි වුනේ, ඒක මම මුලින් කියන්න ඕනේ නැති නිසා. අනික මට ඕනේ වුනේ නෑ ඔයාගේ ආදරේ බලෙන් ගන්න.”

මම..... හිතුවේ නෑ...”

කට වහගන්න කාවින්ද.... ඔයා ඒ හැම වෙලාවකම මාව අමාරුවේ දැම්මා. මම ආදරෙන් ඔයාට ලංවුන හැම වෙලාවෙම ඔයාට මෝඩයෙකුට වගේ මගේ ආදරේ තේරුණේ නෑ. ඔයා මොන තරම් හොඳ වුනත් ඔයාට මගේ ආදරේ තේරුම් ගන්න බැරි වුනා.”

ඉතින් දිලිනි, මම ඔයාට කිව්වනේ මටත් ඔයාට දෙයක් කියන්න තියෙනවා කියලා. ඔයා ඒක අහන්නේ නැතුව ඔහොම කතා කරන්න එපා.”

ඔයා කියන්න යන දේ මම දන්නවා කාවින්ද. ඒත් දැන් පරක්කු වැඩී. ඔයාට ඔය තීරණේ ගන්න තිබුණේ මම තලවකැලේ ඉන්නකොට. නැත්නම් ඊටත් කළින්, එතනදිත් ඔයා මම රට යනවා කියද්දිත් ඒකට ඉඩ දීල බලාගෙන හිටියා. දෙයියනේ... මට ඔයා නැතුව එක විනාඩියක්වත් ඉන්න බැරුව තියෙනකොට ඔයා මාව මේ රටින් යවන්න හැදුවා. මොන හිතකින්ද කාවින්ද ඔයා එහෙම කළේ?”

ඔයා කියපු නිසා දිලිනි....”

දැන් ඒව වැඩක් නෑ කාවින්ද. නව් ඉට්ස් ටූ ලේට්. මම තීරණයක් අරන් ඉවරයි. ඔයාගේ ඔය ලස්සන ජීවිතේ දිනි, සමාධි, හෂිනි අක්කා, ඔයාගේ යාළුවෝ, අම්මාතාත්තා එක්ක ගත කරන්න. මේ කාලකන්න කෙල්ල නිසා ඒක නැකිකරගන්න එපා. මම යනවා.”

දිනි....”

ඔව්.... දිනි නේ ඔයාගේ අයිතිකාරයා. පොඩි කාළේ ඉඳලා ඔයාලා එකට හිටපු නිසා එයා හිතාගෙන ඉන්නේ ඔයා අයිති එයාට කියලා. අර සමාධි කියන ළමයා මට කතා කරලා කිව්වා දවසක් ඔයාගෙන් ඈත් වෙන්න කියලා.”

මොකක්...”

ඔව්... ඔයා මෝඩයෙක් වගේ ඔය කිසි දෙයක් දන්නේ නෑ. ඔයා මොන ලෝකෙද කාවින්ද ජීවත් වෙන්නේ?”

මම ඔය කිසි දෙයක් දන්නේ නෑ සුදූ....”

මට සුදූ කියන්න එපා... අනිත් එක ඔයා දැන්වත් තේරුම් ගන්න මේ ලෝකේ ඔයා හිතන තරම් ලස්සන නෑ කියලා. මිනිස්සු කව්ද කියලා අඳුර ගන්න පුරුදු වෙන්න.”

ඇයි කියන්නේ, ඔයාට හොඳ මූණ පෙන්නගෙන ළඟින්ම ඉන්න මිනිස්සු තමයි ඔයාව නැති කරන්නේ. ඔයාගේ ඉස්කෝලේ යාළුවෝ ගැන නෙවෙයි මම මේ කියන්නේ.“

තරහ නැතුව එන්න.. අපි කොහේට හරි ගිහින් කතා කරමු. මම හැම දෙයක්ම තේරුම් කරලා දෙන්නම්.“

තව දුරටත් තේරුම් කරන්න දෙයක් නෑ කාවින්ද... මම තේරුම් අරන් ඉන්නේ...... ඔයාට බැහැ මට උදව් කරන්න. ඔයාගේ ජීවිතේ නාස්ති කරගන්නේ නැතුව දැන් මෙතනින් යන්න.“

එයා ඒ ටික කියලා වාහනේ ස්ටාර්ට් කරගෙන යන්න ගියා. මම බලු බල්ලෙක් නැති පාරේ තනි වුනා.

මම කරන්න දෙයක් නැති නිසා පයින්ම බයික් එක ළඟට ආවා.

පාරේ හිටපු කිසිම කෙනෙක්වත්, මට කතා කරපු අය කව්ද කියලවත් මට මතකයක් තිබ්බේ  නෑ.

මගේ ඔළුවේ දෝංකාර දුන්නේ දිලිනි කියපු දේවල්..... දිනි, සමාධි... එයා කොහොමද ඒ අයව දන්නේ. අනික සමාධිට මොකක්ද තියෙන උවමනාව මෙයාට කතා කරලා මාව අතාරින්න කියන්න. මෙතන මම නොදන්න මොකක් හරි දෙයක් කැරකෙනවා. දිලිනි වෙනස් වෙලා තියෙන්නේ ඒ නිසා.

අනිත් එක දිනි ලංකාවෙන් ගියාට පස්සේ මොකක්ද මේ කරන වැඩේ. එයා කොහොමද කියන්නේ මම එයාට අයිති කියලා.

මට ඕනේ වුනේ කොහොම හරි දිලිනිව ආයෙමත් මුණ ගැහිලා කතා කරලා මේ ප්‍රශ්ණය විසඳගන්න. ඒත් කොහෙද මේ කෙල්ල හොල්මනක් වගේ මතුවෙලා ලකුණක්වත් හොයා ගන්න බැරි විදිහට වාෂ්ප වෙනවා වගේ යනවා. ගෙදර කිසිම කෙනෙක් නෑ. දන්න කියන තැනක නෑ. මගේ යාළුවෙක් අහම්බෙන්වත් දකින්නෙත් නෑ.

5 comments:

  1. ඔන්න කතාවේ අනවශ්‍ය එක තැන යන කොටස් අයින් කරලා ආයෙත් ලියලා දැම්මා. කතාවේ ගලාගෙන යන ස්වරෑපයට හානි වෙන එක දැන් අඩුයි කියලා හිතෙනවා.

    මොකද හිතන්නේ ඒ ගැන. ඒ වගේම මොකද හිතන්නේ ඉස්සරහට මොනව වෙයිද කියලා.
    දාමු බලන්න කමෙන්ට්...

    ReplyDelete
  2. Replies
    1. කාවින්ද හෙන තොත්ත බබා මොකද කියලා මම මේ කල්පනා කරන්නේ... වටේ ඉන්න උන් කියන දෙයක් ඇරෙන්න කිසිම දෙයක් දන්නේ නැත්තේ මොකද? පුදුමයිනේ.

      අවුරුදු 37ක් වෙලා තාමත් කාවින්ද මෙහෙමද?

      මට හිතෙන්නේ මේ ඔක්කොම ඩ්‍රාම වෙන්නේ දිනිගේ අනුදැනුම ඇතුව. දිලිනි කරන්නේ බාගෙට බොරුවක්. කාවින්ද විතරක් මොකෝ මේ?

      Delete
    2. ඔය කියන හැම දෙයකම් වෙනවා එතන. දිනි මාර ‍‍ගේමක් දෙනවා යට ඉඳලා... කාවින්ද දිනිව හැමදාම විශ්වාස කළ නිසා ඒක තේරුම් ගත්තේ නෑ. දිලිනි ඇත්තටම කාවින්දට ආදරේ කරනවා වුනත් බාගෙට බොරුවක් කරන බව ඇත්ත. කාවින්ද කියන්නේ ඕනෙම දේකට ෆෝවඩ් කෙනෙක් වුනත් එක දුර්වලකමක් තියෙනවා, තමන් මොනව හරි හිතාගත්තොත් ඒකම විශ්වාස කරනවා. කවුරු කිව්වත් අහන්නේ නෑ.

      Delete
  3. yantham athi kathawa yanwa dan, ekathana palweenawa dakala epa wela hitiye

    ReplyDelete