Monday, February 26, 2018

සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය ~ මේ ආදරයයි ~ 116




සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය


මේ ආදරයයි







116


සෑහෙන කාලයක් යනකම් යටපත් වෙලා තිබුණ හැඟීම් ආයෙත් මතුවුනා. යාළුවෝ දෙන්නා නිසා ඒ ලස්සන කාලේ ආයෙත් මතක් වෙනවා... ඒත් එක්කම අමතක කරන්න බැරි විදිහට දිලිනි ඉන්නවා. දිලිනි මගේ තරූ... මම ජීවිතේ පලවෙනි වතාවට කෙල්ලෙකුට ආදරේ කරපු කෙල්ල... දැන් ආගිය අතක් නැහැ.

අමිලටයි, සචියටයි නිදාගන්න දීලා මම එළියට ආවා. ළඟම තිබුණ පොඩි රෙස්ටෝරන්ට් එකට වෙලා කෝපි එකක් බිබී සිගරට් එකක් ගහන ගමන් මම කල්පනා කළේ ජීවිතේ ඉස්සරහට කරන්නේ මොනවද කියලා.

තව දුරටත් දිලිනි ගැන බලාපොරොත්තුවෙන් ඉන්නවද? දැන් අවුරුදු තුනකට කිට්ටු වුනා.. කිසිම තොරතුරක් නෑ... මෙච්චර කාලයක් ආපු නැති කෙල්ල ගැන බලාපොරොත්තු තව දුරටත් තියාගන්න එක වැඩක් වෙයිද?

ඒ කොහොම වුනත් මොන කරුමෙකටද මම දන්නේ නෑ මට වෙන කෙල්ලෙකුට ආදරේ කරන්න හැඟිමක් එන්නෙම නෑ... මොන්ටානා වල හිටපු ෆැනී කියන පිලිපීන් කෙල්ල මට ලං වෙන්න සෑහෙන්න උත්සහ කළා. ඒ කෙල්ල පුදුම ලස්සනයි, ඒත් මට කිසිම වෙලාවක එයාට ආදරේ කරන්නවත්, ලංවෙන්නවත් හිතුනේ නෑ... ඊට අමතරව කැම්පස් එකේ හිටපු නිල් ඇස් තියෙන බෝනික්කියක් වගේ නතාලියා, රුසියානු කෙල්ල... සතියකට දවස් දෙකක්වත් රෑ ගත කළේ මගේ නවාතැනේ... ඒත් මට දිලිනි ගැන වගේ හැඟිමක් දැනුනේ නෑ.

සචියා කියනවා වගේ මම ගව් ගානක් දුරින් තියෙන නොලැබෙන දේකට හීන මවනවාද? දිලිනි කියන්නේ මට ලංවෙන්න බැරි තරම් දුරින් තියෙන තරුවක්ද?

තාරුකා, පොළවේ ජීවත් වෙන අපිට ලං වෙන්න බැරි තරම් ආලෝක වර්ෂ ගාණක් දුරින් තියෙන තරුවක්ම වෙලා වගේ.

පැය තුනකට විතර පස්සේ මම ආපහු නවාතැනට එන්න පිටත් වුනා.

ඇමරිකාවේ හිටපු අවුරුදු ගාණටම නොදැනුණ තනිකමක් හදිසියේම මට දැනුනා.

මගේ වෙනස දැකලා වගේ ඇහැරිලා හිටපු අමිල කතා කළා.

“මොකද කාවා.. උඹට වුනේ... උදේ තිබුණ මූණ නෙවෙයි දැන්.“

“මං දන්නෑ බං.. උඹලා දෙන්නා දැක්කහම මට මතක් වුනේ දිලිනිව. මහා භයානක විදිහට මගේ හිත දිලිනිට ආදරේ කරනවා බං. මෙච්චර අවුරුදු ගාණක් ගතවෙලත් තාම මට එයාව අමතක කරගන්න බැරිවුනා. එයා ආපහු නාවොත් මට මොනව වෙයිද බං.“

මම ඒක කියපු විදිහටද කොහේදෝ අමිල මගේ අත තද කරලා අල්ලා ගත්තා.

“උඹ බය වෙන්න එපා කාවා.... අපි ඕකට විසඳුමක් හොයමු... එදා වගේම අදත් අපි උඹ ළඟ ඉන්නවා...“

“මම ඒක දන්නවා බං.. ඒත් මට ජීවිතේ ලොකු හිස් බවක් දැනෙනවා.“

“උඹ හැමදේම අමතක කරලා හොඳ කෙල්ලෙක්ව බැඳපං බං... එතකොට ඕක හරියයි. පුළුවන් නම් ලංකාවේ කෙල්ලෙක් නෙවෙයි පිටරට කෙල්ලෙක්ව බැඳපං... එතකොට උඹය වැඩිය ලංකාවට යන්න ඕනෙත් නෑ.. පරණ දේවල් මතක් වෙන එකකුත් නෑ.“

එතකොටම සචියත් ආවා.

“අමිලයා කියන එක හරි බං... උඹ අර රෂියන් කෙල්ලව බැඳපං... ඒකි සිරාවටම උඹට ලව් කියලා උඹමනේ කියලා එව්වේ... තාම ඉන්නවා නේද ඒ කෙල්ල.“

“ඉන්නවා ... ඉන්නවා... ඒත් බං ඒකිව බැඳලා කොහොමද ගෙදර යන්නේ.. අම්මා මැරෙයි... දිලිනි තව එකක්.“

“උඹ ගෙදර නොයා මෙහේ හිටපං... පිටරට කෙල්ලෙක්නේ... බැඳලා හොඳනම් ලංකාවට එක්ක පලයං... නැත්තං අතෑරලා දාපං... උන්ට ඕවා එච්චර ගාණක් නෑ..“

අමිල කිව්වා.

“යකෝ... කසාද බඳිනවා කියන්නේ එහෙම එක්පෙරිමන්ට් කරන්න පුළුවන් වැඩක් නෙවෙයි.... ඒකි සිරාවටම මට ලව්... එහෙම එකේ බැන්දට පස්සේ හරියන්නේ නෑ කියලා හිතලා ලේසියෙන් අතාරින්න ඒකි දෙයිද? මට වෙන්නේ අනාථ වෙන්න.“

“කතාවෙන් කතාවෙන් රෑ වුනා. වරෙන් අපි ලෑස්ති වෙමු. ඒක නෙවෙයි කාවා උඹ ගේ සෙට් එක අද අපිට හම්බ වෙනවා නේද?“

“හම්... නතාලියා, ටීනා, ෆැනී, ඔන්න කෙල්ලෝ තුන්දෙන්.. පුළුවන් දෙයක් කරගනින්....“
මම කිව්වා.

අපි හතට විතර පිටත් වුනා.

මම මුලින්ම ගියේ අපේ කැම්පස් එකේ යාළුවෝ සෙට් වෙන කොෆී ෂොප් එකට.. මුන් දෙන්නට බඩගිනි ඇති. අනිත් එක නතාලියා හැමදාම මේ වෙලාවට මෙතන ඉන්නවා මම එනකම්.

අපි යනකොට නතාලියා හිටියා, ටීනාත් එක්ක.

“හලෝ කාවින්ද... දීස් මස්ට් බී යුවර් ෆ්‍රෙන්ඩ්ස්...“

මම දෙන්නට දෙන්නා අඳුන්නලා දුන්නා. ඒත් එක්කම අමිලා මට රහසින් කතා කළා.
ඒත් ඌ කියන කිසි දෙයක් මට ඇහුනේ නෑ.

“යකෝ.. රහස් කියන්න දෙයක් නෑ.. මුන්ට සිංහල තේරෙන්නේ නෑ.. බය නැතුව කියපං.‘ මම කිව්වා.

“ෂුවර් නෑනේ කාවා.. උඹ උන්ටත් සිංහල උගන්නලාද කියලා.... මොකද උඹට කෙල්ලෙක් අහුවුනොත් ඉතින් ලේසියෙන් ගැලවෙන්නේ නෑනේ.“

“කියපංකෝ මොකක්ද කිව්වේ කියලා.“

ඒ පාර අමිල සද්දෙන්ම කතාව පටන් ගත්තා.

“මචං... ලංකාවේ ඉන්නේ මොක්කුද බං මුන් එක්ක බලනකොට.... අර කෙල්ල නේද උඹ කිව්වේ... යකෝ මේකි එක්ක බලනකොට දිලිනි කියන්නේ කව්ද බං.. මොන තරුවක්ද... මෙලෝ රහක් නෑනේ.. බලපංකෝ මේ  කෙල්ල.. මට සිරාවටම හිතෙනවා කැමතිනම් අදම බැඳ ගන්න... සිරාවටම බෝනික්කෙක් වගේ... මට අල්ලලා බලන්න අත දුන්න නිසා මිසක් නැත්නම් මට විශ්වාස කරන්න බෑ බං... යකෝ... අර මගුල පැත්තක දාලා මේ වගේ කෙල්ලෙක් බැඳ ගනින්කෝ...“

එදා රෑ අපි ලොකු දෙයක් නොකර ආපහු ගෙවල් වලට ආවා.

ඒත් ඊළඟ දවස් කීපයම ගතවුනේ එක එක තැන්වල ඇවිදින්න. අපි තුන්දෙනා එක්ක ටීනා, නතාලියා, ෆැනී තුන්දෙනත් එකතු වුනා. අපි එල් ඒ ගියා, නෑෂ්විල් ගියා. තව ඇවිදින්න පුළුවන් හැම තැනකම ගියා.

ඒ හැම ගමනකදිම නතාලියා හිටියේ මගේ ළඟටම වෙලා. සචියයි, අමිලයි පුළුවන් තරම් ඒ කෙල්ලව ඇවිස්සුවා, මම ඒ කෙල්ලට කැමතියි කියලා.

හරියටහ සති දෙකක් ඉඳලා යාළුවෝ දෙන්නා ලංකාවට පිටත් වුනා.

කැම්පස් පටන් ගන්න තව කල් තියෙන නිසා මමත් හිතුවා ආයෙත් ලංකාවට ගිහින් ටික දවසක් එහේ ගත කරලා එන්න. අමිල දිගින් දිගටම කිව්වේ එනවනම් නතාලියාවත් එක්කගෙන එන්න කියලා.

අන්තිමට උන් ගිහිල්ලා සතියකට පස්සේ මමත් ලංකාවට යන්න පිටත් වුනා. තනියම නෙවෙයි... නතාලියාත් එක්ක. මම මේ ගත්ත තීරණය අනාගතේට කොහොම බලපායිද කියලා මම ලොකුවට හිතුවේ නෑ.

මේ වෙනකොට දිලිනි කියන්නේ තව දුරටත් ජීවිතේ බලාපොරොත්තු තියාගන්න හැකියාවක් නැති කෙනෙක් කියලා මම හිතන්න පටන් අරන් තිබුණා. ඇත්තටම වුනේ සචියයි, අමිලයි මගේ ඔළුවට ඒ හැඟිම කවලා තමා ඇමරිකාවෙන් ගියේ. ඒ නිසා මගේ ගොඩක් බලාපොරොත්තු ටිකෙන් ටික අඩුවෙලා යන්න පටන් ගත්තා. මගේ ජීවිතේ ඒ හිස්වුන තැන පුරවන්න දිනි උත්සහ කළත් බැරිවුනා. ඒත් අන්තිමට ඒ අඩුව පුරවන්න මට ළංවුනේ නතාලියා. කවදාවත් නොහිතපු කෙනෙක්.

ඇත්තටම නතාලියා මුල ඉඳලම මට කැමැත්තෙන් හිටියා. අපි දෙන්නා එකට ඉගෙන ගත්ත මුළු කාලෙම එයා හිටියේ මගේ ළඟමයි. ඇත්තටම නතාලියා යාළුවෙක් විදිහටත් හරිම හොඳ කෙනෙක් වුනා. ඒත් මොන කරුමයක්ද දන්නේ නෑ මට ලංවෙන හැම කෙල්ලම අන්තිමට මට ආදරේ කරන්න පටන් ගන්නවා.

කාලය  ගත වෙලා ගියේ මටත් නොදැනීම.

Wednesday, February 21, 2018

සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය ~ මේ ආදරයයි ~ 115





සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය


මේ ආදරයයි




115

මගේ යාළුවෝ ටික දවස් කීපයක් උත්සහ කළත් කිසිම විස්තරයක් හොයා ගන්න බැරි වුනා.

පැණියා කතාව පටන් ගත්තා.

“කිසිම හෝඩුවාවක් නෑ කාවා.“

“ඒ කියන්නේ?“

“උඹ කියපු හැම එකෙක් පස්සෙන්ම මම කට්ටිය යැව්වා. ඒ වුනාට හැම දෙයක්ම පට්ට නෝමල් බං.... හැම එකෙක්ම සාමාන්‍ය විදිහට වැඩ කරනවා. කිසිම කෙනෙකුගේ දින චරියාව වෙනස් වෙලා නෑ බං....“

“උඹට ෂුවර්ද.... උඹ හැම කෙනාවම ෆලෝ කළාද?“

“ඔව් ඔව් බං... හැම එකා පස්සෙම මම දෙන්නෙක් දාලා තිබ්බා. සීීරියස්ම පොර වෙච්ච ගිහානයා පස්සේ මම ගියා.... ඒත් වෙනසක් නෑ... උන් දිලිනි ඉන්නවද මළාද කියලා හොයන්නෑ..“

“අන්න ඒකම තමා මට සැක...“ මම කිව්වා.

“ඒ මොකද කාවා....“

“යකෝ.. දිලිනිව කව්දෝ උස්සලා.... එතකොට දිලිනිගේ දෙමව්පියෝ... නෑදෑයෝ... යාළුවෝ මොනවත් නොවුන ගාණට ඉන්නවා... ඒ කියන්නේ දිලිනිට මොකද වුනේ කියලා උන් දන්නවා...“

“අම්මපා කාවා... උඹ නම් ෂර්ලොක් හෝල්ම් ගේ ගුරාද බං... උම කියනකං අපිට ඔය උලව්වක් මීටර් වුනේ නෑනේ...“

“ඒක තමයි යකෝ මමත් කියන්නේ...“

“හරි කාවා... දැන් අපි තවත් මොනවද කරන්න ඕනේ...?“

“උඹ දන්නවනේ පැණියා මට වඩා ඔත්තු බලන සීන් එක... මට ඕනේ එකම දේ දිලිනි ගැන හෝඩුවාවක්... කොහොම හරි මට වැඩේ කරල දීපං... නැත්තං උඹ එන්න එපා මේ පැත්තේ...“

“එල කිරි තමා බං... මම වඩේ කරන්නම්... හැබැයි උඹට තියෙන හදිස්සියට බෑ... උන් අසාමාන්‍ය මොනව හරි කරනකං අපිට බලාගෙනම ඉන්න වෙනවා.“

“සචියා මේ... මට එක අතකට හිතෙනවා....“ මට වාකයය සම්පූර්ණ කරගන්න ලැබුනේ නෑ, මගේ ෆෝන් එකට කෝල් එකක් ආවා.

“දිලිනි....“ මට කියවුනා...

“අම්මට හුඩු... කාවා කෙල්ලද කතා කරන්නේ...?“ සචියා ඇහුවා.

“ඔව් බං....“  මම ෆෝන් එක ගත්තා.

“හලෝ...“

“කාවින්ද.... මම....“

“දන්නවා සුදූ..... ඉතින් කොහොමද?“

“ප්‍රශ්ණයක් නෑ කාවින්ද..... ඒත් ඇයි ඔයා ආපහු නොගියේ...? ප්ලීස් ඒ වැඩේ නම් අතෑරලා දාන්න එපා... අපි දෙන්නගේම අනාගතේ තියෙන්නේ එතන.“

“සුදූ, ඔයාට ප්‍රශ්ණයක් නැත්නම් ඇයි මගෙන් ඈත් වෙලා ඉන්නේ....?“

“මම ඉන්නේ වෙලාව එනකම් කාවින්ද....“

“මොන වෙලාවද?“

“පලිගන්න වෙලාව... උන් ඔයාට කරපු දේ වලට පලිගන්න වෙලාව තමයි දැන්.“

“ඔයාට පිස්සුද සුදූ.... අපි කාගෙන්වත් පළිගන්න ඕනේ නෑ... මේ හැම දෙයක්ම අමතක කරලා දාලා අපි දෙන්නා මැරි කරමු. එතකොට කාටවත් මොනවත් කරන්න බෑ.“

“ඔයා හිතාගෙන ඉන්නේ එහෙමද කාවින්ද...? ඔයා මාව මැරි කළා කියලා උන් ඔයාට කරදර කරන එක නතර කරයි කියලද? එහෙමනම් ඔයාට වැරදිලා...“

“එතකොට අපිට කවදාවත් එකතු වෙන්න බෑ?“

“පුළුවන්.... එක විදිහයි තියෙන්නේ... අපි උන්ට බය නෑ කියලා පෙන්වන්න වෙනවා කාවින්ද... අපිට කරපු දේට අපි පළි ගන්න ඕනේ...“

“මොනවද ඔයා කරන්න කියන්නේ.. උන්ට ගහන්නද? ඒකෙන් වෙන්නේ ආයෙත් නවතින්නේ නැති රණ්ඩු.... අපි උන්ට ගහපු ගමන් උන් රිටන් එක දෙයි... ඊට පස්සේ ආයෙත් අපි... ඉවරයක් නෑ...“


“මම කියන්නේ වෙන දෙයක්....?“

“මොනවද?“

“ගිහාන්ගේ බිස්නස් වල රහස් තියෙනවා. එයා ඔය පෙන්නගෙන ඉන්න තරම් ඒවා වල ලාභ නෑ... ඒත් එක මතුපිටින් පේන්නේ නෑ... මට පුළුවන් නම් ගිහාන්ගේ බිස්නස් වල මොකක්ම හරි තැනක්, ඒවා වැටෙන බිස්නස් කියලා පෙන්වන්න.... එතකොට කවදාවත් මගේ තාත්ති ගිහාන්ගේ බිස්නස් වල ඉන්වෙස්ට් කරන්නේ නෑ... අනිත් එක මාව ගිහාන්ට දීලා, තාත්තිගේ සල්ලි නාස්ති කරන්න එයා කැමති වෙන්නේ නෑ... අපිට පුළුවන් නම් ගිහාන්ගේ බිස්නස් වැටෙන බව ඔප්පු කරන්න....!“

“සුදූ.. අපිට බැරිද ඔය බිස්නස් ලෝකේ එක්ක හැප්පෙන්නේ නැතුව ඇමරිකාවට ගිහින් මැරි කරලා එහෙටම වෙලා ඉන්න. ගිහාන්ලට එහේ ඇවිත් මේ වගේ චන්ඩිකම් පෙන්වන්න බෑනේ.“

“මට එහෙම යන්න බෑ කාවින්ද... මට ඒ තරම් ලේසියෙන් ගිහාන්ගෙන් ගැලවෙන්න බෑ.“

“ඇයි ඒ... ඔයා එයාට බඳිනවා කියලා පොරොන්දු වුනා... එච්චරයි...“

“නෑ කාවින්ද... ඊට වඩා දේවල් තියෙනවා... මට ඒවා ෆෝන් එකෙන් කියන්න බෑ... මට ඔයාව හම්බවෙන්න ඕනේ...“

“හරි මම දැන් එන්නම්..“

“දැන් බෑ කාවින්ද... මම හෙට ඔයාට ආයෙත් කෝල් එකක් දෙන්නම් එන්න පුළුවන් තැන කියලා.“

දිලිනි ෆෝන් එක තිබ්බ ගමන් සචියා කතා කළා.

“මොකද බං කෙල්ල කියන්නේ?“

“හෙට මාව හම්බවෙන්නම් ලු.“

“මොකක්... උඹට ඔච්චර දෙයක් වුනාට පස්සේ එයාට ඔය ටික විතරද කියන්න තියෙන්නේ... යකෝ... මොනවත් නොවුන ගාණට කාවින්ද ඔයාට කොහොමද කියලා ඒකි කොහොමද බං අහන්නේ...?“

“ඇයි බං.?“

“ඇයි තමයි... යකෝ උන් උඹට වෙඩි තිබ්බේ මරන්න.... උඹ ගැලවුනේ වෙලාව හොඳ නිසා.... එච්චර දෙයක් වුනා.. කෙල්ල අන්තරස්ධාන වුනා.. දැන් එකපාරට මතුවෙලා කියනවා උඹව හම්බ වෙන්න ඕනෙලු... මොකක්ද බං මේ වෙන්නේ..?“

“ඒක් තමයි මටත් දැන ගන්න ඕනේ.. කෙල්ල කිව්වා ඒවා ෆෝන් එකෙන් කියන්න බෑ කියලා.“

“හරි.... හැබැයි උඹ තනියම යන්න එපා... ඕකත් ගිහානයාගේ උගුලක් ද කව්ද දන්නේ...? දැන්නම් මට දිලිනි ගැනත් සැකයි බං.“

“බලමුකෝ... හෙට හම්බවෙනවනේ...“

මම එහෙම හිතාගත්තා.

ඒත් පහුවෙනිදා දිලිනි මට පොරොන්දු වුන විදිහට කතා කලේ නැහැ. ඒ විතරක් නෙවෙයි... එයාගේ ෆෝන් එක වැඩ කළෙත් නැහැ.

අපි එක දිගටම සති දෙකක් තිස්සේ දිලිනිව හෙව්වත් එයාව කිසිම විදිහකින් හොයාගන්න බැරිවුනා.

කරන්න කිසිම දෙයක් මට හිතාගන්න බැරි වුනා. ලංකාවේ ඉන්න බැරි තත්වයක් ආවේ අම්මා හැම වෙලාවෙම මම යන්නේ නැත්තේ ඇයි කියලා අහන නිසා. අන්තිමට මම තීරණය කළා ආපහු යුනිවර්සිටි එකට යන්න... මේ කෙල්ලට මොනව වුනාද?

දවස් තුනකදි ටිකට් අරගෙන මට යන්න පුළුවන් වුනා. මට සමුදෙන්න මගේ යාළුවෝ හැමෝම ආවත් කාගෙවත් හිතක සතුටක් තිබුණේ නෑ...

“කෙල්ලව හොයාගන්න බැරිවුන එකට නම් මාර අප්සෙට් කාවා..“ අමිල කිව්වා.

“අවුලක් නෑ බං... මම දන්නවා උඹලා ෆුල් ට්‍රයි එක දුන්නා කියලා බොක්කෙන්ම... තවත් මොනව කරන්නද?“

“ඔව් කාවා... උඹ කැම්පස් වැඩේ හරියට කරපං.. තව අවුරුදු දෙකයිනේ... ඊට පස්සේ වෙන දෙයක් වෙයි.“

****************************


මම මොන්ටානා වලට ගිහින් මුලින්ම කළේ මම ඉන්න තැන වෙනස් කරන එක. දිලිනි, සමාධි විතරක් නෙවෙයි රැන්ඩිගෙන් පවා වෙන්වෙලා ඉන්න මට ඕන වුනා. ඒ නිසා මම වෙනම තැනක් කුලියට ගත්තා.

අවුරුදු දෙකක් ගතවෙලා ගියේ නොදැනීම. ඒ අවුරුදු දෙකේදි මම එකපාරක්වත් ලංකාවට ආවේ නැහැ. දිලිනි ගැන කිසිම හෝඩුවාවක් ලැබුනෙත් නැහැ. ඒ නිසා මට ලංකාවට එන්න හිත දුන්නෙම නෑ.

උපාධියෙන් පස්සේ එම් එස් සී එකක් කරන්න මම බැඳුනේ වෙන කිසිම දෙයක් කරන්නවත්, ලංකාවට යන්නවත් හිත හදාගන්න බැරිවුන නිසා.

එම් එස් සී එක පටන් ගන්න මාස හයක් තිබුණත් මම ලංකාවට ගිහින් දවස් තුනකදි අම්මවයි තාත්තවයි බලලා ආවා.

මම ඇමරිකාවේ ගත කරන හතරවෙනි අවුරුද්දේ අන්තිමට මම එම් එස් සී එක කරන්න ලියාපදිංචි වුනා. මොන්ටානා වල ඉඳලා ඇති වෙලා මේ සැරේ මම ඇප්ලයි කළේ පිට්ස්බර්ග් කියන නගරේ තියෙන විශ්ව විද්‍යාලයකට. පිට්ස්බර්ග් කියන්නේ ඇමරිකාවේ තිබුණ ප්‍රසිද්ධම යුනිවර්සිටි නගර වලින් එකක්. අනිත් එක ඒක නිව් යෝර්ක් වලට ගොඩක් ළඟයි. මොන්ටානා වල සීතලේ ගුලි වෙලා කැලේක ඉන්නවා වගේ හිටපු නිසා මේ වෙනස මට ලොකු හොඳක් වුනා. අනිත් එක රස්සාවක් හොයා ගන්න වුනත් මෙහේ ගොඩක් ලේසි වුනා වගේම ගෙවන ගාණත් වැඩි වුනා.

කැම්පස් පටන් ගන්න මාසයක් විතර තියෙන අතරේ අමිලයි, සචියයි ඇමරිකාවට ආවා මාව බලන්න. උන් දෙන්නම ඒ වෙනකොට හිටියේ ලංකාවේ. දෙන්නම උපාධිය සම්පූර්ණ කරලා පොඩි පොඩි රස්සාවල් කරන ගමන් තමයි හිටියේ. උන්ව ගෙන්න ගන්න එකේ ලොකුම අමාරුව තිබුණේ වීසා ගන්න එක... මම දන්න අය කීප දෙනෙකුටම කියලා... සචියගේ තාත්තා ලොකු ගේමකුත් දීලා තමයි වැඩේ කරගත්තේ.

මේ කාලේ වෙනකොට මම රස්සාවල් කීපයක්ම කරලා සෑහෙන මුදල් ප්‍රමාණයක් හොයාගෙන තිබුණා. මම තනියම ජීවත් වුන නිසා, කෑම බීම වලටයි, ඉන්න තැනටයි ඇරුණහම ලොකු වියදමක් ගියේ නෑ. ඒ නිසා මම යාළුවෝ දෙන්නට ටිකට් අරගෙන දුන්නා.

දෙන්නම එන්න නියමිතව තිබුණේ සිකුරාදා දවසක උදේ පහට විතර. මම උදේම නැගිටලා එයාර් පෝට් එකට ගියා.

හරියටම වෙලාවට ආපු ගුවන් යානයේ අමිලයි, සචිත්‍රයි ආවා.

“අම්මේ කාවා.. උඹව දැක්කහම අම්මා තාත්තා දැක්කා වගේ...“

අමිලගේ සුපුරුදු වචන ටික කටින් පැන්නා.

මම ගිහින් උන් දෙන්නව බදා ගත්තා. කාත් කවුරුවත් ආශ්‍රය නොකර තනියම අවුරුදු තුනක් විතර ජීවත් වෙලා අන්තිමට පොඩි කාලේ ඉඳන් අඳුරන යාළුවෝ දෙන්නෙක් ආවහම දැනෙන සතුට විස්තර කරන්න අමාරුයි.

“වරෙන් වරෙන්... උඹලා දෙන්නා නැතුව මල පාළුවේ හිටියේ බං...“

“ඒක තමා කාවා... ඒ කාලේ කරපු මගෝඩි වැඩ.... මතක් වෙනකොටත් හිනා යනවා බං... උඹ අර කෙල්ලෙක් නිසා සික් ගහලා හිටපු විදිහ... අපි ගුටි කාපු තරම්...“

අමිල කිව්වා. ඒත් එක්කම යටපත් කරන්න අමාරු මතකයක් වගේ දිලිනි මගේ හිතට ආවා... ඒකෙන් මම කල්පනාවට වැටුනා.

“සොරි කාවා... අනවශයය දෙයක් මම කිව්වේ.... වෙරි සොරි මචං...“

“නෑ අමිල... උඹ සමාව ගන්න දෙයක් නෑ... ඒක දැන් වෙලා ඉවරයි...“

අපි තුන්දෙනාම මගේ කාර් එකට නැංගා.

“උඹ නම් සිරා පොරක් බං.... ඩිග්රි එක කර ගත්තා, රස්සා කරලා ගාණක් හොයා ගත්තා... වාහනයක් ගත්තා... මොනව වුනත් සිරා කාර් එක බං... මේක ලංකාවට අරන් ගියොත් පොරවල් පිස්සු වැටෙයි... එහේ අවුරුදු දෙකක් තියා අවුරුදු විස්සක් රස්සා කළත් මේ වගේ එකක් නම් ගන්නවා බොරු...“

“මොනව වුනත් උඹලා දෙන්නා මෙහෙම හරි සෙට් වුන එකනම් එල...... දැන් ගිහින් නාලා, කාලා ටිකක් නිදාගෙන රෑට බහිමු...“

“එල කිරි.... අද මෙහේ සිකුරාදා නේ..... පට්ට හැපනින් ඇති නේ බං...“

“මෙහේ අවුලක් නෑ... හැබැයි ගොඩක් ඉන්නේ යුනිවර්සිටි කොලෙජ් වල ළමයි බං... උන් එක්ක රියල් හැපනින් එක්ස්පීරියන්ස් එකක් ගන්න බෑ. අපි අද මෙහේ සෙට් වෙලා හෙට යමු නිව් යෝර්ක් වලට.. අනිද්දා හොලිවුඩ්... ගිහින් පොඩි ෆන් එකක් ගමු. ලොකුවට කරන්න නම් බෑ... සල්ලි ඔක්කොම ඉවර වෙයි.“

“අවුලක් නෑ කාවා... ලාවට වියදම් වෙන වැඩක් කරමු. මොනව වුනත් අර කියපු තැන් දෙකටම යන්න නම් ඕනේ.. අනිත් එක බං අපි වේගාස් යන්නේ නැද්ද?“

“වේගාස් යන්න බෑ යකෝ... මමත් තාම ගිහින් නෑ..“

“වියදම් කරන්න ඕනේ නෑ බං... නිකං රවුමක් දාලා එමු.“ අමිල කිව්වා.

“යකෝ නිකං ඇවිදින්න යන්නවත් ලේසි නෑ... මෙහේ ඉඳලා කිලෝමීටර් දෙදාහකට වැඩියි බං.... ප්ලේන් එකේ තමයි යන්න වෙන්නේ...“

“අම්මා යකෝ... එච්චර දුරද... ප්ලේන් එකේ යන්න සල්ලි කෝ... අව්ලක් නෑ... ඊළඟ සැරේ බලමු.“

“ඒක නෙවෙයි කාවා.. හොලිවුඩ් ගිහින් ආර්නෝල්ඩ් එහෙම හම්බ වෙන්න පුළුවන් වෙයිද, තව මැඩෝනා, වෑන් ඩෑම්, ජුලියා...“

“මගුලක් කතා කරනවා.. උන් එහෙම නිකං පාරේ ඇවිද ඇවිද නෑ බං... ඊට වඩා මරු පොට් එකක් තියෙනවා උඹලව එක්ක යන්න... නෑෂ්විල් කියලා සිටි එකක්.. ඒක මෙතන ඉඳලා කිලෝමීටර් හයසීයක් විතර තියෙනවා... හැබැයි යන එක පාඩු නෑ..“

“මොකක්ද බං සීන් එක..?“ අමිල ඇහුවා.

“මචං... නෑෂ්විල් කියන්නේ ඇමරිකාවේ කන්ට්‍රි මියුසික් වල බර්ත් ප්ලේස් එක වගේ... එහේ මම එක පාරක් ගියා.. සිරා බං... තියෙන හැම පාරකම තියෙන හැම බාර් එකකම ලයිව් සින්දු කියන පොරවල්.... හැම රෑකම උන් ලයිව් ප්ලේ කරනවා... එක එක විදිහේ උන් බං.... ඒක තනිකරම මියුසික් සිටි එකක්...“

“නෑ... සිරා නේ... අනිවා අපි යං...“

“යං යං...“ මම කිව්වා

“ඒක නෙවෙයි කාවා... දැන් කොහොමද උඹේ තත්වේ.... මොකක්ද ජීවිතේ ඉස්සරහට කරන්න යන්නේ?“

“දන්නෑ බං... මේ අවුරුදු තුන මම අවුලක් නැතුව ගත කළා. ඉගෙන ගත්තා, ඇවිද්දා, කෙල්ලෝ ආශ්‍රය කළා... බිව්වා.... නොකරපු දෙයක් නෑ...“

“ඔය මගුලක් නෙවෙයි බං අපි අහන්නේ... අමිලයා ලබන අවුරුද්දේ බඳිනවා, පැණියනම් දැනටම බැඳලා... මටත් දැන් දැන් අම්මා ප්‍රපෝසල් ගේනවා... උඹ මොකද කරන්න යන්නේ?“

“දැන්ම බඳින්න එපා යකෝ.. අපිට තාම විසි හයයි... තව අවුරුදු දෙකක් වත් ලයිෆ් එක එන්ජෝයි කරලා බැඳපං...“

“ඒක හරි... අපි අහන්නේ උඹ එතකොට විසි අට වෙනකොට බඳිනවද?“

“අනිවා... බඳිනවා.... දිලිනි හම්බවුනොත් බඳිනවා..“ අවුරුදු තුනක් ගතවෙලත් මගේ හිතෙන් අයින් කරන්න බැරිවුන දිලිනි ගැන මම කිව්වා.

“උඹ තාම හිතනවද කවා කෙල්ල උඹ වෙනුවෙන් එයි කියලා... දැන් හෝඩුවාවක්වත් නැතුව අවුරුදු දෙක හමාරක් වුනා.“

“කෙල්ල අන්තිමට මට ගත්ත කෝල් එකේදි කිව්වා මොන දේ වුනත් එයා මං වෙනුවෙන් ඉන්නවා, ඒ නිසා බය වෙන්න එපා කියලා...“

“ඉතින් අවුරුදු දෙක හමාරක් ගිහිල්ලත් උඹට කෙල්ලව විශ්වාසයි?“

“ඔව්...“

“උඹව නම් හදන්න බෑ බං...“

“කෙල්ල එයි බං..... නාවොත් මම බඳින්නේ නෑ... ඒ කෙල්ලට මම ආදරේ කරපු තරම්, මට තව කෙනෙකුට දෙන්න බෑ...“

“ඇත්තටම කාවා... උඹට හිතා ගන්න බැරිද කෙල්ලට මොකද වුනේ කියලා... ගිහානයා තාම බැඳලා නෑ... උගේ බිස්නස් වැටිලා... ඔක්කොම වගේ විකුණලා දැම්මා. දැන් ඌ ඕස්ට්‍රේලියාවේ... තාම බැඳලා නෑ... සුද්දියෙක් එක්ක ඉන්නවා කියලා ආරංචියි.“

“මට හිතා ගන්න නම් බෑ... ඒත් මම කෙල්ලව විශ්වාස කරනවා.... කෙල්ල කවදාවත් පොරොන්දු කඩන්නේ නෑ...“

“මචං... ප්‍රොක්සිමා ගෘප් එක පහුගිය අවුරුදු දෙක ඇතුලේ තිබුණට වඩා තුන් ගුණයක් විතර ප්‍රොෆිට් වුනා... අර උඹට උදව් කරපු හර්ෂ තමයි මට කිව්වේ... පොර අපි දෙන්නටම ජොබ් දෙකකුත් ඔෆර් කළා... අපි තව මාස තුනකින් යනවා...“

“ඉතින්...“

“මේකයි බං... දිලිනිගේ තාත්තා දැන් ඒ බිස්නස් බලන්නේ නෑ... ඉන්නේ ඩිරෙක්ටර් බෝඩ් එකක්... ඒක හෙඩ් කරන්නේ කව්ද කියලා කවුරුවත් දන්නේ නෑ.... හැබැයි හර්ෂ දෙන ඉන්ස්ට්‍රක්ෂන්ස් වලට තමයි වැඩ වෙන්නේ.“

“උඹ මොකක්ද කියන්න හදන්නේ? හර්ෂ මේ ඔක්කොම කන්ට්‍රෝල් කරනවා කියලද?“

“නෑ කාවා.... කෙල්ල කොහේ හරි ඉඳගෙන බිස්නස් බලනවා. කෙල්ල තමයි හර්ෂට කරන්න ඕනේ දේවල් කියන්නේ.... දැන් හර්ෂ තමයි එක්සෙකෙටිව් ඩිරෙක්ටර්... පොර මාසෙකට සැරයක් මැලේෂියාවට යනවා... දවස් තුනකට.. ඒ ගිහින් ඇවිත් තමා බෝඩ් මීටීන් එක තියන්නේ..?“

සචියා එහෙම කියද්දි මට පොඩි සැකයක් ඇතිවුනා.

“උඹ කොහොමද සචියා ඕක දැන ගත්තේ...?“

“ලේසියි.... මගේ යාළුවෙක් ඇතුලේ වැඩ කරනවා. පොර මැනේජර් කෙනෙක්.“

“එහෙනම් කෙල්ල මැලේෂියා ඉඳලා බිස්නස් එක හැන්ඩ්ල් කරනවද... හර්ෂ බෝඩ් මීටින් එකට කලින් එහේ යන්නේ කෙල්ලගෙන් උපදෙස් අරන් එන්නද?“ මට කියවුනා.

“උඹ කියන දේම තමා කාවා මටත් හිතුනේ...“

“ඇයි ගොනෝ උඹ ඒක කලින් නොකිව්වේ.. කවදද උඹ ඕක දැනගත්තේ...?“

“වැඩි කාලයක් නෑ බං... දැන් මාස කීපයක් ඇති. කාවා දැන් උඹ ඔක්කොම දාලා මැලේෂියා දුවන්න ලෑස්ති වෙන්න එපා.. කෙල්ල කිව්වනම් එනවා කියලා ඉවසගෙන ඉඳපං...“

“මට හොයාගන්න ඕනේ හර්ෂ මැලේෂියා යන්නේ ඇයි කියලා.“

“ඒක උඹේ වැඩක් නෙවෙයිනේ බං... උගෙන් ඇහුවත් කියන එකක් නෑ... අනිත් එක මම හිතන විදිහට ගිහාන්ගේ කඩාවැටීමත් නිකම්ම වුන එකක් නෙවෙයි... ඒක පිටිපස්සෙත් කවුරු හරි ඉන්නවා.“ සචියා කිව්වා.

“ඇයි බං එහෙම කියන්නේ..“

“ගිහාන්ගේ බිස්නම් කඩාවැටෙන්න පටන් ගත්තේ උඹ ලංකාවෙන් ගිහින් මාස හයකට විතර පස්සේ... ගිය අවුරුද්දේ මුල පොරට ඉන්කම් ටැක්ස් එකෙන් ලොකු කේස් එකක් වැටුනා. මම හිතන්නේ පොරට හිරේ නොවැටී ඉන්න මිලියන ගාණක් නොගෙවපු බදු ගෙවන්න වුනා. ඊට පස්සේ උගේ බිස්නස් වැටුනේ බලාගෙන ඉද්දි කියලා හර්ෂ කිව්වා. අන්තිමට මෑන් පොඩි ඩ්‍රග් සීන් එකකට මාට්ටු වුනා. පොරගේ හොටෙල් එකක කෙල්ලෝ වගයක් සල්ලිවලට විකුණලා මාට්ටු වුනා... අන්තිමට පොර මාස තුනකට හිරේ ගියා. ඒකත් පොරගේ කව්රුහරි සල්ලි විසි කරලා තමා හිරේ නොයා බේරුණේ. ඉන් පස්සේ පොර මාස කීපයක් ඇතුලට බිස්නස් විකුනලා දාලා ඔසී ගියා.“

සචියා සම්පූර්ණ විස්තරේ අකුරක් නෑර කිව්වා.

“උඹ කියන්නේ ගිහාන්ට මේ දේවල් කව්රු හරි ප්ලෑන් කරලා දුන්න ගේමක් කියලද?“

“නැත්තං බං... නැත්තං ඌට මේ හැමදේම එකපාරටම වෙන්නේ කොහොමද බං... අනිවා මේක කාගේ හරි සෙටප් එකක්.“

“දිලිනිගේ ද?“

“දන්නෑ.... ඒත් කෙල්ල වෙන්න ඕනේ.... මොකද ගිහාන් ගැන ඔච්චර දේවල් දන්නේ කෙල්ල, අනිත් එක ඌව සීන් එකෙන් අයින් කරලා දාන්න ලොකුම ඕනකම තියෙන්නේ කෙල්ලට.... අන්න එතනදි කාවා මට ලොකු සැකයක් එනවා ඇයි කෙල්ල හැම දේම තනියම කරන්නේ කියලා... ඇයි උඹට කියන්නේ නැත්තේ...?“

“මට ප්‍රශ්ණයක් වෙයි කියලා විතරක් නම් වෙන්න බෑ තමයි සචියා... මොකද කෙල්ලෙක් ඔච්චර ප්‍රශ්ණයක් තියාගෙන තමන්ගේ කොල්ලට නොකියා ඉන්නෑ.“

“ඔය තේරෙන්නේ උඹට ගොනාට වගේ... මමත් කියන්නේ ඒකමයි... කෙල්ලගේ මොකක් හරි රහසක් තියෙනවා ගිහාන් දන්න... හැබැයි ඒක උඹ දැනගන්නවට කෙල්ල කැමති නෑ... ඒ නිසා උඹයි ගිහානුයි මුණ ගැහෙන එක කෙල්ල පුළුවන් තරම් සීමා කරන්න බලනවා... තනියම ගිහාන්ට ෆේස් කරන්නේ ඒ නිසා.“

“උඹ මොකක් ගැනද සැක කරන්නේ සචියා...?“

“ඒක අමිලගෙන් අහපං...“

“මේකයි කාවා... උඹ අප්සෙට් ගන්න එපා.. අපිට වටින් ගොඩින් ආරංචි වුන විදිහට උඹට කෙල්ලව හම්බ වෙන්නත් කළින් කෙල්ල ගිහාන්ව බැඳලා වෙන්න ඕනේ.. ඒක නිකං නමට විතරක් කසාදයක්... සමහර විට බිස්නස් ඩීල් එකක්ම වෙන්නත් බැරි නෑ. මොනවා වුනත් කෙල්ල කැමති නෑ උඹ ඒක දැනගන්නවට... ඒකි ගිහාන් එක්ක හොඳින් ඉඳලා බැලුවා ගැටේ ලිහා ගන්න හරි ගියේ නෑ.. ඒ පාර තනියම ගේමට බැහැලා.. කෙල්ල දන්නවා මේක මෙහෙම ඉවරයක් කරගන්න බැරිනම් ගිහාන්ට ගේමක් අටවලා හරි වැඩේ කරගන්න ඕනේ බව. නැත්නම් උඹත් එක්ක ඒකිට අනාගතයක් නෑ... දැන් උඹලගේ ගෙදරින් තියෙන ප්‍රශ්ණත් එක්ක ඕකත් දැනගත්තොත් උඹට කෙල්ලව බඳින්න තියා හෙල්ලෙන්නවත් බැරි වෙයි කියලා කෙල්ල බය ඇති. ඒ නිසා හොඳින් නැත්නම් නරකින් හරි ගිහාන්ගෙන් ඩිවෝස් එක ගන්න ට්‍රයි කරනවා වෙන්න පුළුවන්.“

“ඉතින් එහෙනම් ගිහාන් මොකටද ඔච්චඑ කෙල්ල පස්සේ අඬ අඬා යන්නේ.. ඌට තියෙන අයිතිය පාවිච්චි කරලා කෙල්ලව ගන්න පුළුවන්නේ...?“ මම ඇහුවා.

“උඹ හිතනවද කාවා කෙල්ල ඒ තරම් ලේසියන් නැවෙනවා කියලා. අනිත් එක කසාදයක් රෙජිස්ටර් කළා කියලා පිරිමියාට බෑ ගෑණිව බලෙන් තියා ගන්න...“

සචියා කිව්වා.

“මේකයි කාවා... උන් දෙන්නම දෙන්නගේ රහස් දන්නවා.. ඒ නිසා දෙන්නම බයයි ප්‍රශ්ණ දාගන්න... මට හිතෙන්නේ එහෙම.“

අමිල කිව්වා

“එතකොට දැන් ගිහාන් රටෙන් පිටවෙලා තියෙන්නේ...?“

“ඌට කෙලවුනා කොහොමහරි.. කෙල්ල දුන්න ගේම වැඩ කළා. කෙල්ලට මේකට හර්ෂ ඇතුලු සෙට් එකක්ම උදව් කරා කියලා හිතන්න පුළුවන්. එ්කට හර්ෂට දුන්න තෑග්ග තමයි එක්සෙකෙටිව් ඩිරෙක්ටර් කම. මොනවා වුනත් ගිහානයා කෑවා කෑමක් අයෙත් නැගිටින්නම බැරි වෙන්න.“

“හරි ඒක එහෙම කියමුකෝ... එහෙනම් ඇයි දැන් කෙල්ල එළියට එන්නේ නැත්තේ...?“ මම ඇහුවා.

“ඒක ඉතින් දන්නේ කෙල්ලම තමයි කාවා...“

“උඹලා කියන ඔය දේ ෆිල්ම් එකකට නම් මාරයි.... ඒ්ත් ඇත්තටම නම් මට ෂුවර් නෑ...“

“ඕකනේ කියන්නේ... උඹට අපිව විශ්වාස නෑ.. ඔච්චර කරලා කෙලවලා ගිය කෙල්ල ෂුවර්..“

“මචං පොඩ්ඩක් හිතපං... පොඩි කෙල්ලෙකුට ඔය වගේ දෙයක් කරන්න පුළුවන්ද..... කෙල්ලට සල්ලි තියෙන බව ඇත්ත..  ඒත් ඔය වගේ උන් එක්ක හැප්පෙන්න තරම් කෙල්ලෙකුට පුළුවන්ද?“

“හරි හරි... දැන් ඔය මගුල නවත්තලා වරෙන් යන්න වොෂ් එකක් දාගෙන ටිකක් නිදා ගන්න යන්න.“

සචිත්‍රටයි අමිලටයි ඒ වැඩ කරගන්න දීලා මම එළියට ආවා.