Monday, September 11, 2017

සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය ~ මේ ආදරයයි ~ 88



සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය


මේ ආදරයයි




88.

ඉරිදා දවස උදා වුනේ මගේ හිත නොසන්සුන් කරලා.

දවස් ගාණක් දිලිනිව දකින්න නැතුව මම හිටියේ අමාරුවෙන්. කෙල්ල ගියාට පස්සේ දවස් දෙකක් විතරයි කතා කළේ... වැඩ වැඩි නිසා වැඩි දෙයක් කතා කළෙත් නැහැ. ඒ නිසා අද දිලිනිව දකින්න මම නොඉවසිල්ලෙන් හිටියේ.

මම උදේම දිලිනිට කතා කලා. ඒත් එයා ෆෝන් එක ආන්සර් කළේ නෑ.

මේ කෙල්ලට මොනවද වෙලා තියෙන්නේ... අදත් මාව මග හරින්නද යන්නේ. අදනම් මම ගෙදර ගිහින් හරි කතා කරනවා.

මම තවත් පැය බාගයක් බලාගෙන හිටියා. ඒත් දිලිනි මට කෝල් කළේ නෑ.

මම කෙලින්ම බයික් එක අරගෙන දිලිනිගේ ගේ ළඟට ගියා. ගෙදර වහලා. මම කෝකටත් කියලා පොඩි තට්ටුවක් දැම්මා.

“කාව හම්බවෙන්නද මහත්තයා.“ වත්ත බලාගන්න මිනිහා මගෙන් ඇහුවා.

“මිස්ටර් විජේසුන්දර අද ඉන්නවද?“

“ගෙදර කව්රුත් නෑ. සර්රුයි මැඩමුයි වත්තට ගියා. සුදු නෝනා (දිලිනි) ජිම් එකට ගියා.“
“බොහොම ස්තුතියි...“ මම ආයෙත් ජීප් එකට නැංගා.

මේ කෙල්ලට පිස්සුද... මට අද එනවා කියලා දැන් ඒක අමතක කරලා ජිම් එකට ගිහින්...
මම කෙලින්ම ගියේ ජිම් එකට. වාහනේ පාක් එකේ දාලා මම ඇතුලට ගියා.

මාව දැක්ක ගමන් දිලිනි දුවගෙන ආවා.

“කාවින්ද.... ඔයා මොකද මෙහේ?“

“ඇයි.... ඔයා අද එනවා කිව්වා. මම උදේ කතා කරනකොට ෆොන් එක ගත්තේ නෑ... අමතක වුනාද මාව බලන්න එනවා කිව්ව එක.“

“මම එහෙම කිව්වද.. සොරි කාවින්ද පහුගිය දවස් වල වැඩ වැඩි නිසා හැම දේම පැටලිලා.“

“මම විශ්වාස නෑ සුදූ... කමක් නෑ.... දැන් යමු. මට ඔයා එක්ක කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා.“

“දැන්.....?“

“ඔව් ඇයි.....?“

“දැන් එන්න බෑ අනේ.... මම මේ ටික කරලා හවස එන්නම්.“

“බෑ බෑ.... මට ඔයා දැන් එන්න ඕනේ...“

“අනේ කාවින්ද... මුරණ්ඩු වෙන්න එපා...“

“ඔයානේ වැරැද්ද කළේ... මම කියපු දේ අමතක කරලා...“

““හරි ඉතින් මම වැරදි දෙයක් කළේ නෑනේ කාවින්ද... ජිම් එකට ආවා.. එච්චරයි.“

“ඒක වැරැද්දක් නෙවෙයි... ඒත් මාව අමතක කරපු එක වැරැද්දක්.“

“මම හිතල කළේ නැහැ... නිකංම අමතක වෙලා..“

“නිකංම අමතක වෙලා....... මේ මාව......... හිතාගන්නත් බෑ... ඔයාට නිකංම මාව අමතක වෙලා...?“

“එහෙම දෙයක් නෙවෙයි... මම කිව්වේ වැඩ නිසා මාව අවුල් වෙලා.... තාත්ති හැම දේම දැන් මටම බාර දෙනවා... එපා වෙනවා.“

“හරි... දැන් ඒව අමතක කරන්න... අපි දැන් යමු...“

දිලිනි ඒත් වැඩි කැමැත්තක් පෙන්නුවේ නෑ.

“ඔයා එන්නේ නැද්ද?“

“මගේ කාර් එක...?“

“ඒක ඔහොම තියල යමු... එනගමන් ඔයා ගන්න.“

“බෑ කාවින්ද, මට බෑ..... අපි දෙන්නා ටිකක් දවස් වැඩිය ලං වෙන්නේ නැතුව ඉමු.“

“මොකක්..... මොනවද ඔයා කියන්නේ... අපි ඇයි එහෙම කරන්නේ...? කාට බයේද?“

“කාටවත් බයේ නෙවෙයි කාවින්ද.... ඒ වුනාට...“

“මේ මේ.... පිස්සු නැතුව එන්න සුදූ...“

මම බලෙන්ම වගේ දිලිනිව වාහනේට දාගත්තා.

“සුදූ... මට දැනගන්න ඕනේ ඔයාගේ වෙනස.... ඔයා මට සාමාන්‍ය විදිහට කතා කරලා ඉන්න හැදුවට මට පේනවා වෙනසක්...“

“නෑ... මගේ කිසිම වෙනසක් නෑ...“

“ඒක බොරුවක්... ඔයා කරන්නේ බොරුවක් කියලා මට දැනෙනවා. ඇයි ඔයා ආයෙත් මගෙන් ඈත් වෙන්න හදන්නේ... දැන් දවස් කීයක් මාව මග ඇරියද?“

දිලිනි කිසිම දෙයක් කිව්වේ නැහැ. ඒත් එයාගේ ඇස්වල කඳුලු.

“මොකද මේ...?“

“කාවින්ද..... දෙමව්පියන්ගේ හිත් වලට දුක් දෙන දේවල් කරන්න එපා...“

“ඇයි මම මොකක්ද කළේ...?“

“ඔයා විශේෂයෙන් කරපු දෙයක් නෙවෙයි... ඒත් අපි දෙන්නගේ ආදරේ නිසා ඔයාගේ අම්මා හොඳටම දුක් වෙනවා.“

“අම්ම ඇයි දුක් වෙන්නේ... මම නරක කෙල්ලෙක් හොයා ගත්තේ නැහැනේ.“

“ඒ වුනාට කාවින්ද... අපි අමාරුවෙන් හරි අපි දෙන්නා ගැන තීරණයක් ගමු.“

“අපි තීරණයක් අරගෙන නේද තියෙන්නේ...? මොන ප්‍රශ්ණ ආවත් අපි වෙන් වෙන්නේ නෑ කියලා.“

“ඒක නෙවෙයි කාවින්ද... අපිට ඒක වෙනස් කරන්න වෙනවා.... අපි දෙන්නා එකතු වෙන එක පොසිබල් දෙයක් නෙවෙයි...“

“මොනවද ඔයා මේ කියවන විකාර. අපි දෙන්නා එකතු වෙන  එක දැනටමත් වෙලා ඉවරයි.... ඒක ආයේ ඉම්පොසිබල් කියන්න එපා.“

“අනේ ඔයාට තේරෙන්නේ නැද්ද...?ඔයාගේ අම්මා ගොඩක් දුක් වෙනවා ඔයා නිසා.“

“ඔයා බය නොවී ඉන්න... මම ටික කාලයකින් අම්මව කැමති කර ගන්නම්...“

“ඒක වෙන දෙයක් නෙවෙයි කාවින්ද... අම්මා දන්නවා මම ඔයාට වැඩිමල් කියලා.... අනිත් එක අපි දෙන්නා ගැලපෙන්නේ නෑ කියලා එයා විශ්වාස කරනවා.“

“දිලිනි මේ... විකාර කියවන්න එපා... මම ආදරේ ඔයාට විතරයි.. ඔයත් එහෙමයි කියලා මම දන්නවා. ඒ නිසා අපි අපිටම බොරු කරගන්නේ නැතුව ඉමු.“

“මට දැන් එහෙම කරන්න බෑ.. මම පොරොන්දු වුනා ඔයාගේ අම්මට...“

“පොරොන්දු වුනා... මොනවද, කවදද?“

“ඔයාගේ අම්මයි තාත්තයි මෙහේ ආවා. ඔයත් දන්නවනේ... ඒ දෙන්නා කිසිම වෙලාවට මට බැන්නේ නැහැ. ඒත් මට බැගෑපත් වුනා මේක නතර කරන්න කියලා. ඔයාගේ අම්මා අඬ අඬ මට වැඳලා කිව්වා මේක නතර කරන්න කියලා. අම්මා කෙනෙක් එහෙම අඬනවා බලාගෙන ඉන්න මට බෑ කාවින්ද...“

“ඉතින්....“

“මට බලාගෙන ඉන්න බැරිවුනා කාවින්ද... මම ඔයාගේ අම්මට පොරොන්දු වුනා අපි දෙන්නගේ සම්බන්දේ නවත්තන්න. මම කවදාවත් ආයෙත් ඔයාව හම්බවෙන්නේ නෑ කියලා මම පොරොන්දු වුනා.“

“පිස්සද ඔයාට. අපි දෙන්නා යාළුවුනේ දෙන්නගෙම කැමැත්තෙන්‍... ඔයා කොහොමද එහෙම තනි තීරණයක් ගන්නේ....?“

“අනේ... තේරුම් ගන්න...... මට බෑ ඔයාගේ අම්මගේ හිත රිදවලා ඔයාව මගේ කරගන්න. අම්මා මගේ ලඟ අර විදිහට අඬද්දි මට වෙන කරන්න දෙයක් තිබුණේ නෑ කාවින්ද... මට දැන් ඒ පොරොන්දුව කඩන්න බෑ....“

එහෙනම් මේකයි එදා වෙලා තියෙන්නේ. ඒ නිසා තමයි කිසිම කෙනෙක් මට මොනවත් කිව්වේ නැත්තේ. අම්මයි තාත්තයි දන්නවා මට කියලා මේක නවත්තන්න බෑ කියලා. ඒ නිසා ෂේප් එකේ දිලිනිව හම්බවෙලා එයාව කැමති කරවගෙන....
“කාවින්ද.. අඩු ගාණේ ටික දවසක්වත් අපි හම්බවෙන්නේ නැතුව ඉමු. පොරොන්දුවක් කඩලා මට නරක කෙල්ලෙක් වෙන්න බෑ.. ප්ලීස් මාව දැන් ගිහින් දාන්න.“
“ඔයාට මාව නැතුව ඉන්න පුළුවන්ද... තව කෙනෙකුට ආදරේ කරලා කසාද බඳින්න පුළුවන්ද?“
“බෑ කාවින්ද... කවදාවත් බෑ... මට කිසිම දවසක වෙන කෙනෙකුට ආදරේ කරන්න බෑ... මම ආදරේ කළේ ඔයාට විතරයි... ඉස්සරහටයි ඔයාට විතරයි.... ඒත් අපිට වෙන් වෙන්න වෙනවා... මුළු ලෝකෙම අපිට විරුද්ධ වෙනකොට අපිට පුළුවන් වෙයිද ඒ හැමදේටම විරුද්ධව ගිහිල්ලා ජීවිතේ දිනන්න... ඒක කරන්න බෑ කාවින්ද...“
“මට තේරෙන්නේ නෑ ඔයාගේ ඔය කතාව. ඔයා එක සැරයකුත් තලවකැලේ ඉන්නකොට ඔය කතාව කිව්වා. කවදාවත් මාව දාල යන්නේ නෑ කියලා පොරොන්දු වෙලා දවස් දෙක තුනකදි කිව්වා අපිට මේක කරන්න බෑ කියලා. ඊට පස්සේ ආයෙත් කිව්වා අපි මොනවා වුනත් එකට ඉමු කියලා... දැන් ආයෙත් කියනවා අපිට එකතු වෙන්න බෑ කියලා. ඔයා ඇයි සැරෙන් සැරේ ඔයාගේ හිතේ තියෙන දේ වෙනස් කරන්නේ...? ඔයාට මාව විශ්වාස නැද්ද....?“
“නෑ බබා.... මට ඔයා නැතිවෙනවා කියන්නේ මුළු ලෝකෙම නැති වුනා වගේ... ඒත් මම ඒක දරාගන්නම් ඔයාගේ අම්මා වෙනුවෙන්.... අපි ලෝකේ වෙනස් කරන්න හදන්නේ නැතුව ලෝකෙට ඕනේ විදිහට වෙනස් වෙමු.“
ඇත්තටම දිලිනි කරපු දේ ගැන මට තරහ ආවා. ඒ නිසා මම මොනවත් නොකියා වාහනේට නැගලා ස්ටාර්ට් කරගත්තා.
“යමු...“
“අනේ කාවින්ද මට සමාවෙන්න..... දෙමව්පියන්ට දුක් දෙන්න එපා. මගේ අම්මා තාත්තා වගේ නෙවෙයි ඔයාගේ දෙමව්පියෝ පුදුම දුකක් විඳලා තමයි ඔයාවයි මල්ලිවයි හදලා තියෙන්නේ.. එහෙම කෙනෙකුට ද්‍රෝහි වෙන්න මට බෑ...“
මම කතාවක් නැතුව කෙලින්ම ඇවිල්ලා දිලිනිව ජිම් එක ළඟින් දැම්මා.
“ඔයාට යන්න පුළුවන්ද..?“
“පුළුවන් කාවින්ද...“
“එහෙනම් ඔයා තීරණය කරලා ඉවරයි.... කමක් නෑ.... ඔයාගේ කැමැත්තක්....“
මට තිබුණේ තරහක් විතරක් නෙවෙයි, දුකක්, හිතාගන්න බැරි හැඟීමක සහ අවුල් වුන බවක්... අම්මා එදා දවසෙන් පස්සේ හැම වෙලාවකම මං ගැන හොයලා බලනවා වෙනදට වඩා. මම යන එන තැන් අහනවා... ගෙදර එන වෙලාව අහනවා. මේ හැම දෙයක්ම බලාගෙන යනකොට ප්ලෑන් එකක්. ඒ කියන්නේ අන්තිමට දිනිගේ සැලැස්ම වැඩ කළා.
මට ගෙදර යන්න හිතක් තිබුණේ නෑ... කොහෙද යන්නේ කියලා කල්පනා කරද්දි එක පාරටම ඔළුවට ආවේ හෂිනි අක්කා. හැමදාමත් මොන තත්වයක් යටතේ වුනත් මට උදව් කළේ එයා විතරයි. ජීප් එකේ ඇඳම් දෙකක් තිබුණ නිසා මම කෙලින්ම හෂිනි අක්කා ඉන්න තලවකැලේ යන්න පිටත් වුනා. මම කිසිම කෙනෙකුට මම යනවා කියලා කිව්වේ නෑ.
හැමෝටම මට මෙහෙම කරන්න පුළුවන් නම් මම මොකටද ඒ මිනිස්සු ගැන හොයන්නේ... එහෙම හිතලා මම ෆෝන් එක ඔෆ් කරලා දැම්මා.
මාව දැකපු ගමන් හෂීනි අක්කා දුවගෙන ආවා....
“අප්පේ මතක් වෙලා තියෙන්නේ එහෙනම්..... කෝ කෙල්ල....?“
මම හිනා වෙලා අක්කට හග් එකක් දුන්නා.
“යමු ඇතුලට, අද වැස්සත් එක්ක මාර සීතලයි මල්ලි....“
“අරුණ අයියා කෝ....?“
“එයා ගියා අම්මව බලලා එන්න... දවස් දෙක තුනක් එන එකක් නෑ. අම්මට අසනීප වෙලා...“
“ඉතින් තමුසේ ගියේ නැත්තේ මොකෝ... නැන්දම්මයි ලේලියි වලිද?“
“වලියක් නම් නෑ.... ඒත් මම ආස නෑ වැඩිය මුව් වෙන්න.. පොඩ්ඩ බැරිවෙන්න බෑ මොනව හරි කියනවා. ඒ නිසා පවුල් ප්‍රශ්ණ ඇති කර නොගෙන මම පුළුවන් තරම් ඈත් වෙලා ඉන්නවා.“
“ඒ වුනාට අයියට අවුල් ඇතිනේ...?“
“අපෝ නෑ.. එයාම තමා කියලා තියෙන්නේ මට එන්න එපා කියලා. ඒක නෙවෙයි, කෝ දිලිනි... කෙල්ලත් එක්කගෙනම එන්න තිබ්බේ...“
මම කතා නැතුව ඉන්නවා දැකලා අක්කා මගේ අතින් අල්ලගෙන වාඩි වුනා.
“මොකද ඒ පාර... ආයෙත් අවුලක්ද?“
“හ්ම්....“
“මොකද දැන්...“
“අපේ අම්මා දිලිනිව හම්බවෙලා අඬලා අඬලා එයාව පොරොන්දු කරගෙන මාත් එක්ක තියෙන සම්බන්දේ නවත්තනවා කියලා.“
“නෑ.. කෙල්ල කැමති වෙලාද?“
“ඔව් අක්කේ... අම්මා අඬනකොට බලාගෙන ඉන්න බැරිලු..... අම්මගේ හිත රිදවලා මොනවා කළත් වැඩක් නෑලු. තව බයිලා ගොඩක් කියනවා....“
“මම එදත් දැක්කා මල්ලි... ඔය කෙල්ල එක තීරණයක ඉන්න කෙනෙක් නෙවෙයි..... එයාගේ හිත සැරෙන් සැරේ වෙනස් වෙනවා....“
“ඒ වුනාට අක්කේ අපි දෙන්නා කොච්චර ලං වුනාද මේ ටික දවසට... මම ඔයාට කිව්වනේ සිංගප්පූරුවේ වුන දේවල්... ඊට පස්සේ ලංකාවට ඇවිල්ලා අපි හිටපු විදිහ... එහෙම ඉඳපු කෙල්ල මොකද මේ වෙනස් වෙලා. මට හිතා ගන්න බෑ.... අම්මා කියපු දේ විතරක්ද කියලා සැකයි.“
“මොකක් හරි... කොහොම හරි උඹ දැන් කෙල්ල එක්ක තරහ වෙලාද ආවේ...“
“මොකෙක් එක්කවත් තරහ වුනේ නෑ.. ඒත් මට ගෙදරත් එපා වුනා, දිලිනිගේ වැඩත් එපා වුනා, කොටින්ම දිනිත් එපා වුනා...“
“දැන් මොකද කරන්නේ...?“
“දන්නෑ අක්කේ... මම ෆෝන් එකත් ඔෆ් කරලා මෙහේ ආවේ සතියක් දෙකක් ඉන්න.... කාටවත් මාව හොයාගන්න බැරි වෙන්න.“
“සතියක් නෙවෙයි, ජීවිත කාලෙම හිටියත් ප්‍රශ්ණයක් නෑ.... ඒත් ගෙදරට කියලා ඉන්න. ඒ මිනිස්සු බය කරන්න එපා. අනික දිලිනිටත් මැසේජ් එකක්වත් දාන්න.. මොනවා වුනත් කෙල්ල උඹට පණ වගේ ආදරෙයි...“
මම ආයෙත් කවදා ගෙදර යනවද කියන එක නොදැන මම තලවකැලේ නැවතුනා.

සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය ~ මේ ආදරයයි ~ 87



සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය


මේ ආදරයයි



87.

පහුවෙනිදා උදේම මම දිලිනිට කතා කළා.
හොඳ වෙලාවට එයා ෆෝන් එක ගත්තා.
“සුදූ මොකද කරන්නේ?”
“මම නාලා ඉවර වුනා විතරයි... ඔෆිස් යන්න ඇඳගන්න හදන්නේ.”
“ලස්සනයි.... ඔයා ‍ඔහොම ඉන්නකොට”
“කව්ද? කොහොම ඉන්නකොටද?”
“ඔයා ටවල් එක විතරක් ඇඳ ගෙන ඉන්නකොට.... එන්නද බලන්න...?”
“පිස්සු කතා කරන්න එපා... මම දැන් ඔෆිස් යනවා..”
“අපි අද හම්බ වෙන්නේ නැද්ද?”
“හවස් වෙලා බලමු කාවින්ද..... මට අද ගොඩක් වැඩ තියෙනවා.... රෑ වෙලා හරි ඉවර වුන ගමන් මම ඔයාට කෝල් එකක් දෙන්නම්.”
“ඒ කියන්නේ අද දවසම මට ඔයාව බලන්න‍ නැතුවද ඉන්න වෙන්නේ..?”
“බලමුකෝ කාවින්ද?”
දිලිනි වෙනසක් නොපෙන්නා කතා කළත් මට අමුත්තක් දැනුනා. වෙනද මම එනවා කිව්වොත් මොන වැඩේ තිබුණත් එක කෙල්ල අද එන එකත් ෂුවර් නෑ කිව්වා. ඊයේ වුනේ මොනවද කියලා අහන්න ඕනේ....
හවස පහ වුනා. දිලිනිගෙන් කෝල් එකක් නෑ.
බැරිම තැන මම ගියා දිලිනිගේ ඔෆිස් එකට.
“යමු මම ගිහින් දාන්නම්.” මම කිව්වා.
“කාවින්ද මට අද බයික් එකේ යන්න බෑ..”
“එහෙනම් බයික් එක මෙතන දාලා මම එන්නම් කාර් එකට.”
“ප්ලීස් තේරුම් ගන්නකෝ...... අපි හෙට හම්බවෙමු... තාත්ති බලාග‍න ඉන්නවා මම එනකං ඩිනර් එකකට යන්න.”
“ඒකත් එහෙමද? මට ඔයාගේ වෙනසක් පේනවා දිලිනි... මොකද වුනේ... මම දන්නවා අපේ අම්මලා ඔයාගේ ගෙදර ආවා කියලා. ඒක දිනි, සමාධි එක්ක එකතු වෙලා අටවපු උගුලක්...”
“ඒක වැඩක් නෑ දැන් කාවින්ද... අපි ඒ ගැන කතා නොකර ඉමු.”
“හරි.... ඒත් ඇයි සුදූ ඔයා මාව මගහරින්නේ...?”
“මම ‍එහෙම කරන්නේ නෑ බබා.. ඒත් මට ඔයාව මග ඇරෙයි...” ඒ ටික කියනකොට දිලිනිගේ ඇස් වල කඳුලු...
“මම මහා කාලකන්නි කෙල්ලෙක් කාවින්ද... මම කළිනුත් ඔයාට කිව්වා... ඔයා ඇහුවේ නෑ... මාව හරි පාරට ගන්නවා කියලා ඔයා කරපු දේ නිසා මම හිටියටත් වඩා අතරමං වෙලා.”
“මොකක්ද සුදූ ඒ කතාවේ තේරුම...?”
“තේරුම් ගන්න උත්සහ කරන්න...... මම දැන් යනවා. අපි හෙට හම්බවෙමු.. මම පොරොන්දු වෙනවා.”
“ඔයා ඔහොම අඬද්දි යන්න දෙන්න බෑ....”
“මම අඬන්නේ නෑ...... ඇ‍ඬෙනවා.... ප්ලීස් දැන් යන්න කාවින්ද... මම හෙට එනවා...”
“එහෙනම් හෙට හවස හතරට...”
“හරි බබා.... මම කියන්නම් තැන.”
මම කෙලින්ම සචියා හොයාගෙන ගියා.
කොහොම හරි ඌ ආයෙත් මාත් එක්ක යාළු වුන එක ලොකු දෙයක්.... පහුගිය ටිකේ ඌ නැති අඩුව හොඳටම දැනුනා.
“සචියා.... දිලිනි දැන් හම්බවුනා..... ඒත් වෙනද වගේ නෑ.... අමුතුයි... අද මාත් එක්ක යන්නත් බෑ කිව්වා.”
“මොකක් හරි... උඹ පරෙස්සම් වෙයං... ආයෙත් කෙහෙන් ගිනි පත්තු වෙයිද දන්නෑ...”
“ඒක නෙවෙයි සචියා උඹ මාත් එක්ක තරහ වුනාද..? මම උඹට ගැහුවා...”
“නෑ... අමතක කරල දාපං..... යාළුවෝ කියන්නේ ඒකනේ බං...”
“නෑ සචියා.. උඹේ තියෙන ඒ කොලිටි එකට ලං වෙන්නවත් මට බෑ..... එච්චර දෙයක් වෙලත් මම නැති වෙලාවේ උඹ ගේමට එන්ටර් වුනා මං වෙනුවෙන්...”
“අල්ලලා දාපං බං...... උඹත් මට ඔය වගේ උදව් කරල තියෙනවනේ...”
“හ්ම්. මේ අර ෆොටෝස් අරන් තියෙන්නේ දිනිද? බං.”
‘දන්නෑ.. හැබැයි ඊට වඩා පුරුදු එකෙක් වගේ... සූම් ලෙන්ස් එකකින් අරන් තියෙන්නේ.... කව්රු හරි දාලා වැඩේ කෙරෙව්වද දන්නෑ.”
“උඹට ෂුවර්ද සචියා දිනිමයි මේ වැඩේ කරලා තියෙන්නේ කියලා?”
“ෆොටෝස් ටික දීල තියෙන්නේ නම් කව්ද දන්නේ නෑ.. ඒත් ඒ වෙලාවෙම සමාධි ගිහින් තියෙනවා උඹල‍ගේ අම්ම හම්බ වෙන්න. ඒ කියන්නේ උන් දෙන්න තමා බං කරල තියෙන්නේ.”
“මොනවද බං ෆොටෝ වල තියෙන්නේ...?”
“ගොනා වගේ අහන හැටි... යකෝ උඹල දෙන්න කරපු හැම දේම තියෙනවා...”
“නෑ.... ගේ ඇතුලේ ඒවත්...?”
“නෑ ගොනෝ... ඇඳ උඩ ඒවත් තියෙනවා...”
“බොරු කියන්න එපා යකෝ... ගේ ඇතුලේ ඒවා ගන්න විදිහක් නෑ.....”
“ඒ කියන්නේ උඹලා දෙන්නා හොඳ ආතල් අරන් තියෙනවා. අම්ම, තාත්තට පෙන්නන්න බැරි තරම් දේවල්...”
“මේ පිස්සු නැතුව කියපං බං..”
“උඹලා දෙන්නා ෆිල්ම් හෝල් එකේ එන්ට්‍රන්ස් එකේ ඉන්න එකක්, ඊට පස්සේ දෙන්නා කාර් එකට නගින එකක්. උඹ ඩ්‍රයිවින් සීට් එකේ ඉන්න එකක්, ඊට පස්සේ දෙන්නා එපාර්ට්මන්ට් එකේ දොර ළඟ බදාගෙන ඉන්න එකක්. ඊට පස්සේ ඇතුලට යන එකක්...”
“නෑ.... ලැජ්ජාව කාලා ඉවරයි.... යකෝ... මම කොහොමද අම්මට මූණ දෙන්නේ.... අප්පා..... දැන් ඉතින් අවුරුදු ගාණක් තියාගෙන ආව කාඩ් කුඩු...”
“කාඩ් විතරක් කුඩු වෙලා ඉවර වුනොත් ලොකු දෙයක්... මට බය තියෙන්නේ මිනී දෙක තුනක් මැරෙයි කියලා... අර මදාවියත් උඹලා තාත්තා එක්ක බැහැලා.”
“ඒක මම බලාගන්නම්... තාත්තා එක්ක... එයාට එහෙම ඕනේ ඕනේ විදිහට එක එකා එක්ක හැප්පෙන්න බෑ... යකෝ මටත් කියලා ආත්ම ගරුත්වයක් තියෙනවා.”
“අනේ පලයං බං යන්න. කෙල්ලෙක් එක්ක චාටර් වුනාට පස්සේ මොන ආත්ම ගරුත්වයන්ද.. උඹ තාත්තා එක්ක ඕව කතා කරන්න ගියොත් දෙයි උඹට රෙදි ගැලවෙන්න. ආයෙ වසලා හමාරයි.”
“හරි හරි. බලමුකෝ...” මම කිව්වා.
“ඒක නෙවෙයි කාවා.. දිනි කෝල් කළේ නැද්ද?”
“නෑ... එදා සීන් එකෙන් පස්සේ ඉන්නවද මලාද නෑ...”
“කෙල්ල බයවෙලා ඇති... සීන් එකට උඹට මල පැනලා කියලා. මොනව වුනත් කෙල්ල කරපු දේ මම අනුමත කරන්නේ නෑ කාවා. උඹට ලව් කරන එක වෙනම දෙයක්... ඒත් ඔය වගේ බාල ගේම් ගහලා උඹව අනාත කරන  එක බලු වැඩක්. ඒකයි මම කෙලින්ම ගේමට බැස්සේ උඹ නැතත්.”
“එළ කිරි.... උඹ තමා බං මිනිහා.”
මම එදා ගෙදර නොයා සචියා එක්ක හිටියා. එදත් අම්මා කෝල් කරලා මම ඉන්නේ කොහෙද කියලා ඇහුවා.
පහුවෙනිදා මම උදේම ප්‍රැක්ටිස් ගියා. මොනව වුනත් තවත් වතාවක් ප්‍රැක්ටිස් නවත්තලා දාන්න බෑ. පටන් ගත්ත වැඩේ කොහොමහරි කරන්න ඕනේ. අනිත් එක එදා දිලිනි කිව්ව වගේ මම මේ දේවල් නොකර රස්තියාදු වෙවී හිටියොත් දිලිනි නිසා මම විනාශ වෙයි කියලා කියන අනාවැකි ඇත්ත වෙනවා.
ඒ නිසා මම අනිත් ප්‍රශ්ණ ඔක්කොම අමතක කරලා ඒ පැය හතර ප්‍රැක්ටිස් කළා. සර් කියන විදිහට මම තව ටිකක් උනන්දු වුනා නම් මීට වඩා හොඳට කරන්න තිබුණා. ඇත්ත කතාව, මම ප්‍රැක්ටිස් වලදි උපරිමය කරන්නේ නැහැ කියලා මටම තේරුණා. ඒත් හිත එක තැනක තියාගන්න බැරුව මේ තරමින් හරි මේව කරන එක මට ලොකු දෙයක්.
ප්‍රැක්ටිස් ඉවර වෙලා මම දහයට විතර දිලිනිට කෝල් එකක් ගත්තා.
“සුදූ... ඔයා අද එනව නේද මාව හම්බවෙන්න? දැන්ම එන්නකෝ...“
“කාවින්ද පොඩි ප්‍රශ්ණයක් තියෙනවා... මම අද තාත්ති එක්ක නුවරඑළියේ යනවා. ඒ හොටෙල් එකේ පොඩි වැඩ වගයක් තියෙනවා. ඒ නිසා ප්ලීස් අපි වෙන දවසක හම්බවෙමු. මම දැන් පිටත් වෙලත් ඉවරයි.“
“එහෙනම් ඉතින් මොනව කරන්නද? ඔයා අද එනවද නැත්නම් හෙටද?“
“මම එන්නේ හෙට.... ඒත් හෙට හවස කෙලින්ම අපි අනුරාධපුරේ යනවා එහේ හොටෙල් එකට... ඒ වැඩ ඉවර වෙලා දවස් පහකින් තමා මම නුවරට එන්නේ... ඒ කියන්නේ ඉරිදා. අපි ඉරිදා හම්බවෙමු.“
දිලිනි ඇයි මට කලින් කියන්නේ නැතුව මෙහෙම කරන්නේ...? වෙනදා දවසක්වත් මාව බලන්නේ නැතුව ඉන්න බැරි කෙල්ල...
“සුදූ ඔයාට ප්‍රශ්ණයක් නෑ නේද?“
“නෑ..... ඇයි...?“
“නෑ... මට වෙනසක් දැනෙනවා වගේ.... මට ඔයාගෙන් දැනගන්න ගොඩක් දේවල් තියෙනවා...“
“මට ප්‍රශ්ණයක් නෑ කාවින්ද... අපි කතා කරමු ඉරිදා. ඔන්න ඉරිදා දවසම මම ඔයා එක්ක. බ්‍රෙක්ෆර්ස්ට්, ලන්ච්, ඩිනර් තුනම මාත් එක්ක. ඔන්න දිනි ගේ වැඩ නම් දාගන්න එපා එදාට.“
“නෑ... නෑ... එදාට අපි දෙන්නා විතරයි... කොහොමත් මට ආයෙත් දිනි එක්ක ගනුදෙනුවක් නෑ කියලා තමයි මම හිතාගෙන ඉන්නේ...“
“හ්ම්..... කමක් නෑ කාවින්ද.. ඔයාට කැමති දෙයක්. ඒ වුනත් මම වෙනුවෙන් කිසිම කෙනෙක් එක්ක තරහ වෙන්න එපා... අම්මට තාත්තට අකීකරු වෙන්නත් එපා. ඒකෙන් වෙන්නේ මම ඔයාව නාස්ති කරනවා කියන එක ඇත්ත වෙන එක.“
“බලමුකෝ සුදූ..... කොහොමහරි ඔන්න ඉරිදා අපි දෙන්නගේ....“
“හරි කාවින්ද..... මම බලාගෙන ඉන්නවා.“
දිලිනි වෙනසක් නොපෙන්නා කතා කළත් මගේ හිතේ පොඩි සැකයක් තිබුණා. මට එයාගේ වෙනසක් දැනුනා. අනිත් එක එදා අපේ අම්මලා දිලිනිගේ තාත්තා හම්බ වෙලා මොනවද කිව්වේ කියන එක ගැන දිලිනි වචනයක්වත් කියන්නේ නෑ. අඩු ගානේ එහෙම දෙයක් වුනා කියලවත් එයා කියන්නේ නෑ. ඇයි ඒ?
දිලිනි උවමනාවෙන්ම මගෙන් ඈත් වෙන්න හදනවද? ඒත් එයා එයාගේ අම්මටයි තාත්තටයි අකීකරු වෙලා මාත් එක්ක ආවේ මීට කලින්... දැන් ආයෙත් ඒ දෙන්න නිසා මාව මගහරිනවා වෙන්න බෑ.
සමහර විට අපේ තාත්තා එයාව බය කළාද මේක නවත්තන්න කියලා... කියන්න බෑ... ඩැනී අංකලුත් එක්කනේ ගිහින් තියෙන්නේ.... ඒත් ඇයි දිලිනි ඒ ගැනවත් මොනවත් කියන්නේ නැත්තේ?
මම සචියව හොයාගෙන ගියා.
“මොකද කාවා..... අප්සෙට් මූඩ්.. අද දිලිනි හම්බවුනේ නැද්ද?“
“නෑ බං... කෙල්ල තාත්තා එක්ක නුවරඑළියේ ගිහින්... දවස් පහකින්ලු එන්නේ.“
“මේ හදිස්සියේ... උඹ ඊයේ කිව්ව නේද කෙල්ල අද එනවා කිව්වා කියලා?“
“ඒක තමා බං..  කෙල්ල ඉස්සර ඔහොම නෑ... මොකක් හරි වෙනසක් තියෙනවා.“
“අනිවා... යකෝ එදා සීන් එක නිසා වෙන්න ඇති?“
“ඒත් මට එහෙම දෙයක් කිව්වේ නැහැනේ බං... කෙල්ල කොහොමද එහෙම තනි තීරණයක් ගන්නේ....?“
“ඒක මම දන්නෑ කාවා. මොනව වුනත් දැන් මට පේන විදිහට දිනිට වඩා මෙයා හොඳයි.“
“උඹටත් දැන්ද තේරෙන්නේ... ඔක්කොම අවුල් වුනාට පස්සේ....“
“මුලදි කොහොම හිතන්නද බං... දිනි හිටියේ බෝ පැලේ වගේනේ... මේ වගේ ඉන්ටර්නැෂනල් ගේම් එකක් දෙයි කියලා කොහොම හිතන්නද? ඒකට හපං සමාධි... ඒකිට මොකක්ද බං උඹ ගැන තියෙන කැක්කුම...?“
“මුන් ව විශ්වාස කරන්න බෑ බං පොඩ්ඩක්වත්... මොන වෙලාවේ ගිනිගෙඩියක් දෙයිද දන්නෑ.... කොල්ලෝ වුන අපි අහිංසකයිනේ යකෝ මේ කෙල්ලෝ එක්ක බලපුවාම.“
“සිරා කතාව කාවා.... කොහොම හරි උඹ ඉරිදා දිලිනිව  හම්බ වෙලා මොකද වුනේ කියලා දැනගනින්... ඊට පස්සේ තීරණයක් ගනින්.. හැමදාම මෙහෙම උඹට අවුල් වෙලා ඉන්න බෑනේ.... ජීවිතේ තව හදාගන්න දේවල් එහෙම්මම.“
“ඇත්ත බං..... දැන් මේව ඇදගෙන ගියා ඇති.. ඉරිදා මම මේ හැම දේම ඉවරයක් කරනවා.“

Friday, September 01, 2017

සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය ~ මේ ආදරයයි ~ 86



සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය


මේ ආදරයයි



86.

ගෙදර ආවට පස්සේ දිනි මට කෝල් කළා.
“අයියේ... ඔයා හරි නරකයි...”
“මොකද?”
“දිලිනි මට බනිනකොට ඔයා වචනයක්වත් කිව්වේ නෑ. බලන්න එයා කියපු දේ...”
“මොකක්ද නංගා කතාව... මම නම් දැක්කේ ඔයා තමයි දිලිනිට බැන්නේ. එයා කිව්වේ එයා මට බොරුවට ආදරේ කරනවා කියලා ඔයා කරන චෝදනාව ඇත්ත නෙවෙයි කියලා.”
“ඒ කියන්නේ ඔයාත් එයාගේ පැත්ත ගන්නවා.”
“මම කාගෙවත් පැත්තක් ගන්නේ නෑ නංගා... මම හැමදාම ගත්තේ සාධාරණ පැත්ත. අදත් එහෙමයි ඉස්සරහටත් එහෙමයි.... ඒ නිසා ‍අසාධාරණ දේකට මගේ උදව් බලාපොරොත්තු වෙන්න එපා.”
“හ්ම්..... කමක් නෑ.... ඒක නෙවෙයි අයියේ හෙට කොළඹ යන්න එනවා‍ නේද?”
“හරි එන්නම්. මම බාරගත්ත වැඩක් නොකර ඉන්නේ නෑ... මොන ප්‍රශ්ණ තිබුණත් කරනවා. ඒ නිසා මම අනිවා හෙට එනවා. අපි උදේ හයට යමු නංගා. මම පහයි හතලිස් පහට ඔයා ඉන්න තැනට එනවා. ලෑස්ති වෙලා ඉන්න..”
“හරි අයියේ... තෑන්ක්ස්...”
අපි දෙන්නා කොළඹ යන එක ගැන විතරක් නෙවෙයි, දිනි මාත් එක්ක ඉන්න හැම වෙලාවකමත් දිලිනි ඉන්නේ බයෙන් සහ අකමැත්තෙන් කියලා මට දැනෙනවා. ඒත් කෙල්ල මොනවත් කියන්න බැරි කමට ඉන්නවා. දිනි නොවී වෙන කෙනෙක් වුනානම් මම කොහොමටවත් මෙහෙම ඉන්නේ නෑ... ඒත් අතීතයේ අපේ ඇඳුනුම්කම් එක්කක බලනකොට මට දිනිට බෑ කියන්න බෑ. එහෙම වුනොත් එක ගුණමකු කමක් වෙනවා.
ඉස්සර දිනි මට උදව් කළේ  එයාගේ හැම වැඩක්ම දෙවෙනි තැනට දාලා. ඒකට එයාට වෙලාවක් තිබුණේ නැහැ. මම මහ රෑ මැද කතා කළත් එයා බෑ කිව්වේ නෑ. එහෙම වුනාට පස්සේ මට මේක මග හරින්න බෑ.අනිත් එක එහෙම කළොත් හැමෝම හිතන්නේ මම දිලිනි නිසා මෙහෙම කළා කියලා. ඒක කෙල්ලට හොඳ නෑ. තවත් එකක්, මේක ගෙදර මිනිස්සුන්ට ලීක් නොවී තියාගන්න නම් දිනිව ෂේප් එකේ තියාගන්නම වෙනවා.
දිනිගේ සැලැස්ම මොකක්ද කියලා මට හරියටම තේරුමක් තිබුණේ නෑ. මේ විදිහට එයා මාත් එක්ක ඉන්න එක හරි.. ඒකෙන් මම දිලිනි එක්ක ඉන්න එක නැති වෙනවා. ඒත් හැමදාම මෙහෙම කරන්න බැහැනේ... එතකොට ඇයි දිනි මෙහෙම කරන්නේ. දවසකට හරි දිලිනිට රිදවන්නද? මම හිතන්නේ නැහැ, දිනි කියන්නේ ඒ වගේ තේරුමක් නැති වැඩ කරන කෙල්ලෙක් නෙවෙයි. මොකක්ම හරි යටින් සැලැස්මක් ඇති මාව දිලිනිගෙන් ඈත් කරන්න. කොහොමද මම ඒක දැනගන්නේ?
කොහොම වුනත් පහුවෙනිදා අපි කොළඹ ගියා. පාස්පෝට් එක අළුත් කරන වැඩේ මාමගේ යාළුවට බාර දීලා අපි උදේ කෑමට ගියා. ඊට පස්සේ එම්බසි එකට ගියා දිනිගේ තවත් වැඩක් කරගන්න. ඉන් පස්සේ කෙලින්ම ෂොපින්.... දිනි කොළඹ තැන් කීපයකට වඩා දැනගෙන හිටියේ නැහැ. ඒත් මම දිලිනි එක්ක ඇවිල්ලා හොඳ ඇඳුම් තියෙන ෂොප් සෑහෙන ප්‍රමාණයක් දැනගෙන තිබුණා. දිනිව මම ඒ තැන්වලටත් එක්කගෙන ගියා.
“ඔයා කොහොමද අයියේ මේ වගේ තැන් ගැන දන්නේ.. අනික මේව ගොඩක් එක්ස්පෙන්සිව් තැන්....”
මම කතා නැතුව ඉන්නකොට එයා මගේ දිහා බලලා හිනා වුනා. “මට ‍තේරෙනවා අයියේ.... දිලිනි නේද? ඔයානම් ගොඩ එන්න බැරි වලක වැටෙන්නේ...”
මම මොනවත් කිව්වේ නැති නිසා කතාව ඉන් එහාට ගියේ නැහැ.
අපි දවල් වෙනකම් ඇවිදලා එකට විතර පාස්පෝට් එක ගත්තා. ඊට පස්සේ දවල් කෑමට ගියා. මේ වෙනකම්ම කිසිම වෙනසක් නෑ. දිනිගේ කිසිම අන්ඩර් වල්ඩ් ප්ලෑන් එකක් පෙනුනෙත් නෑ...
මට තිබුණ ප්‍රශ්නේ දිලිනි අද දවසටම එක කෝල් එකක් වත් නොදුන්න එක. මම එයාට කීප වතාවක්ම කෝල් කළත් එයාගේ ෆෝන් එක ඔෆ් කරලා තිබුණා.
අපි දෙන්නා තවත් ටිකක් ඇවිදලා හවස හතරට විතර ආපහු එන්න පිටත් වුනා.
හත වෙනකොට අපි ගෙදර. මම දිනිව දාලා ගෙදර ආවා.
ගෙදර හිටියේ දීප නැන්දා විතරයි, අම්මයි තාත්තයි දෙන්නම නෑ. දීප නැන්දත් මට වෙනද වගේ මූණ දුන්නේ නෑ.
“කෝ මේ ගෙදර මිනිස්සු දීප නැන්දේ?”
“ඔන්න කොහෙද ගියා බබා.”
“දීප නැන්දා මොකද හොර වැඩක් කරල වගේ අහක බලාගෙන කතා කරන්නේ?”
“මොන හොර වැඩද බබා?”
දීප නැන්ද හදල දුන්න දොඩම් එකත් අරගෙන මම කාමරේ බැල්කනි එකට ආවේ දිලිනිට කෝල් එකක් ගන්න හිතාගෙන.
ඒත් දවල් වගේම තමයි, සද්දයක් නෑ.
අට විතර වෙනකොට අම්මලා ආවා. තවත් විනාඩි කීපයකදී අමිල මට කෝල් කළා.
“කාවා... උඹ ගෙදර ආවද?”
“ඔව් ඇයි?”
“මේකයි.... උඹ අවුල් වෙන්න එපා.... යාළුවෙක් නිසා නොකියා බැරි නිසා කියන්නේ...”
“මොකක්ද?”
“මෙහෙම බෑ... උඹට බැරිද අපේ ගෙදර එන්න...?”
“දැන්...”
“ඔව්...”
“හරි... හිටපං....”
මම පැය බාගයක් ඇතුලත අමිල හොයාගෙන ගියා.
“මොකද අමිලයා...”
“උඹ දිලිනිට කතා කළාද දවල්...?”
“ඔව්.. ඒත් ෆෝන් එක ඕෆ් කරලා...”
“එහෙනම් හරි....”
“මොකක්ද... පිස්සු නැතුව කියපං බං දන්න දෙයක්...”
“අද උඹලගේ අම්මයි, තාත්තයි දිලිනිගේ ගෙදර ගිහිල්ලා තියෙනවා ඩැනී අංකලුත් එක්ක.”
“මොකක්........”
“ඔව්... මම හිතන්නේ ‍දිලිනිගේ තාත්තට කතා කරලා තමයි ගිහින් තියෙන්නේ...”
“මොකටද බං....”
“උඹගේ අම්මලා ට කවුරු හරි කියලා තියෙනවා උඹගෙයි දිලිනිගෙයි සම්බන්දේ ගැන. උඹල දෙන්න යන එන තැන් ගැනත් හරියටම කියලා තියෙනවා. අම්මලා ගිහින් දිලිනිගේ තාත්තා හම්බවෙලා මේ ඔක්කොම කියන්න ඇති. කොහොම හරි දෙගොල්ලෝ පැය තුනක් විතර ගෙදර ඉඳලා තියෙනවා. අන්තිමට දෙන්නා තවත් කොහෙදෝ ගිහින් තියෙනවා....”
“නෑ... එතකොට දිලිනි....”
“ඒ වෙලාවේ කෙල්ල ඔෆිස් ඉඳලා තියෙන්නේ... ඒත් තාත්තා ඒ වෙලාවෙම කෝල් කරලා ගෙන්නගෙන තියෙනවා. කොහොමහරි කෙල්ල එනකොට උඹලගේ අම්මලා එහේ ගිහින් ඉවරයි.”
“එතකොට කෙල්ල ඇයි ෆෝන් එක ඕෆ් කරගෙන?”
“ඒක නම් දන්නෑ කාවා. මොනව වුනත් හතර දෙනාම කෙල්ලට හොඳට අමතන්න ඇති. ආයෙත්නම් උඹේ හුළඟක්වත් වැදෙන්න දෙන එකක් නෑ කෙල්ලට.”
“මගුලක් කියනවා... ඒ මොනව කළාටද?”
“ඇයි යකෝ.. උඹලා දෙන්නා යාළු වුනාට.”
“දැන් කෙල්ල කෝ....? අනික උඹ කොහොමද ඔය විස්තර දැන ගත්තේ?”
“මම දන්නෑ කාවා කෙල්ල ඉන්න තැන. මට ඔය සීන් එක කිව්වේ සචියා.. ඌ උඹට කෙලින් කතා කරන්න අකමැති වුනාට උඹ ගැන ඇහැ ගහගෙන හිටියේ. උඹගේ අම්මලා මේ වැඩේට සෙට් වෙනවා කියලා අද උදේ දැන ගත්ත ගමන් ඌ පැණියත් එක්ක ඔත්තු බලලා තියෙනවා.”
ඒ කියන්නේ මූ අකමැත්තෙන් හරි දිලිනි ගැන බලලා තියෙනවා. මොනවා වුනත් නියම යාළුවෙක්. දිලිනි නැති වුනොත් මම පිස්සු නටයි කියලා හිතල වෙන්න ඇති මූ මේ තරම් සපෝර්ට් එක දෙන්නේ...
“කෝ සචියා දැන්....?”
“ඌ තාමත් දිලිනිගේ ගේ අවට කැරකි කැරකි ඉන්නවා.”
“යමං....” මම කිව්වා.
“උඹ කොහෙද යන්න හදන්නේ.....? දැන් වැඩ‍ නාගන්න එපා. කරන දෙයක් උදේට කරපං...”
“යකෝ... මට දිලිනිට මොකද වුනේ කියලා බලන්න ඕනේ....”
“මේ කාවා... විකාර කරන්න එපා.... වරෙන් අපි සචියට කෝල් එකක් දීලා ඌව ගෙන්නගමු.”
අමිල සචියට කෝල් කළා.
එතකොටම අම්මත් මට කෝල් කළා. හැබැයි ඒ හඬේ කිසිම තරහක්වත් කලබලයක්වත් තිබුනේ නැහැ.
“පුතා ඔයා ආපු ගමන් ආයෙත් කොහෙද ගියේ...?”
“අම්මා කියන්නත් බැරි වුනා.... යාළුවෙකුගේ මළ ගෙදරක්....”
“කොහේද?”
“නුවරම තමා.... හීරැස්සගල...”
“අද එන්නේ නැද්ද?”
“කියන්න බෑ අම්මා. සමහර විට ටිකක් රෑ වෙලා එන්න බලන්නම්.”
මම පොඩි බොරුවක් කියා ගත්තා.
සචියා පැණියත් එක්ක අමිලගේ ගෙදර ආවා.
ඌ මගේ දිහා බලලා අහක බලාගත්තා. ඒත් මම කතා කළා.
“සචියා තෑන්ක්ස් කරපු උදව්වට... අනික මට සමාවෙයන් එදා උඹට ගැහුවට.”
“හොඳම යාළුවට තෑන්ක්ස් කරන්නෑ ඩෝ.... අනික සමාව ඉල්ලන්නෙත් නෑ.” අමිල කිව්වා.
“කාවා... මම හිතාගෙන හිටපු විදිහත් වැරදියි... මටත් සමාවෙයන්.”
“මොකක්ද උඹ හිතාගන හිටපු විදිහ...?”
“දිනි මට කියපු දේවල් ඇත්තද බොරුද දන්නෑ.... ඒත් යාළුවෙකුට අපි කවදාවත් ඔය වගේ ගේම් දෙන්නේ නෑ.”
“කව්ද සචියා ගේම් දුන්නේ....?”
“දිනි... උඹල දෙන්නා කොලඹ ගිය වෙලාවේ මෙහේ ගින්න පත්තු වෙලා. දිනි උඹව මෙහෙන් අරන් ගියේ උඹ හිටියොත්  මැදට පැනලා වැඩේ ෂේප් කරගන්න බව දැනගෙන. කෙල්ල උඹට ඈත් කරලා සමාධි ලව්වා ගින්න පත්තු කළා. දිලිනි නරක ද හොඳද මම දන්නෑ.. ඒත් මේ දිනි කරපු වැඩේ මට දිරෙව්වේ නෑ. ඒ නිසයි මම උඹට උදව් කරන්න හිතුවේ.”
“මට තේරෙන සිංහලෙන් කියපං බං.”
“මේකයි බං වෙලා තියෙන්නේ... දිනි මුල ඉඳලම ප්ලෑන් කරලා තියෙනවා මේක සෙට් කරන්න. ඒත් උඹ ඉන්නකොට බැරි වෙලාවත් උඹ දැනගත්තොත් වැඩේ කරගන්න උඹ ඉඩ දෙන්නේ නෑ. කෙල්ල කලේ උඹත් එක්ක කොළඹ ගිහින් සමාධි ලව්වා උඹේ අම්මට කතාව කියපු එක. ඒ විතරක් නෙවෙයි, උඹලා දෙන්නා ගියපු තැන් ෆොටෝ ගහලා පෙන්නලා. අම්මා කෙලින්ම තාත්තට කියලා දිලිනිගේ තාත්තටත් කෝල් කරලා, ඩැනී අංකලුත් එක්ක ෆුල් වලියක් අදින්න ගිහින් තියෙන්නේ. ඒත් වෙලාවට රණ‍්ඩුවක් වෙලා නෑ.”
“යකෝ මේ කෙල්ල මෙච්චර බලු වැඩක් කරලද? ෆොටෝ ගහලා දීල තියෙන්නේ කොහේ ඒවද?”
“උඹලා දෙන්නා මොලෝ දෙයක් බලන්නේ නැතුව ගිය සතියේ ෆිල්ම් එකක් බලන්න ගිය එකයි, ඊට පස්සේ දිලිනිගේ එපාර්ට්මන්ට් එකට ගිය එකයි, ඊට පස්සේ උඹලා දෙන්නා බැදපු කපල් එකක් වගේ බදාගෙන නුවර කෑම කාපු එකයි ඔක්කොම ලීක් වෙලා... එකක් කියන්නම්, දෙන එක දිනි දීල ‍තියෙනවා උඹට කොර වෙන්නම.”
“උඹ කොහොමද දන්නේ ෆොටෝ ගැන.”
“යකෝ උඹගේ අම්මා අඬ අඬ මට පෙන්නුවා.”
“නෑ......”
“නෑ නෙවෙයි ගොනෝ ඔව්.... මම ඉතින් ෂේප් කළා.... උඹ මේව මේ පර්මනන්ට් කරන දේවල් නෙවෙයි වෙන්න ඇති කියලා.”
“මොකා..... උඹට පිස්සුද?”
“යකෝ... ඒකෙන් තමයි අම්මා ටිකක් කූල් වුනේ. නැතුව උඹ සිරාවට කෙල්ලට ලව් කරනවා කිව්වනම් අම්මා මැරෙයි. ටිකක් මොලේ කල්පනා කරපං කාවා. සිරා ලව් එකක් තමයි හැබැයි ඒක හැමෝටම කියන්න එපා. ටිකක් ටැක්ටිකල් වෙයං.”
“දැන් මම මොකද සචියා කරන්නේ?”
“ඒක අහන හැටි විතරක්... ගොං වැඩ කරලා....”
“කාවා....” අමිල කතා කළා.
“මුලින් අපි කෙල්ලව හොයා ගන්න බලමු. ආයෙත් කලින් වතාවක් වගේ හංගලාද දන්නේ නෑ.”
“නෑ අමිල මම හිතන්නේ නෑ... කෙල්ල දැන් එහෙම බය වෙන්නෑ...  ඒත්........ මට ප්‍රශ්ණේ ඇයි ෆෝන් එක වැඩ නැත්තේ....?”
“ඒක නෙවෙයි සචියා දැන් අන්තිමට අපේ අම්මලයි, දිලිනිගේ අම්මලයි මොකක්ද කරලා තියෙන්නේ.... නැත්නම් මොන තීරණයක්ද අරන් තියෙන්නේ?”
“ඒක නම් මම දන්නෙ නෑ බං. මමයි පැණියයි බයික් එක අරන වටේ කැරකුනා.. ඒත් ගේ ඇතුලේ වුන දේ දන්නේ නෑ....”
“හතර දෙනාම සෙට් වෙලා කෙල්ලට අම්බානක බැන්නද දන්නෑ.. පව් බං...” මට කියවුනා.
“උඹලා හොඳටම දන්නවා කාවා මේක ලේසි වැඩක් නෙවෙයි කියලා.. ඒත් උඹලා පරිස්සම් වුනේ නෑ.. බලපං.. උඹලා ගිය තැන්, කරපු දේවල් ලංකාවෙන් පිට ‍හිටපු දිනිත් දන්නවා. මුළු නුවරම උඹලා දෙන්නා අත් අල්ලගෙන ඇවිද්දේ වෙන මිනිස්සු නෑ වගේ...”
“දැන් නම් මටත් හිතෙනවා ඒක අවුල් කියලා.”
“දැන්ද හිතෙන්නේ.... මම උඹට ඕක කියනකොට උඹ මාත් එක්ක ඇර ගත්තා. ඇස් ඇරලා බැලුවේ නැහැ මොකද වෙන්නේ කියලා.”
“සමාවෙයං සචියා....”
“හරි හරි... දැන් වත් ගොන් වැඩ නොකර හිටපං. උඹගේ අම්මලා උඹට මොනවත් කිව්වේ නෑනේ මේ ගැන. එහෙනම් උඹත් මොනවත් දන්නෑ වගේ හිටපං. ටික දවසකින් දිලිනි කන්ටැක්ට් කරගන්න පුළුවන් වෙයි. ඊට පස්සේ බලපං මොකද කරන්න පුළුවන් කියලා. දැනට වැඩ අවුල් කරගන්නේ නැතුව සද්ද වහලා හිටපං.”
“ඒ වුනාට මට දිලිනිව දැන්මම කන්ටැක්ට් කරගන්න ඕනේ බං...”
“ඔන්න ඕකනේ... උඹට කියලා වැඩක් නෑ කියන්නේ.... කෙල්ල මැරිලා නෑනේ... ඒ නිසා බය නැතුව හිටපං ඉවසලා.”