Wednesday, April 18, 2018

සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය ~ මේ ආදරයයි ~ 124




සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය


මේ ආදරයයි




124

අපි තුන්දෙනා එළියට ආව ගමන් සචියගේ කට වැඩ කරන්න පටන් ගත්තා.

“එහෙනම් ඒක ඉවරයි.”

“මොකක්ද යකෝ...?”

“ලයාංගි... උඹ යාළු වෙයි කියලා බලාගෙන ඉඳලා බැරි තැන කෙල්ල උඹට බූට් එක තියලා හොඳ එකෙක් හොයාගෙන නේ.”

“බූට් එක තියන්න අපි යාළු වෙලා හිටියේ නෑනේ... අනික ඒකි කාව හරි බඳින්න යන එක මට ප්‍රශ්ණයක් නෑ. ඇත්තටම හොඳයි.”

“ඒ වුනාට කාවා පොඩි හරි දුකක් ඇති නේද උඹට. මොනව වුනත් හොඳ කෙල්ල... අර දිනි, සමාධි වගේ වතුර යටින් ගින්දර ගෙනියන සීන් එකේ නෑ. කියන දේ කෙලින් කියනවා.”

“මට දුකක් නෑ බං.... ඇත්තටම සතුටුයි...”

“ඒ වුනාට කාවා මම දැක්කා කෙල්ල උඹ දිහා බලපු විදිහ... අරූ එක්ක ඉන්නකොට තිබුණට වඩා මූණ එළිය වැටුනා උඹ දැක්කහම. උඹට කතා කරනකොටත් කෙල්ලගේ මූණේ පෙම් පාට ගලනවා.”

“විකාර කියලා ඒ කපල් එකත් කඩන්න එපා යකෝ.... කොල්ලව ළඟ තියාගෙන මට ලව් කරන්න ඒකිට පිස්සුද?”

“ඒ වුනාම මම ඕනෙ ඔට්ටුවක් අල්ලනවා මචං... උඹ අද කිව්වොත් උඹ කැමතියි කියලා ඒකි දෙපාරක් නොහිතා අරූට බූට් එක තියලා උඹට සෙට් වෙනවා. ඒක මට අහක බලාගෙන කියන්න පුළුවන්.”

“පිස්සුද යකෝ........ ලයාංගි කියන්නේ එහෙම කෙල්ලෙක් නෙවෙයි.”

“අනිවා... ලයාංගි කියන්නේ දකින දකින කොල්ල පස්සේ යන කෙල්ලෙක් නෙවෙයි. ඒත් උඹ එක්ක තියෙන සම්බන්දේ වෙනස්. ඒකි උඹට එදා ඉඳලම කොන්දේසි විරහිතව ආදරේ කරනවා. උඹට ඒක නෑ කියන්න බෑ. ඒ නිසා සබ්ජෙක්ට් එක උඹ නම් ඒකි දැන් බැඳලා හිටියත් එනවා. හැබැයි ඒක වෙන කොල්ලෙක් නිසා නම් මැරුණත් වෙන්නේ නෑ.”

“ඒවා ඒ කාලේ බං... දැන් ඒකිටත් තේරුමක් තියෙන කෙල්ලෙක්.”

“බොරුනම් බලපංකෝ... අද රෑම ඒකි කතා කරන්නේ නැද්ද කියලා.”

අපි තුන් දෙනා ගෙදර ඇවිල්ලා කෑම උයන්න පටන් ගත්තා.

“කාවා මොනවද උයන්නේ...?”

“අපි හොඳ දෙයක් හදමු. හොටෙල් එකෙන්ම කාලා ඇති වෙලා බං. මයික්‍රොවේව් එකත් කියෙන එකේ අපි ස්පැගටි හදමු.”

“මම නම් දන්නෑ....”

“මම කියන දේ කරපංකෝ.... ස්පැගටි ටික මුලින්ම උතුරණ වතුරට දාලා තම්බ ගනින්.” මම කිව්වා

“පොඩ්ඩක් හිටපං කාවා... පෑනකුයි කොලේකුයි ගන්නකං...” අමිල කිව්වා.

“මොකටද යකෝ පෑනකුයි කොලේකුයි...?”

“ඇයි බං ලියා ගන්න...”

“යකෝ... පිස්සු නැතුව මම කියන දේ කරපං. උඹ ඉස්කෝලේ යන කාලෙත් ලියා ගන්නවා විතරනේ... මෙලෝ දෙයක් ඔළුවේ නෑනේ.”

“හා කියපංකෝ...”

“ස්පැගටි තම්බපං”

“හරි. ඊට පස්සේ...”

“චිකන් එක තම්බලා ගනින්.”

“හරි... ඊට පස්සේ?”

“ඔය දෙක තැම්බෙනකං ඉතින් වරෙන් බියර් එකක් කඩාගමු. ඊට පස්සේ ලූණු ගෙඩි හතරක් අරගෙන පොඩියට කපපං..... ඒක දුඹුරු පාට වෙනකං බදිනවා. ඊට පස්සේ තැම්බුන මස් එක අරන් පොඩි කෑලි වලට කඩාගෙන තියලා චීස් ජාති තුන අරන් ග්‍රේට් කරගනින්.”

“මොනවද බං ජාති තුන?”

“ ඇත්තටම නම් ඕකට ජාති පහක් දානවා. ඒ වුනාට මෙහේ තිබුනේ තුනයි. පාර්මසාන්, චෙඩාර්, මොසරැල්ලා... ඔය තුන වෙනම ග්‍රේට් කරලා ගනින්.”

“අමිලයා... උඹ ඒක කරපං...”

“ඊට පස්සේ සචියා බේකින් ට්‍රේ එක අරන්, අඩියේ ෆොයිල් එක දාලා, ස්පැගටි ටික දාපං. ඊට පස්සේ මස් ටික ලේයර් එකක් විදිහට දාපං... දැන් උඩින් ලූණූ ලේයර් එකයි, ඊට උඩින් චීස් ටිකයි දාපං...ඊටත් පස්සේ වයින් එකතු කරලා හදාගත්ත සෝස් එක වක්කරලා, අවන් එකට දාලා පැය බාගයක් තියපං...”

“යකෝ... එච්චරද...?”

“ඔව් ඇයි...?”

“නෑ වැඩේ ලේසිනේ.... ඊට පස්සේ?”

“ඊට පස්සේ ඉතින් එළියට අරන් කාපං...”

“එහෙනම් වරෙන් අපි ඒක හැදෙනකං බැල්කනි එකට යමු.”

“ඇත්තමයි කාවා... උඹ හරි කාලෙට හැමදේම හදාගත්තා. ඇමරිකාවේ ගිහින් ඉගෙන ගත්තා. එන්ජෝයි කළා... දැන් ජොබ් එකක් තියෙනවා... හොඳ එකක්.... බිඑම්ඩබ්ලිව් කාර් එකක් තියෙනවා, ගෙයක් තියෙනවා... මොනවද නැත්තේ.... ඒ අතින් බලපුවාම මොනවද අපිට තියෙන්නේ...”

“මොනවද බං උඹ කියන්න හදන්නේ?”

“උඹ ඒ හැමදේම වෙලාවට කරගත්තත් හරිහමං කෙල්ලෙක් නෑ...”

“ඇයි දිලිනි....?”

“දිලිනි තව දුරටත් නෑ කියලා උඹ ඇයි බං තේරුම් නොගන්නේ....?”

“සචියා මම දන්නවා උඹ මේ දේවල් කියන්නේ මට තියෙන ෆිට් එකට කියලා... ඒත් එකක් තේරුම් ගනින්... දිලිනි නැත්නම් මට මේ කිසි දෙයක් නෑ. මම ඇමරිකා ගියේ දිලිනිගේ උත්සහය නිසා... එයාගේ සල්ලි පෙන්නලා. අවුරුදු ගාණක් එකම අරමුණකින් ඉගෙන ගත්තේ එයා නිසා. මේ ජොබ් එක ලැබුනේ ඒ ඉගෙනගත්ත දේ නිසා.... කාර් එක, ගේ දෙකම එයාගේ....”

“එහෙමයි කියලා උඹට ඒ මත්තෙම ඉන්න බෑනේ බං. අනිත් එක මේ දේවල් උඹ ඉල්ලලා ගත්තා නෙවෙයිනේ. උඹට මේවා එයාගෙන් නොලැබුනත් උඹ වෙන ක්‍රමයකින් හරි ඒ දේවල් හදාගන්නවානේ. ඇමරිකාවේ යන්න බැරි වුනානම් ලංකාවේ කැම්පස් යනවානේ. ඒ නිසා හැම දේම දිලිනි නිසා කියන්න එපා බං. උඹේ උත්සහය නැත්නම් දිලිනි තියා මොකා ආවත් වැඩක් නෑ. උඹ දිලිනිට අම්බානක ආදරේ කරන බව අපි දන්නවා... ඒත් ඇත්ත තේරුම් ගන්න උත්සාහ කරපං...”

“මට උඹ කියන දේ නොතේරෙන්න තරම් ගොනෙක් නෙවෙයි අමිල... ඒත් ඒ කෙල්ලව හිතින් අයින් කරන්න ලේසි නෑ බං. අවුරුදු හතරක් ගිහිල්ලත් තාම බැරිවුනා. ඒයාගේ මතක වලින් ගැලවෙන්න කියලා ලංකාවට නෑවිත් ම හිටියා... ඒත් වැඩක් වුනේ නෑ බං. ඒක මගේ පලවෙනි ආදරේ.... මම වෙන කෙනෙක් බැන්දත් ඒක හැමදාටම හිතේ තියෙයි බං.”

“උඹ තමා පොර බං.. අපි වගේ නෙවෙයි... මොනවා කරත් උඹ ඒක උපරිමේටම, බොක්කෙන්ම කරනවා... ඉස්කෝලෙදිත් එහෙමයි, වෙන එකක් තියා ලව් කරද්දිත් එහෙමයි....”

“උඹලා කරදර වෙන්න එපා. ළඟදිම මම ජීවිතේ ගැන තීරණයක් ගන්නවා. දිලිනි හොයන්න අන්තිම ට්‍රයි එකත් දාලා ඒක බැරි වුනොත් මාලිකා ගැන තීරණයක් ගන්නවා.”

“අම්මා ගහයි බැට් එකෙන්... අන්න එහෙම කතා කරපංකෝ කාවා.... ඉක්මනටම වැඩේ කරපං... මාලිකා වුනත් ගොඩක් කල් බලාන ඉන්න එකක් නෑ.. උඹ අදිනවා කියලා තේරුනොත් වෙන අතක් බලා ගනී.”

අපි කතා කර කර ඉන්න අතරේ අමිල ගිහින් කෑම එක ගෙනාවා.

“යකෝ.. පුදුම සුවඳක් නේ තියෙන්නේ.... උඹ නම් මාර කුක් බං.... කමු කමු... මට අම්බානක බඩගිනියි.”

අපි කෑම කාලා ඉවර කරනකොටම ලයාංගි කෝල් කළා.

“මම කිව්වා නේද?” සචියා කිව්වා.

“කියන්න ලයාංගි..”

“මම කරදර කළාද කාවින්ද? ඔයාව දැකලා ගියාට පස්සේ කෝල් එකක් ගන්න ආස හිතුනා.”

“කරදරයක් නෑ... මම කිව්වනේ කැමති වෙලාවක කතා කරන්න කියලා. ඉතින් කොහොමද ඔයාට?”

“හොඳින් ඉන්නවා අයියේ.. ඔයාව අද අවුරුදු ගාණකට පස්සේ දැක්කහම මට මාවම අමතක වුනා අයියේ... ඔයා තව උස ගිහින්, සුදු වෙලා... මහත් වෙලා..... ලස්සන වෙලා..... ස්මාට් වෙලා....”

“ඇති ඇති.... ඔය මොනවත් නෙවෙයි... මම වයසට ගිහින්...”

“අපෝ... අවුරුදු විසි හයක් කියන්නේ මොන වයසක්ද අයියේ.. ජීවිතෙන් තුනෙන් දෙකකටත් වඩා තියෙනවානේ.”

“ඒකත් ඇත්ත... ඒක නෙවෙයි ඔයා මේ කතා කළේ ඔය ටික කියන්න නෙවෙයි නේද?”

“නෑ... නෑ.... ඔයා එක්ක ටිකක් කතා කරන්න ආසයි කාවින්ද අයියේ.... අවුරුදු තුනක් විතර මට ගොඩක් දේවල් මිස් වුනා.”

“ඔයත් තාත්ත එක්ක ලංකාවෙන් ගියානේ... ඉතින් අපි හම්බවුනේම නෑ.”

“ඒක තමයි අයියේ... මට හිතෙනවා ඒක මම ගත්ත මෝඩ තීරණයක්...”

“ඇයි ඒ?”

“එහෙම ගියා කියලා මම ලොකු දෙයක් කරගත්තේ නෑ... ඉගෙනගන්න එක වුනත් ලොකුවට කළේ නෑ... ඩිග්රි එක නම් යන්තම් කරගත්තා... එච්චරයි... මට ඔයා වගේ හොඳම යාළුවෝ ගොඩක් නැති වුනා.”

“ඔයාට මාව නැති වෙලා නෑනේ...” වෙන අදහසකින් කිව්වත් ඒ වචන කටින් පිටවෙනකොටම මට තේරුණා වැරදි දෙයක් තමයි කියවුනේ කියලා.

“ඔයා මට නැතිවෙලා ගොඩක් කල් කාවින්ද අයියේ.... අපි දෙන්නා අඳුරගන්න කොටම ඔයා මට නැතිවෙලා ඉවරයි.”

ලයාංගි හැමදාම වගේම කෙලින්ම උත්තරයක් දුන්නා.

“නෑ මම කිව්වේ යාළුවෙක් විදිහට මම නැතිවුනේ නෑනේ. නොදැක, කතා නොකර කොච්චර කාලයක් ගත වුනත් හොඳ යාළුවෝ නැති වෙන්නේ නෑ. එහෙම වෙනවනම් ඒ හොඳ යාළුවෝ නෙවෙයි.”

“ඔයා කවදාවත් මගේ හොඳ යාළුවෙක් වෙලා හිටියේ නෑ කාවින්ද අයියේ... ඔයා මං ගැන ලොකු දෙයක් දන්නේ නෑ. අපි වැඩි කාලයක් ආශ්‍රය කරලා නෑ.... ඒත් මගේ වෙන කිසිම යාළුවෙකුට වඩා ඔයාට මගේ හිතේ ඉඩ වෙන්වෙලා තිබුණා. ඒ එදා විතරක් නෙවෙයි අදත් එහෙමයි.”

ලයාංගි කියන සමහර දේවල් ඇත්තටම කෙලින් වැඩී. බඳින්න කොල්ලෙක් ඉන්න අතරේ, වෙඩින් එකට දින නියම කරගන්න ඔන්න මෙන්න කියලා තියෙද්දි කියනවා වෙන විකාර මං ගැන.

“මොනවද ලයාංගි ඔයා කියන්නේ?”

“අමතක කරන්න කාවින්ද.. මට ඒක නිකම්ම කියවුනා.” ලයාංගි කිව්වා.

“දැන් ඒවා වැඩක් නැහැ. ඒක නෙවෙයි, ඔයා මොකද කරන්නේ  මේ දවස්වල, ජොබ් එකක් කරනවද, නැත්තං අර අහිංසකයා ව ඉවර කරනවද?”

“අනේ නෑ අප්පා... එහෙම දෙයක් නෑ.... මම ජොබ් එකක් කරනවා....”

“කොහෙද?”

“ෆොරින් මිනිස්ට්‍රිම තමයි. මම ඒ එග්සෑම් ටික කම්ප්ලීට් කළා. ඒ නිසා ඇතුලට යන්න අමාරු වුනේ නෑ. මම දැන් ඉන්නේ ඇමරිකන් කවුන්සලර් එකේ.”

“නෑ..... නියමයි නේ..... ඉතින් කොහොමද කොල්ලා.... කොහොමද ඌව අල්ලගත්තේ?”

“අනේ එහෙම වුනේ නෑ.... ඒක ප්‍රපෝසල් එකක් කාවින්ද... අපි දෙන්නා අඳුරගෙන වැඩි කල් නෑ.”

“ඔයා එච්චර කැමැත්තකින් නෙවෙයිද ඉන්නේ....?”

“මම දන්නෑ කාවින්ද අයියේ.... මම කැමති වුනා තමයි... සජිත් කියන්නේ හරිම හොඳ කෙනෙක්... ඒ අතින් කිසිම ප්‍රශ්ණයක් නෑ.”

“ඉතින් මොකක්ද ප්‍රශ්නේ?”

“මම තාම කල්පනා කරනවා මේ මැරේජ් එක කරනවද කියලා.”

“මොකක්... එහෙනම් කිව්වේ හැම දේම කතා කරගෙන ඉවරයි, වෙඩින් එකට දින දාගන්න විතරයි තියෙන්නේ කියලා.”

“ඕව් ඒක බොරුවක් නෙවෙයි.... ඒත් මම සමහර වෙලාවට කල්පනා කරනවා ඇයි මම මේ තරම් ඉක්මනට මේකට කැමති වුනේ කියලා.”

“මට ඔයා කියන එක තේරෙන්නේ නෑ ලයංගි.... කොල්ලා හොඳනම්, දෙපැත්තෙම අය කැමතිනම්, වැදගත් ම දේ ඔයත් කැමතිනම්, තව මොනවද කල්පනා කරන්නේ?”

“අද වෙනකම්ම මම මේ තරම් කල්පනා කළේ නෑ.”

“එහෙනම් තව මොනවද කල්පනා කරන්නේ?”

“ඔයා ගැන මෝඩයෝ......”

ලයාංගි ඒක කිව්වේ බොහොම සද්දෙ අඩු කරලා. ඒත් එයා කියපු දේ මට හොඳට ඇහුනා.

“ලයාංගි ප්ලීස්.... ඔය වගේ කතා කියන්න එපා දැන්.... තේරුමක් නෑ...”

“මම කෙලින්ම කියන්නම් අයියේ.... මම හිත හදා‍ගෙන හිටියේ මේ මැරේජ් එකට.... ඒත් අද ඔයාව දැක්කට පස්සේ මම හදාගෙන හිටපු හිත කොහේ ගියාද දන්නෑ. විශේෂයෙන් ඔයා තාම තනියෙන් කියලා දැනගත්තාම මට මොනව වුනාද දන්නේ නෑ.”

ලයාංගි කවදාවත් එයාගේ හිතේ තියෙන දේ කෙලින් කියන්න බය වුනේ නෑ. ඒ නිසා එයා මේ කියන්නේ ඇත්තම කියලා මට හිතුනා.

“කාවින්ද අයියේ.. ප්ලීස් අපි මේ කතාව නවත්තමු. මම ආසයි ඔයාව හම්බවෙලා ටිකක් කතා කරන්න... පොරොන්දු වෙන්නම් මේ වගේ කතා ආයෙත් කියන්නෑ කියලා.”

“එයා මාව හම්බවෙන්න එපා ලයාංගි. ඒක ඔයාට හොඳ නෑ.. අනික සජිත් කැමති වෙන එකකුත් නෑ.”

“මම කරන්නේ මම කැමති දේ කාවින්ද... අනික ඔයාව හම්බවුනා කියලා අප්සෙට් යන කෙනෙක් නම් සජිත්, මම කවදාවත් ඒ වගේ කෙනෙක්ව බඳින්නේ නෑ.”

“අප්පා මේ කෙල්ලෝ නම්... පුදුම හැකියාවක් තියෙන්නේ කොල්ලන්ව පාලනය කරන්න.”
“මම හදවතින්ම ආදරය කරන කෙනෙක් නම් කවදාවත් මම එයාව පාලනය කරන්න යන්නේ නෑ.... එයාට කැමති දෙයක් කරන්න දීලා, එයා‍ගේ ළඟට වෙලා ඉන්න තමයි මම ආසා.”

‍”පිස්සු ‍කෙල්ලෙක් තමා....”

“පිස්සු තමා... කාවින්ද ඔයාට වැඩ අඩු වෙලාවක් නැද්ද අපිට හම්බවෙන්න. අමාරුමනම් කියන්න මම ඔයා වැඩ කරන හොටෙල් එකට හරි එන්නම්.”

“බලමු. මම ඔයාට හෙට විතර කෝල් එකක් දෙන්නම්කෝ.... අනිවාර්යයෙන් මම එන්නම් හම්බවෙන්න.”

“තෑන්ක්ස්..... අනේ ඔන්න අමතක නොකර කෝල් එකක් දෙන්න...”

6 comments:

  1. මේ වෙන දේවල් වලට මගේ ඔලුවත් අවුල් වෙලා

    ReplyDelete
  2. තව කමෙන්ට්ස් ටිකක් ආවනම් තමා ලියන්න ආස හිතෙන්නේ........

    ReplyDelete
  3. Ela ithuru ewath ikmanata one machan

    ReplyDelete