Wednesday, February 14, 2018

සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය ~ මේ ආදරයයි ~ 114




සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය


මේ ආදරයයි





114.

ඔය විදිහට දවස් ගතවුනා. මට යන්න තිබුණේ හෙට කියලා අද මට කුරියර් සර්විස් එකකින් ලියුමක් ලැබුනා.
ආදරණිය කාවින්ද,
මම ඔයාගේ තාරුකා!
සමාවෙන්න මට කතා කරන්න විදිහක් නැති වුනාට. එදා වුන දේ ගැන දහස් වාරයක් සමා වෙන්න... මට කරගන්න දෙයක් නැති වුනා. ඔයාට තුවාල වුනා කියලා මම දන්නවා. ඔයා ළඟින් ඉන්න බැරි වුනත් හැම දවසකම මම ඔයා ගැන හොස්පිට්ල් එකෙන් හොයලා බැලුවා. ඔයා දවස් දෙකකින් ගෙදර ගියා කිව්වහම තමයි මගේ හිත හරිගියේ.
මට ඔයාට කතා කරන්න විදිහක් නෑ කාවින්ද.. මම දැන් ඉන්න තත්වේ උඩ ඔයාට කතා කරනවා කියලා කවුරු හරි දැනගත්තොත් ඒක අපි දෙන්නටම ප්‍රශ්ණයක් වෙයි. මම පොඩි ප්‍රශ්ණෙකට මැදි වෙලා ඉන්නේ දැන්... මටම ඒක විසඳගන්න දෙන්න.... මට පුළුවන්....! මාව විශ්වාස කරන්න!
ඔයාට මේ හැම දෙයක්ම හිතාගන්නවත් බැරිව ඇති. වෙලාව ආවහම මම මේ හැම දෙයක්ම ඔයාට කියනවා. ඊට කලින් කියලා ඔයාවත් මගේ ප්‍රශ්ණ වලට ඇදලා දාන්න මම කැමති නෑ.
ඒත් එකක් මතක තියා ගන්න.... මම හැමදාමත් ඔයාගේ කාවින්ද. ඔයාට ඇර වෙන කිසිම පිරිමියෙකුට මාව අල්ලන්නවත් බැහැ. මම ඉඩ දෙන්නෙත් නැහැ. ඉක්මනටම මම ඔයාව බලන්න එන්නම්... ප්ලීස් ඒ වෙනකම් ඉවසන්න.
එදා ගිහාන් ගේ කීමට ඔයාට වෙඩි තිබ්බ බව මම දන්නවා. මම කවදාවත් ඒකට ගිහාන්ට සමාව දෙන්නේ නෑ. ඔයා වෙනුවෙන් මට කරන්න බැරි දෙයක් නෑ කාවින්ද. ඒ නිසා ඔයාට කරපු දේ වෙනුවෙන් මම ගිහාන්ට හොඳ පාඩමක් කියලා දෙනවා. දැන් මේ වෙලාවේ තාත්තා, මාමා, දෙන්නම ඉන්නේ මාත් එකක් තරහින්. ඒ අයට හිතන්න දෙමු අපි දෙන්නා වෙන්වෙලා කියලා. එතකොට මට මගේ ප්‍රශ්ණ විසඳගන්න ලේසියි.
මොන දේ වුනත් මම ඔයා ළඟට ඉක්මනටම එනවා කාවින්ද. මට ඔයා නැතුව එක මොහොතක් වත් ඉන්න බෑ. ඒත් අපිට ආයෙත් වතාවක් ඉවසන්න වෙනවා. ප්ලීස් මාව විශ්වාස කරලා ඉන්න...
ඔයා බදාදා ගියාට පස්සේ ඩිග්රි එක කම්ප්ලීට් කරගන්න. ඉක්මනටම මම ඔයාව බලන්න එනවා. ප්ලීස් ඉගෙනගන්න වැඩේ හරියටම කරන්න.
මම දැන් නවතින්නම්. පුළුවන් එක්මනට මම තවත් ලියුමක් එවන්නම්.
මම ඔයාගේ ආදරණිය තාරුකා.

හෙනයක් ගහනවා වගේ මගේ ඇස් නිලංකාර වුනා. මේ කෙල්ල කොහෙද ඉන්නේ...? මොනවද මේ කරන්නේ...? එදා මොකද වුනේ... එයාට පුළුවන් නම් මට ලියුමක් එවන්න ඇයි කෝල් එකක් දෙන්න බැරි.... දිලිනිගේ වටේ මම නොදන්න මට තේරුම් ගන්න බැරි රහස් ගොඩක් තියෙනවා කියලා මට දෙවෙනි වතාවටත් දැනුනා.
අමිල කියපු දේවල් ඇත්තද? දිලිනි මට කොච්චර දේවල් හංගනවද? සිංගප්පූරුවේදිත් එයා මට මේ කතාවම කිව්වා. වෙලාව එනකං ඉන්න, හැම දෙයක්ම මට කියනවා කියලා. දැනුත් ඒකම කියනවා.
මම ලියුමක් අරන් ගියා අමිල හම්බ වෙන්න. ඌවත් දාගෙන සචියගේ ගෙදර ගියා.
ලියුම කියවපු ගමන් අමිලගේ කට ඇරුණා.
“මට සමාවෙයං කාවා... මම කලින් කියපු දේ ගැන මොකද හිතන්නේ..? උඹට දිලිනිව තේරුම් ගන්න පුළුවන්ද...? මේ වගේ රහස් තව කොච්චර ඇද්ද කෙල්ල වටේ?“ අමිල ඇහුවා.
“මට තේරෙන්නේ නැහැ බං...“
“අනික හිතපං කාවා... ගිහානයාට ඔච්චර සුද්ද සිංහලෙන් පැහැදිලි කරලා දීලත් ඌ තාමත් කෙල්ලෙගේ වටේ කැරකෙනවා. ඌ කොච්චරවත් කියන්නේ දිලිනි උගේ කියලා.. ඌට අයිතියක් තියෙනවා කියලා...“
“ඉතින්..“
“උඹට සැකයක් නැද්ද...? ඇයි ඌ එහෙම කියන්නේ..?“
“ඌට පිස්සු බං...“
“නෑ කාවා.... මම නම් කියන්නේ ගිහාන්ගේ කතාවෙ අපිට මග ඇරිච්ච තැනක් තියෙනවා. දිලිනිවත් ඒක අපිට කියලා නෑ... ඌ කොහොමද බය නැතුව කෙල්ලට අයිතිවාසිකම් කියන්නේ, කෙල්ල කළින් ඌව බැඳලා නැත්නම්.“
“උඹ කියන්නේ උන් දෙන්නා කසාද බැඳලා කියලද?“
“වෙන්න පුළුවන්... උන් දෙන්නා මොකක් හරි හේතුවක් නිසා කලින් මැරි කරලා.. නමුත් කෙල්ල කැමති නෑ... එහෙමත් නැත්නම් කෙල්ල උඹට ලව් කළා ඌට වඩා... දැන් කෙල්ලට ඩිවෝස් එක ගන්න ඕනේ... ඒත් ගිහාන් දෙන්නේ නෑ.“
“උඹට පිස්සුද බං... උඹ මේ අර හින්දි ෆිල්ම් වල කතා කියනවා. ඇත්ත ජීවිතේ ෆිල්ම් එකක් නෙවෙයි බං...“
“නෑ කාවා... ඇත්ත කියන එක හදපු කතාවකට වඩා ෆැන්ටසි... අපි හිතන්නේ ෆිල්ම් වගේ ඒවා තමයි ෆැන්ටසි කියලා, ඒ වුනාට බං ඇත්ත ඒ ඔක්කොටම වඩා විශ්වාස කරන්න අමාරුයි.“
“නෑ... ඒක වෙන්න බෑ... දිලිනි වෙන දෙයක් ගැන මට බොරු කිව්වත් ඔය වගේ දෙයක් ගැන නොකියා ඉන්නේ නෑ...“
“උඹට ෂුවර්ද?“
“ඔව්...“ මම එහෙම කිව්වා. මොකද මම හිතුවේ නැහැ දිලිනි මට ඒ තරම් ලොකු බොරුවක් කරයි කියලා.
“උඹට ෂුවර් නම් අවුලක් නෑ.. එහෙනම් අපි වෙන්න පුළුවන් වෙන දෙයක් ගැන හිතමු.“
“හිතන්න දෙයක් ඉතුරු වෙලා නෑ කාවා. කියල තියෙන විදිහට උඹ හෙට පලයං. මොන දේ වුනත් ඒක කඩාකප්පල් කරගන්න එපා. අනික අපි දෙන්නටත් ලබන මාසේ කැම්පස් පටන් ගන්නවා.“
“මම යන්න පුළුවන්ද බං... කෙල්ල මෙහේ තනිවෙලා.“
“උඹට වෙන ඔප්ෂන් එකක් නෑ කාවා. ගිහිල්ලා ඒ වැඩේ කරපං. කෙල්ල කියල තියෙන විදිහටම උඹට කතා කරයි.“
මම කොච්චර කල්පනා කරත් කරන්න ඕනේ කිසිම දෙයක් හිතාගන්න බැරිවුනා. ඒත් එක මොහොතකට මට පොටක් පෑදුනා. දිලිනිගේ මාමා..... ලියුමේ තියෙන විදිහට එයා දැන් මේකට විරුද්ධව ඉන්නේ...  ඒත් මට මතකයි ගිහාන් මාව උස්සපු වෙලාවේ එයා කතා කළේ වෙනම විදිහකට. මට කැමති බවක් තමයි එදා පෙන්නුවේ.
අපි හැම කෙනාම පස්සේ ගියත් හෝඩුවාවක් හොයන්න, දිලිනිගේ මේ මාමව අමතක වෙලා තිබුණේ... එහෙනම් දැන්ම ඉඳලා මම මෙයා පස්සේ ටිකක් ගිහින් බලන්න ඕනේ. මම හිතාගත්තා.
මම ගෙදර ඇවිත් ට්‍රැවල් ඒජන්සි එකට කෝල් එකක් ගත්තා. ටිකට් එක සතියකට කල් දාගත්තා. ඊට පස්සේ කැම්පස් එකට කතා කරලා මට අසනීප නිසා ලංකාවෙන් පිට වෙන්න බෑ කියලා කිව්වා. දැන් හරි... යනකොට මෙඩිකල් එකක් අරන් ගියානම් හරි.
මගේ පස්සෙන්ම ආපු සචියා හොල්මන් වෙලා.
“කාවා උඹ ගමන කල් දාලා මොනවද කරන්න හදන්නේ...?“
“මට පොඩි සැකයක් තියෙනවා දිලිනිගේ මාමා ගැන... පොර මට පෙන්නුවේ වෙනම පික්චර් එකක්... දැන් දිලිනිගේ ලියුමේ තියෙන විදිහට වෙනස්ම එකක්. ඒ කියන්නේ මේ වැඩේ පිටිපස්සේ මෑන් ඉන්නවා. මම කරන්න හදන්නේ මිනිහා පස්සේ ගිහින් කෙල්ල ඉන්න තැනක් දැනගන්න.“
“ඕක හරියන වැඩක් නෙවෙයි කාවා. කෙල්ලම කියලා තියෙනවනේ ටික කාලෙකට එයා ගැන හොයන්න එපා කියලා.“
“ඒක මට විශ්වාස නෑ. කාගේ හරි බල කිරීමට ලියුම ලිව්වද කව්ද දන්නේ. මම කෙල්ලව හොයන එක කාට හරි නවත්තන්න ඕනේ නම් ඒක තමයි කරන්න තියෙන හොඳම දේ.“
“මට තේරෙන්නේ නෑ කාවා. හැම දෙයක්ම පැටලිලා.“
මම පැණියට කෝල් එකක් ගත්තා. හොඳ වෙලාවට ඌ ගෙදර හිටියා. ඔත්තු බලනවා වගේ වැඩකට නියම මූ තමයි. ඕනෙම කොනකට රිංගලා විස්තර හොයා ගෙන එන එක ඌට අමාරු වැඩක් නෙවෙයි.
මම දුන්න විස්තරය ඌ කට පාඩම් කරගත්තා.
“නියමයි කාවා... උඹට ඕනේ මේ ටික අදම දැනගන්නද නැත්නම් පස්සෙද?“
“මේ දැන්ම.... පුළුවන් තරම් ඉක්මනට.“
“එල... මේං මං ගියා. අද හවස හය වෙනකොට මම විස්තරත් අරගෙන එරංග අයියගේ ප්ලේස් එකට එනවා. උඹත් වරෙන්.“
පැණියා මේ වගේ වැඩක් බාර ගත්තොත් හරියටම කරනවා කියලා මම දන්නවා. ඒ නිසා ඒක හවස හය වෙනකං හිතින් අයින් කරලා දාලා මම සචියත් එක්ක නුවර ආවා. මම කෙලින්ම ආවේ ක්වීන්ස් හොටෙල් එකේ පබ් එකට.
“කාවා... මොකටද බං මෙහේ ආවේ...?“
“වරෙන්කෝ... බියර් එකක් ගහමු....“
“මේ දවල්... ඇයි බං..?“
“බය වෙන්න එපා බං... මම පුරුදු වෙන්න බොනවා නෙවෙයි. ඇමරිකාවේ මිනිස්සු හවස වැඩ ඉවර වෙලා ගෙදර ආව ගමන් බොන්නේ බියර් එකක්. එහෙම කියලා උන් බේබද්දෝ නෙවෙයිනේ... අපිට වඩා දියුණුයිනේ බං...“
“හරි.... මං ඒක දන්නවා... ඒ වුනාට මං අහන්නේ කවදාවත් නැතුව ඇයි උඹ මාත් එක්ක විතරක් ආවේ.“
“ඉඳගනින්කෝ...“
මම බියර් දෙකක් අරගෙන එකක් සචියාට දුන්නා .... ඊට පස්සේ උගේ ළඟින් ඉදගත්තා.
“සචියා... උඹ තමා මගේ විශ්වාසවන්තම යාළුවා. අමිලයා මේ හැමදේටම හිටියා වුනත් ඌට කියන්නත් කළින් මම මේක උඹට කියන්න හිතුවා.“
“ඒ පාර මොකක්ද උඹ කරන්න හදන්නේ? මොනවද මගෙන් අහන්න හදන්නේ?“
“උඹෙන් මොනවත් අහන්නේ නෑ බං... මම කරනවා කියලා හිතාගත්ත දේ උඹට කියන්න ඕනේ....“
“ඒක මිසක්, නැත්තං උඹ කවදද වැඩක් කරනකොට අපෙන් අහ අහා හිටියේ.“
“ඔව් යකෝ.... මම ඔය එක එකාට ඕනේ විදිහට ජීවත් වෙන එකෙක් නෙවෙයිනේ බං... අඩුම ගානේ මම අම්මට ඕනේ විදිහටවත් ජීවත් වෙන්නේ නෑ.“
“හරි හරි..... කියපංකෝ....“
“මේකයි... මම ආපහු ඇමරිකාවට යන්න කළින් කොහොම හරි ආයෙත් දිලිනිව හොයා ගන්නවා... ඊට පස්සේ මම එයාව බඳිනවා... ඊටත් පස්සේ එයාවත් එක්කගෙන යනවා...“
“ඕක කියන්නද උඹ මාව මෙතනට එක්ක ආවේ? එහෙනම් කියපංකෝ කොහොමද උඹ දැන් ඔය කියපු දේවල් කරන්න යන්නේ කියලා.“
“පුළුවන්.... හැබැයි මේ සැරේ මට මේකට උඹලගේ උපරිම සපෝට් එක ඕනේ... දිලිනිගේ අම්මා, තාත්තා, ගිහාන්, මාමා, නැන්දා, ශලිනි, සහ දිලිනිත් එක්ක පොඩි හරි සම්බන්ධයක් තිබ්බ එකෙක් හරි අතාරින්නේ නැතුව ඒ හැම එකාම ගැන ඔත්තු බලන්න ඕනේ... වෙන එකක් තියා අපේ අම්මා, තාත්තා, විශේෂයෙන් ඩගී අංකල්, උගේ හෙන්චයියා රසල්, පස්සෙත් යන්න ඕනේ.... උදව් ගන්න පුළුවන් හැම එකාටම කියපං... මම අජාට ගියලා උගේ සෙට් එකත් බස්සන්නම්.... දවල් රෑ නොබලා ගේමට බැහැපං... සල්ලි මම දෙන්නම්... උඹ වැඩේ ලීඩ් කරන්න ඕනේ..“
“එතකොට උඹ..“
“මගේ වෙන ප්ලෑන් එකක් තියෙනවා. අනික ඔය වැඩේට මම බැස්සොත් ගොඩක් එවුන් සැක කරනවා.“
“දැන් කියපං මොකක්ද උඹේ ප්ලෑන් එක...“
“ඒක මම වෙලාවට කියන්නම්... දැන් මම කියපු දේ කරපං...“
“මචං කාවා... උඹ මගේ එක බඩවැල කඩාගෙන ආපු සහෝදරයෙක් වගේ නිසා කියන්නේ... මේක ඉංග්ලිෂ් මූවී එකක් නෙවෙයි. ඕවා ඇත්ත ජීවිතේ හරියන්නේ නෑ බං.“
“හරියනවා... උඹ මම කියන දේ කරපංකෝ....“
මම එහෙම කිව්වට පස්සේ සචිත්‍ර මට බැන බැන යන්න ගියා. මොනව කිව්වත් සචිත්‍ර වැඩේ කරන බව දන්න නිසා මම මිනිහට යන්න දීලා ගේ ඇතුලට ගියා.

6 comments:

  1. කතාව සුපිර.ඒත් වෙනදට වඩා ටිකයි වගේ දාලා තියෙන්නේ.

    ReplyDelete
  2. Patta machan.....ikmanta daapan..
    Ithuru tikath...

    ReplyDelete
  3. Kawadada bn ithuru kotas daannee???

    ReplyDelete