Recent Post

Monday, September 11, 2017

සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය ~ මේ ආදරයයි ~ 88



සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය


මේ ආදරයයි




88.

ඉරිදා දවස උදා වුනේ මගේ හිත නොසන්සුන් කරලා.

දවස් ගාණක් දිලිනිව දකින්න නැතුව මම හිටියේ අමාරුවෙන්. කෙල්ල ගියාට පස්සේ දවස් දෙකක් විතරයි කතා කළේ... වැඩ වැඩි නිසා වැඩි දෙයක් කතා කළෙත් නැහැ. ඒ නිසා අද දිලිනිව දකින්න මම නොඉවසිල්ලෙන් හිටියේ.

මම උදේම දිලිනිට කතා කලා. ඒත් එයා ෆෝන් එක ආන්සර් කළේ නෑ.

මේ කෙල්ලට මොනවද වෙලා තියෙන්නේ... අදත් මාව මග හරින්නද යන්නේ. අදනම් මම ගෙදර ගිහින් හරි කතා කරනවා.

මම තවත් පැය බාගයක් බලාගෙන හිටියා. ඒත් දිලිනි මට කෝල් කළේ නෑ.

මම කෙලින්ම බයික් එක අරගෙන දිලිනිගේ ගේ ළඟට ගියා. ගෙදර වහලා. මම කෝකටත් කියලා පොඩි තට්ටුවක් දැම්මා.

“කාව හම්බවෙන්නද මහත්තයා.“ වත්ත බලාගන්න මිනිහා මගෙන් ඇහුවා.

“මිස්ටර් විජේසුන්දර අද ඉන්නවද?“

“ගෙදර කව්රුත් නෑ. සර්රුයි මැඩමුයි වත්තට ගියා. සුදු නෝනා (දිලිනි) ජිම් එකට ගියා.“
“බොහොම ස්තුතියි...“ මම ආයෙත් ජීප් එකට නැංගා.

මේ කෙල්ලට පිස්සුද... මට අද එනවා කියලා දැන් ඒක අමතක කරලා ජිම් එකට ගිහින්...
මම කෙලින්ම ගියේ ජිම් එකට. වාහනේ පාක් එකේ දාලා මම ඇතුලට ගියා.

මාව දැක්ක ගමන් දිලිනි දුවගෙන ආවා.

“කාවින්ද.... ඔයා මොකද මෙහේ?“

“ඇයි.... ඔයා අද එනවා කිව්වා. මම උදේ කතා කරනකොට ෆොන් එක ගත්තේ නෑ... අමතක වුනාද මාව බලන්න එනවා කිව්ව එක.“

“මම එහෙම කිව්වද.. සොරි කාවින්ද පහුගිය දවස් වල වැඩ වැඩි නිසා හැම දේම පැටලිලා.“

“මම විශ්වාස නෑ සුදූ... කමක් නෑ.... දැන් යමු. මට ඔයා එක්ක කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා.“

“දැන්.....?“

“ඔව් ඇයි.....?“

“දැන් එන්න බෑ අනේ.... මම මේ ටික කරලා හවස එන්නම්.“

“බෑ බෑ.... මට ඔයා දැන් එන්න ඕනේ...“

“අනේ කාවින්ද... මුරණ්ඩු වෙන්න එපා...“

“ඔයානේ වැරැද්ද කළේ... මම කියපු දේ අමතක කරලා...“

““හරි ඉතින් මම වැරදි දෙයක් කළේ නෑනේ කාවින්ද... ජිම් එකට ආවා.. එච්චරයි.“

“ඒක වැරැද්දක් නෙවෙයි... ඒත් මාව අමතක කරපු එක වැරැද්දක්.“

“මම හිතල කළේ නැහැ... නිකංම අමතක වෙලා..“

“නිකංම අමතක වෙලා....... මේ මාව......... හිතාගන්නත් බෑ... ඔයාට නිකංම මාව අමතක වෙලා...?“

“එහෙම දෙයක් නෙවෙයි... මම කිව්වේ වැඩ නිසා මාව අවුල් වෙලා.... තාත්ති හැම දේම දැන් මටම බාර දෙනවා... එපා වෙනවා.“

“හරි... දැන් ඒව අමතක කරන්න... අපි දැන් යමු...“

දිලිනි ඒත් වැඩි කැමැත්තක් පෙන්නුවේ නෑ.

“ඔයා එන්නේ නැද්ද?“

“මගේ කාර් එක...?“

“ඒක ඔහොම තියල යමු... එනගමන් ඔයා ගන්න.“

“බෑ කාවින්ද, මට බෑ..... අපි දෙන්නා ටිකක් දවස් වැඩිය ලං වෙන්නේ නැතුව ඉමු.“

“මොකක්..... මොනවද ඔයා කියන්නේ... අපි ඇයි එහෙම කරන්නේ...? කාට බයේද?“

“කාටවත් බයේ නෙවෙයි කාවින්ද.... ඒ වුනාට...“

“මේ මේ.... පිස්සු නැතුව එන්න සුදූ...“

මම බලෙන්ම වගේ දිලිනිව වාහනේට දාගත්තා.

“සුදූ... මට දැනගන්න ඕනේ ඔයාගේ වෙනස.... ඔයා මට සාමාන්‍ය විදිහට කතා කරලා ඉන්න හැදුවට මට පේනවා වෙනසක්...“

“නෑ... මගේ කිසිම වෙනසක් නෑ...“

“ඒක බොරුවක්... ඔයා කරන්නේ බොරුවක් කියලා මට දැනෙනවා. ඇයි ඔයා ආයෙත් මගෙන් ඈත් වෙන්න හදන්නේ... දැන් දවස් කීයක් මාව මග ඇරියද?“

දිලිනි කිසිම දෙයක් කිව්වේ නැහැ. ඒත් එයාගේ ඇස්වල කඳුලු.

“මොකද මේ...?“

“කාවින්ද..... දෙමව්පියන්ගේ හිත් වලට දුක් දෙන දේවල් කරන්න එපා...“

“ඇයි මම මොකක්ද කළේ...?“

“ඔයා විශේෂයෙන් කරපු දෙයක් නෙවෙයි... ඒත් අපි දෙන්නගේ ආදරේ නිසා ඔයාගේ අම්මා හොඳටම දුක් වෙනවා.“

“අම්ම ඇයි දුක් වෙන්නේ... මම නරක කෙල්ලෙක් හොයා ගත්තේ නැහැනේ.“

“ඒ වුනාට කාවින්ද... අපි අමාරුවෙන් හරි අපි දෙන්නා ගැන තීරණයක් ගමු.“

“අපි තීරණයක් අරගෙන නේද තියෙන්නේ...? මොන ප්‍රශ්ණ ආවත් අපි වෙන් වෙන්නේ නෑ කියලා.“

“ඒක නෙවෙයි කාවින්ද... අපිට ඒක වෙනස් කරන්න වෙනවා.... අපි දෙන්නා එකතු වෙන එක පොසිබල් දෙයක් නෙවෙයි...“

“මොනවද ඔයා මේ කියවන විකාර. අපි දෙන්නා එකතු වෙන  එක දැනටමත් වෙලා ඉවරයි.... ඒක ආයේ ඉම්පොසිබල් කියන්න එපා.“

“අනේ ඔයාට තේරෙන්නේ නැද්ද...?ඔයාගේ අම්මා ගොඩක් දුක් වෙනවා ඔයා නිසා.“

“ඔයා බය නොවී ඉන්න... මම ටික කාලයකින් අම්මව කැමති කර ගන්නම්...“

“ඒක වෙන දෙයක් නෙවෙයි කාවින්ද... අම්මා දන්නවා මම ඔයාට වැඩිමල් කියලා.... අනිත් එක අපි දෙන්නා ගැලපෙන්නේ නෑ කියලා එයා විශ්වාස කරනවා.“

“දිලිනි මේ... විකාර කියවන්න එපා... මම ආදරේ ඔයාට විතරයි.. ඔයත් එහෙමයි කියලා මම දන්නවා. ඒ නිසා අපි අපිටම බොරු කරගන්නේ නැතුව ඉමු.“

“මට දැන් එහෙම කරන්න බෑ.. මම පොරොන්දු වුනා ඔයාගේ අම්මට...“

“පොරොන්දු වුනා... මොනවද, කවදද?“

“ඔයාගේ අම්මයි තාත්තයි මෙහේ ආවා. ඔයත් දන්නවනේ... ඒ දෙන්නා කිසිම වෙලාවට මට බැන්නේ නැහැ. ඒත් මට බැගෑපත් වුනා මේක නතර කරන්න කියලා. ඔයාගේ අම්මා අඬ අඬ මට වැඳලා කිව්වා මේක නතර කරන්න කියලා. අම්මා කෙනෙක් එහෙම අඬනවා බලාගෙන ඉන්න මට බෑ කාවින්ද...“

“ඉතින්....“

“මට බලාගෙන ඉන්න බැරිවුනා කාවින්ද... මම ඔයාගේ අම්මට පොරොන්දු වුනා අපි දෙන්නගේ සම්බන්දේ නවත්තන්න. මම කවදාවත් ආයෙත් ඔයාව හම්බවෙන්නේ නෑ කියලා මම පොරොන්දු වුනා.“

“පිස්සද ඔයාට. අපි දෙන්නා යාළුවුනේ දෙන්නගෙම කැමැත්තෙන්‍... ඔයා කොහොමද එහෙම තනි තීරණයක් ගන්නේ....?“

“අනේ... තේරුම් ගන්න...... මට බෑ ඔයාගේ අම්මගේ හිත රිදවලා ඔයාව මගේ කරගන්න. අම්මා මගේ ලඟ අර විදිහට අඬද්දි මට වෙන කරන්න දෙයක් තිබුණේ නෑ කාවින්ද... මට දැන් ඒ පොරොන්දුව කඩන්න බෑ....“

එහෙනම් මේකයි එදා වෙලා තියෙන්නේ. ඒ නිසා තමයි කිසිම කෙනෙක් මට මොනවත් කිව්වේ නැත්තේ. අම්මයි තාත්තයි දන්නවා මට කියලා මේක නවත්තන්න බෑ කියලා. ඒ නිසා ෂේප් එකේ දිලිනිව හම්බවෙලා එයාව කැමති කරවගෙන....
“කාවින්ද.. අඩු ගාණේ ටික දවසක්වත් අපි හම්බවෙන්නේ නැතුව ඉමු. පොරොන්දුවක් කඩලා මට නරක කෙල්ලෙක් වෙන්න බෑ.. ප්ලීස් මාව දැන් ගිහින් දාන්න.“
“ඔයාට මාව නැතුව ඉන්න පුළුවන්ද... තව කෙනෙකුට ආදරේ කරලා කසාද බඳින්න පුළුවන්ද?“
“බෑ කාවින්ද... කවදාවත් බෑ... මට කිසිම දවසක වෙන කෙනෙකුට ආදරේ කරන්න බෑ... මම ආදරේ කළේ ඔයාට විතරයි... ඉස්සරහටයි ඔයාට විතරයි.... ඒත් අපිට වෙන් වෙන්න වෙනවා... මුළු ලෝකෙම අපිට විරුද්ධ වෙනකොට අපිට පුළුවන් වෙයිද ඒ හැමදේටම විරුද්ධව ගිහිල්ලා ජීවිතේ දිනන්න... ඒක කරන්න බෑ කාවින්ද...“
“මට තේරෙන්නේ නෑ ඔයාගේ ඔය කතාව. ඔයා එක සැරයකුත් තලවකැලේ ඉන්නකොට ඔය කතාව කිව්වා. කවදාවත් මාව දාල යන්නේ නෑ කියලා පොරොන්දු වෙලා දවස් දෙක තුනකදි කිව්වා අපිට මේක කරන්න බෑ කියලා. ඊට පස්සේ ආයෙත් කිව්වා අපි මොනවා වුනත් එකට ඉමු කියලා... දැන් ආයෙත් කියනවා අපිට එකතු වෙන්න බෑ කියලා. ඔයා ඇයි සැරෙන් සැරේ ඔයාගේ හිතේ තියෙන දේ වෙනස් කරන්නේ...? ඔයාට මාව විශ්වාස නැද්ද....?“
“නෑ බබා.... මට ඔයා නැතිවෙනවා කියන්නේ මුළු ලෝකෙම නැති වුනා වගේ... ඒත් මම ඒක දරාගන්නම් ඔයාගේ අම්මා වෙනුවෙන්.... අපි ලෝකේ වෙනස් කරන්න හදන්නේ නැතුව ලෝකෙට ඕනේ විදිහට වෙනස් වෙමු.“
ඇත්තටම දිලිනි කරපු දේ ගැන මට තරහ ආවා. ඒ නිසා මම මොනවත් නොකියා වාහනේට නැගලා ස්ටාර්ට් කරගත්තා.
“යමු...“
“අනේ කාවින්ද මට සමාවෙන්න..... දෙමව්පියන්ට දුක් දෙන්න එපා. මගේ අම්මා තාත්තා වගේ නෙවෙයි ඔයාගේ දෙමව්පියෝ පුදුම දුකක් විඳලා තමයි ඔයාවයි මල්ලිවයි හදලා තියෙන්නේ.. එහෙම කෙනෙකුට ද්‍රෝහි වෙන්න මට බෑ...“
මම කතාවක් නැතුව කෙලින්ම ඇවිල්ලා දිලිනිව ජිම් එක ළඟින් දැම්මා.
“ඔයාට යන්න පුළුවන්ද..?“
“පුළුවන් කාවින්ද...“
“එහෙනම් ඔයා තීරණය කරලා ඉවරයි.... කමක් නෑ.... ඔයාගේ කැමැත්තක්....“
මට තිබුණේ තරහක් විතරක් නෙවෙයි, දුකක්, හිතාගන්න බැරි හැඟීමක සහ අවුල් වුන බවක්... අම්මා එදා දවසෙන් පස්සේ හැම වෙලාවකම මං ගැන හොයලා බලනවා වෙනදට වඩා. මම යන එන තැන් අහනවා... ගෙදර එන වෙලාව අහනවා. මේ හැම දෙයක්ම බලාගෙන යනකොට ප්ලෑන් එකක්. ඒ කියන්නේ අන්තිමට දිනිගේ සැලැස්ම වැඩ කළා.
මට ගෙදර යන්න හිතක් තිබුණේ නෑ... කොහෙද යන්නේ කියලා කල්පනා කරද්දි එක පාරටම ඔළුවට ආවේ හෂිනි අක්කා. හැමදාමත් මොන තත්වයක් යටතේ වුනත් මට උදව් කළේ එයා විතරයි. ජීප් එකේ ඇඳම් දෙකක් තිබුණ නිසා මම කෙලින්ම හෂිනි අක්කා ඉන්න තලවකැලේ යන්න පිටත් වුනා. මම කිසිම කෙනෙකුට මම යනවා කියලා කිව්වේ නෑ.
හැමෝටම මට මෙහෙම කරන්න පුළුවන් නම් මම මොකටද ඒ මිනිස්සු ගැන හොයන්නේ... එහෙම හිතලා මම ෆෝන් එක ඔෆ් කරලා දැම්මා.
මාව දැකපු ගමන් හෂීනි අක්කා දුවගෙන ආවා....
“අප්පේ මතක් වෙලා තියෙන්නේ එහෙනම්..... කෝ කෙල්ල....?“
මම හිනා වෙලා අක්කට හග් එකක් දුන්නා.
“යමු ඇතුලට, අද වැස්සත් එක්ක මාර සීතලයි මල්ලි....“
“අරුණ අයියා කෝ....?“
“එයා ගියා අම්මව බලලා එන්න... දවස් දෙක තුනක් එන එකක් නෑ. අම්මට අසනීප වෙලා...“
“ඉතින් තමුසේ ගියේ නැත්තේ මොකෝ... නැන්දම්මයි ලේලියි වලිද?“
“වලියක් නම් නෑ.... ඒත් මම ආස නෑ වැඩිය මුව් වෙන්න.. පොඩ්ඩ බැරිවෙන්න බෑ මොනව හරි කියනවා. ඒ නිසා පවුල් ප්‍රශ්ණ ඇති කර නොගෙන මම පුළුවන් තරම් ඈත් වෙලා ඉන්නවා.“
“ඒ වුනාට අයියට අවුල් ඇතිනේ...?“
“අපෝ නෑ.. එයාම තමා කියලා තියෙන්නේ මට එන්න එපා කියලා. ඒක නෙවෙයි, කෝ දිලිනි... කෙල්ලත් එක්කගෙනම එන්න තිබ්බේ...“
මම කතා නැතුව ඉන්නවා දැකලා අක්කා මගේ අතින් අල්ලගෙන වාඩි වුනා.
“මොකද ඒ පාර... ආයෙත් අවුලක්ද?“
“හ්ම්....“
“මොකද දැන්...“
“අපේ අම්මා දිලිනිව හම්බවෙලා අඬලා අඬලා එයාව පොරොන්දු කරගෙන මාත් එක්ක තියෙන සම්බන්දේ නවත්තනවා කියලා.“
“නෑ.. කෙල්ල කැමති වෙලාද?“
“ඔව් අක්කේ... අම්මා අඬනකොට බලාගෙන ඉන්න බැරිලු..... අම්මගේ හිත රිදවලා මොනවා කළත් වැඩක් නෑලු. තව බයිලා ගොඩක් කියනවා....“
“මම එදත් දැක්කා මල්ලි... ඔය කෙල්ල එක තීරණයක ඉන්න කෙනෙක් නෙවෙයි..... එයාගේ හිත සැරෙන් සැරේ වෙනස් වෙනවා....“
“ඒ වුනාට අක්කේ අපි දෙන්නා කොච්චර ලං වුනාද මේ ටික දවසට... මම ඔයාට කිව්වනේ සිංගප්පූරුවේ වුන දේවල්... ඊට පස්සේ ලංකාවට ඇවිල්ලා අපි හිටපු විදිහ... එහෙම ඉඳපු කෙල්ල මොකද මේ වෙනස් වෙලා. මට හිතා ගන්න බෑ.... අම්මා කියපු දේ විතරක්ද කියලා සැකයි.“
“මොකක් හරි... කොහොම හරි උඹ දැන් කෙල්ල එක්ක තරහ වෙලාද ආවේ...“
“මොකෙක් එක්කවත් තරහ වුනේ නෑ.. ඒත් මට ගෙදරත් එපා වුනා, දිලිනිගේ වැඩත් එපා වුනා, කොටින්ම දිනිත් එපා වුනා...“
“දැන් මොකද කරන්නේ...?“
“දන්නෑ අක්කේ... මම ෆෝන් එකත් ඔෆ් කරලා මෙහේ ආවේ සතියක් දෙකක් ඉන්න.... කාටවත් මාව හොයාගන්න බැරි වෙන්න.“
“සතියක් නෙවෙයි, ජීවිත කාලෙම හිටියත් ප්‍රශ්ණයක් නෑ.... ඒත් ගෙදරට කියලා ඉන්න. ඒ මිනිස්සු බය කරන්න එපා. අනික දිලිනිටත් මැසේජ් එකක්වත් දාන්න.. මොනවා වුනත් කෙල්ල උඹට පණ වගේ ආදරෙයි...“
මම ආයෙත් කවදා ගෙදර යනවද කියන එක නොදැන මම තලවකැලේ නැවතුනා.

15 comments:

  1. බයික් එකේ දිලිනිගේ ගෙදර ගිහින්, එතැනදී ජීප් එකට නැග්ගේ ඇයි අප්පා..?


    හ්ම්ම් හ්ම්ම්.. අපිටත් ඔහොම පැනලා යන්න තැනක් ලැබෙනවා නම්.... නේද?

    ReplyDelete
    Replies
    1. දිලිනිගෙ ගේ ගාව තමයි ජීප් එක තිබුනෙ....හා.....හරි වැඩක්නෙ මේක...... කැමති එකක නගින්ඩ නෑ....

      Delete
    2. පොඩි මිස්ටේක් එකක් වෙලා එතන... අවුලක් නෑ.. ජීප් හරි බයික් හරි කාර් හරි මොකක හරි ගියානේ...

      Delete
    3. මෙතනින් පස්සේ මොනව වෙන්න ඇද්ද කිව්වොත් තෑග්ගක් දෙනවා.

      Delete
    4. දිලිනි වැනිෂ් වෙනවා?
      ආයෙමත් මතු වෙනවා...

      දිනි කැපිලම යනවා
      අම්මලට වැඩේ තේරිලා අත ඇරලා දානවා?

      Delete
    5. ම්... මුල ටික නම් ටිකක් හරි.... ඒත් වැඩේ වුනේ නියම ඩ්‍රාමා එකක් වගේ... දිලිනි නම් අන්තිම වෙනකම්ම ගේම අතෑරියේ නෑ...
      ඌප්ස්... කිව්වා වැඩිද මන්දා..

      Delete
    6. දිලිනි ප්‍රේඩික්ටබල් !

      කාවා තනිකර අවිස්වාසබල්!
      මේක ඩ්‍රාම බව 'මම දැනගතිමි - මම සැක කලෙමි '

      මේ වගේ කතාවක් අහලා තියෙන අත්දැකිමේන්මයි කියන්නේ. මේවා සියල්ලම හින්දි චිත්තරපටි වගේ මිසක්!!

      Delete
    7. ඕක ටිකක් හින්දි ෆිල්ම වගේ තමයි... ඒත් එහෙම දේවලුත් මේ ලෝකේ වෙනවා. විශේෂයෙන් දැන් වගේ නැති ඒ කාලේ.. සිරාවට ලව් කරපු ඒ කාලේ, මේ වගේ දේවල් වුනා.

      Delete
    8. හලෝ මේ.... නුවර ගෑනු ළමයි පන උනත් දෙනවා හරිද ආදරේ වෙනුවෙන්... එදත් එහෙමයි, අදත් එහෙමයි!!! අනන් මනං කියල අහුවෙන්න එපා හරී??

      Delete
    9. අනේ හැබෑට පව් නුවර කෙල්ලො...ඔක්කොම මැරිල ඇති දැන් පන දීලම...

      Delete
    10. තඩියා මේ.... චීස් බර්ගර් අතුරුදහන් කරවනවා හරිද? ආව මෙතැන !!!

      Delete
  2. එල එල ... තලවකැලේ ගියාට අවුලක් නෑ අයිය ඉන්න දවස් වලට.....හැක් හැක් හැක්

    ReplyDelete
    Replies
    1. නෝටි කතා කියන්න එපා... කාවා ඒ වගේ කැත වැඩ කරන්නේ නෑ...

      Delete
    2. ඒ වුනාට එහෙම කැත වැඩ ටිකකුත් යන්ඩ ඔනා......එතකොට නැගල යනව

      Delete
  3. බලමු නැවතුනයින් පස්සෙ මොකෝ වෙන්නෙ කියලා

    ReplyDelete