Saturday, September 04, 2010

ප්‍රථම ආදරය ~ (16)

 love-vectors “දැන් උඹ කොහොමද දන්නේ කෙල්ල ඉන්න තැන.”

“මම දන්නවා සීන් එක. මේ වගේ වෙලාවල් වල බාල්දි පෙරලන්න දිනි ගේ අම්මට උදව් වෙන්න ඉන්නේ එකම එක්කෙනයි. ඒ තමා එවර්ලාස්ටින් දිනි ගේ ලොකු අම්මා. මතකද එක සැරයක් අපි දෙන්නටත් ඇනයක් වුනා.”

“ඇත්තනේ යකෝ සීන් එක. දැන් නම් මටත් ෂුවර් කෙල්ල ඉන්නවා කියලා. එත් කාවා අපි කොහොමද කතා කරන්නේ. ෆුල් සෙකියුරිටි දාලා ඇති නිකං PSD එකෙන් වගේ.”

“බලමුකෝ ඒකටත් ප්ලෑනක් ඔළුවට එයි.”

“කොයි වෙලාවටද උඹේ ඔළුවට ඔය අයිඩියා එන්නේ.”

“ඒකටනම් සිගරට් දෙක තුනක් ගහන්න වෙයි. වරෙන්කෝ වෝම් අප් වෙන්නත් එක්ක අපිට සිගරට් විකුණන කඩයක් හොයාගන්න, මේ ආන්ඩුව ඉස්කෝලෙ කොල්ලන්ගේ සිගරට් බීමේ මානව අයිතිවාසිකමුත් කඩනවා නේ.”…..

Wednesday, September 01, 2010

ලංකාවේ මෙලෝ රහක් නැති ‍ෙඔෂධ ප්‍රතිපත්ති!

prescription drugs and bottles සෞඛ්‍ය අමාත්‍යාංශයට රටේ කරන්නට කප්පරක් වැඩ තිබෙද්දී විශේෂයෙන්ම ඩෙංගු වැනි වසංගත වලින් සිය ගණනක් මිය යද්දී මෙරට සෞඛ්‍ය අමාත්‍යාංශය හදිසියේම වෛද්‍යවරුන්ගේ නිර්දේශිත වට්ටෝරුවක් නොමැතිව ‍‍බෙහෙත් නිකුත් නොකරන ලෙස ඔසුසල් වලට නීති පනවා තිබේ.
මෙය සත්‍ය වශයෙන්ම විය යුතු දෙයකි. ලෝකයේ බොහෝ රටවල මෙවැනි නීති තිබේ. නමුත් එය මහජනයාට හිරිහැරයක් නොවිය යුතුය.