Tuesday, May 25, 2010

~ ප්‍රථම ආදරය ~

පලමු ලිපියම ලස්සන දේකින් පටන් ගන්න ඕනෙ නිසා හිතුවා ආදරය ගැන ලියන්න!

හැදින්වීම :

මේ කියන්න ‍යන්නෙ මගේ ප්‍රථම ආ‍දරය පටන් ගත්ත විදිහ ගැන. ඇත්තටම කියනවනම් මෙහෙම ලියල ඉවර කරන්න බැරි තරම් රසබර සිද්ධි ඇති වුනා. ඒත් පුලුවන් විදිහට කොටස් වශයෙන් කියන්න බලන්නම්.

මම පාසැල් යන කාලේ, සාමාන්‍ය පෙළ කරන කා‍ලෙ වුනත් ගැහැණු ළමයි ගැන ලොකු උනන්දුවක් තිබුනේ නැහැ. හේතුව වුනේ මම බොහෝ දුරට පාසැල් ක්‍රීඩා කණ්ඩායම් වලට ඇතුලත් වීමත්, ඒ සදහා පුහුණුවීම් නිසා ආදරය ගැන හිතන්න වෙලාවක් නැති වීමත් කියන දේවල්. පාසැලේ මලල ක්‍රීඩා කණ්ඩායමේ නායකයා, නිවාසයේ ක්‍රීඩා නායකයා, රග්බි කණ්ඩායමේ සහ ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය සාමාජිකයෙක් වීම නිසා අධ්‍යාපන කටයුතු පවා බොහොම අමාරුවෙන් තමයි කරගෙන ගියේ. ඉතින් ආදරය කරන්න කොහෙද වෙලාවක්.

ඒත් උසස් පෙළ පංතියට ඇතුලත් වුනේ ජීව විද්‍යා අංශයෙන් නිසා, සියලුම ක්‍රීඩා නොකර එකක් විතරක් තෝරගන්න ඉහලින් නියෝගයක් ආවා. ඉතින් මම මලල ක්‍රීඩා තෝර ගත්තා. මොකද මේකෙදි පුහුණුවීම් කරන්න වෙන්නේ තමන්ට පුලුවන් වේලාවක් තෝරගෙන නිසා පාඩම් වැඩ කරගෙන යන්න ඉඩ හදා ගැනීමේ හැකියාව.

ඔන්න ඔතනදි තමයි මට පුලුවන් වුනේ ආදරය ගැන හිතන්න වෙලාවක් වෙන් කර ගන්නත්. 

මගේ කණ්ඩායමේ හිටපු අයගෙන් බාගයකටම විතර මේ වෙනකොට ආදර සම්බන්ධතා තිබුනා. මටනම් පෙනුනේ මේව මහා කරදරකාරී වැඩ විදිහට. මොකද පුලුවන් හැම වෙලාවෙම බෙල්ල කඩාගෙන හරි මුනගැහිලා කතා කරන්න දුවනවා. පාසැලේ ක්‍රීඩා තරග වගේ ‍දේවල් තිබුනොත් ඊට වඩා ප්‍රමුඛත්වය දෙන්නේ ගැහැණු ළමයා හම්බවෙලා එන්න. මම මලල ක්‍රීඩා නායකයා විදිහට තරගාවලියක් පැවැත්වෙද්දි මේ විදිහේ එවුන් හොයලම ඇති වෙලා තිබුණේ.

ඉතින් කොහොම වුනත් මගේ යාළුවෝ දෙන්නෙක් මට පොඩි යෝජනාවක් දැම්මා, ගැහැණු ළමයෙක් ගැන.
එයාත් මලල ක්‍රීඩා වලට සම්බන්ධ වෙන කෙනෙක්. ප්‍රදේශයේ උසස් පාසැලක ඉගෙන ගන්නේ කියලත් දැන ගන්න ලැබුනා. ඒ ළමය දවසක් මගේ යාළුවාගෙන් මං ගැන අහල තිබුනා. ඉතින් ඒ අතීසාර මිත්‍රයත් හොයන්නේ බලන්නේ නැතුව පරම්පරාවෙ විස්තර ඉදලා දිග හැරලා.

අපි මෙතන ඉදලා මගේ අතිජාත මිත්‍රයගේ නම සචිත්‍ර කියමු.

අවස්ථාව: දිස්ත්‍රික් මලල ක්‍රීඩා තරගයක පලමුවන දවස

සචිත්‍ර: 'මචං, අර කෑල්ල අද මගෙන් උඹ ගැන ඇහුවනේ.'

මම: 'මොන කෑල්ලද බං'

'අර ......... කොලෙජ් එකේ, 200 මීටර්ස් කරන්නේ. 

'ඉතිං.'

'අනේ යකෝ, ඉතිං කියන්නේ නැතුව ටිකක් ඒකිගෙ මූණ බලල හිනා වෙයං, ෂුවර් බඩු, උඹට දාගන්න පුළුවන්.'

'මේ විකාර නැතුව හිටපං, මං දන්නේ නැද්ද හැටි, ඕව වාත කේස් බං'

මගේ මිත්‍රයා අතිජාත/අතීසාර වූ නිසාම මට කෑල්ලක් සෙට් කරලා දෙනතුරුම ඌට නින්ද යන්නේ නැත.

'මචං, කෙල්ල මගෙන් උඹ ගැන ඇහුවා මමත් කියල දැම්මා.'

'මොන හු..... උඹ ජාතකේ ඔක්කොම කියල දැම්මද?, අනේ ගොනෝ තොට වෙන වැඩක් ඇත්තෙම නැද්ද'

'මචං තරහ වෙන්න එපා, කෙල්ල පවු බං, උඹ ගැන මැරෙන්න හදනවා, ඒකයි මං කිව්වේ උඹට දැනට කවුරුවත් නැහැ කියලා'

මට මේ අවස්ථාවේ මල් දහසක් පනී! යාළුවා නිසා මූට මොනවා කරන්නද, තරහ වෙලත් බැහැ මුගෙන් වෙන වැඩ තියෙනවා කරගන්න.

අන්තිමට දවස අවසාන වන විට මගේ අතීසාර මිත්‍රයා ජය ගනී. 

මම: 'හරි හරි, පෙන්නපන්කෝ කෙල්ලව'

සචිත්‍ර මාව පිට්ටනියේ එක පැත්තකට එක්කගෙන ගියා.

එයා ඇත්තටම මාව බලාපොරොත්තුවෙන් එහි රැදී සිටියා.

මම කිසිම වෙලාවක බලාපොරොත්තු වුනේ නැහැ මේ විදිහේ දෙයක්.

ඔන්න දැන්නම් මාත් ටිකක් අපහසුවට පත්වුනා වගේ.

මම ඇසිපිය නොහෙලා එයා දිහා බලා සිටියා. (ලස්සන් නෙවෙයි, නිකං බලා ගෙන හිටියා)

සචිත්‍ර මට පිටිපස්සේ ඉදලා ඇගිල්ලෙන් අනිනවා

මම හෙමිහිට පිටිපස්සට හැරුණා. 

'මොකක්ද යකෝ කරන්නේ.'

'ගොනෝ, ලගට ගිහින් කතා කරපං'

'මොනවද'

'ඕනෙ මගුලක් අහපං'

'හ්ම්'

මේච්චර මේ ඉවෙන්ට්ස් වලින් දිනලා, අනිත් එවුන් පරද්දලා ඉන්න මට මේව වැඩද, මමත් ගියා ඉස්සරහට

'Hello, How you doing'

මමත් කඩ්ඩෙන්ම ඇරලා දැම්මා. මොකද මේ ඉස්කෝලෙ අය කතා කරන්නෙම කඩ්ඩෙන් කියලා මම අහල තිබුනා.

සචිත්‍රයා කට වහගෙන හිනා වෙනවා. ඌ දන්නවා කතාව දුරදිග ගියොත් මම හිරවෙනවා කියලා.

කරුමේ කියන්නේ එයා කතා නැහැ.

මට මාර අප්සෙට් එක.

'So are you leaving for today. did you finish your event'

මම දන්න තව වචන ටිකක් ඇදබෑවා.

'Yeah, i just waited for few of my friends here, do i know you'

කාල වරෙං, මූ මට කියලා තියෙන්නේ බොරුනේ මේ කෙල්ල මං එනකං බලාගෙන හිටියා කියලා.

'Ah, I guessed it. Soooo, bye then, we're in a hurry'

මම ෂේප් වුනා.

පිටිපස්ස බලනකොට සච්ත්‍රයා ඌ නෙවෙයි වගේ අහක බලාගෙන

'හිටපං තොට මං කරන වැඩේ බලන්න, ඇයි බූරුවෝ බොරු කිව්වේ. බලපං නෝන්ඩි වුන තරම.'

'අඩේ සොරි මචං, මේ කෙල්ල මටත් කියලා තියෙන්නේ බොරුනේ උඹව හම්බවෙන්න ඔනේ කියලා'.

'දැන් ඉතිං මොනව කරන්නද, යමං පැලස් එක පැත්තේ ෆැග් එකක් ගහල ගෙදර යමං'

මගේ ආදර කතාවෙ පළමුවෙනි දවස ගෙවුනේ ඔන්න ඔහොමයි!

Saturday, May 22, 2010

Welcome! සාදරයෙන් පිළිගනිමි!

Hi and welcome to my new blog “KoolTempo”

Yes, You are correct, i’m gonna use this to publish some cool stuff rather than using rude and hilarious means.

I hope you’ll read them and leave some Kool comments as well!

Thanks.

මාගේ නවතම බ්ලොග් අවකාශය කූල් ටෙම්පො නමින් අද සිට ඔබ සැමට කියවීම පිණිස එකතු වේ.

ස්තුතියි!